සුපිරි බොලිවුඩ් නිළි ශ්රී දේවිගේ සිරුරේ ලේවල මත්පැන් මිශ්රව තිබූ බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවී ඇත. මේ බව ඩුබායි පොලිසිය අනාවරණය කළේය.
ඩුබායි පොලිසිය තවදුරටත් පැවසුවේ ඇය නාන බේසමට වැටී සිහි විසඥව දියේ ගිලී මියගිය බවයි. මේ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් අරඹා ඇති බව ද ඩුබායි පොලිසිය කියා සිටියේය. ශ්රී දේවිගේ දියණිය මුම්බායි වෙත ගෙන ගිය ඇගේ පියා වූ බොනි කපුර් ආපසු ඩුබායි හෝටලයට පැමිණ ඇත.
එසේම ඩුබායි ආරංචි මාර්ග පැවසුවේ ශ්රී දේවි සිහිවිසඥව හෝටලයේ සිටින බව හෝටල් කාර්ය මණ්ඩලය සොයාගත් බවයි.