ජනප්‍රිය රංගන ශිල්පී තුමිඳු දොඩම්තැන්න සමාජ මාධ්‍ය පිළිබඳව දරන්නේ මේ වගේ අදහසක්. “සෝෂල් මීඩියා අද වෙද්දී ජනතාවගේ මාධ්‍යයක් බවට පත්වෙලා තියෙනවා. මාධ්‍ය කියන දෙයට ජනතාවට බලයක් ලැබෙන දෙයක් බවට පත්වීම හොඳයි. ඒකෙන් පෞද්ගලික මාධ්‍යයක හෝ යම් මාධ්‍යයක ඒකාධිකාරීත්වයක් හෝ ජනතාවට තොරතුරැ සැපයීමේ මාධ්‍ය වාරණවලට එක්තරා විදිහක වැටක් බැඳෙනවා. යම් යම් පෞද්ගලික ආයතන තමන්ගේ න්‍යාය පත්‍රයට අනුව මාධ්‍ය හසුරවද්දී ඒවා ඉක්මවා යන තොරතුරැ සන්නිවේදනය වීමේ ක්‍රමවේදයක් සෝෂල් මීඩියා හරහා සිද්ධ වෙනවා.
“නමුත් මෙහි තිබෙන විශාල අනතුර තමයි ඒ අතරතුරේදී වැරදි තොරතුරැ විකෘති කරන ලද අදහස් සමාජගත වෙනවා. කලාකරැවන් විදිහට එක් පැත්තකින් කලා නිර්මාණ පිළිබඳව වේගවත්ව ජනතාවගේ ප්‍රතිචාර ලැබීම ඉතා හොඳයි. අපේ නිර්මාණ පිළිබඳව හොඳ නරක මේ සෝෂල් මීඩියා හරහා අපිට දැනගන්න පුළුවන්. ඒවා නිර්මාණවේදීන්ට ඊළඟ තමන්ගේ නිර්මාණයන්ට විශාල උදව්වක් වෙනවා.”
“ඒ වගේම කලාකරුවන්ට අපහාස කරන, කලාකරැවන්ගේ පෞද්ගලික ජීවිත පවා විකෘති කරන අඩු මානසිකත්වයක් සහිත විවිධ මානසික රෝග සහිත මිනිස්සුන් ද මේ සෝෂල් මීඩියා හරහා විවිධ දේ ප්‍රචාරය කරනවා. මේ මාධ්‍යයේ හොඳ නරක දෙකම තියෙනවා. ඒත් බුද්ධිමත්ව, කල්පනාකාරීව පරිහරණය කළොත් සෝෂල් මීඩියා හරහා සමාජ දායකත්වයක් ලබාදෙන්න පුළුවන් වේවි.”