News

මංගල තෑග්ගට බෝම්බයක් දීලා

ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටා ඇති ඔරිස්සා ප්‍රාන්තයේ අලුත යුග දිවියට පත් යුවලකට ලැබුණු තෑගි පරීක්ෂා කිරීමට යාමේදී එක තෑගි පාර්සලයක් පුපුරා ගොස් මනාලයා සහ ඔහුගේ 85 හැවිරිදි මිත්තනිය මරුමුවට පත්වී අලුත ගෙනා මනාලිය බරපතල තුවාල ලැබීමේ පුවතක් වාර්තා වේ.

ඉකුත් පෙබරවාරි 18 වැනි දා විවාහයට පත්වී ඇති මෙම නව යුවල මදුසමය ගත කිරීමෙන් පසු දින කිහිපයක් නිවසින් පිටත ගතකර නිවසට පැමිණ තිබේ.

පසුව සිය මනමාලිය සහ මිත්තනියද සමඟ විවාහ දිනයේ ලැබුණු තෑගි විවෘත කර බලමින් සිටින අතරතුර එක පාර්සලයක් විවෘත කරනවාත් සමගම  එම පාර්සලය පුපුරා ගොස් ඇත.

පසුව කරන ලද සොයා බැලීමකදී එම  පාර්සලය දුන් තැනැත්තාගේ නමක් සදහන් කර නොමැතිව ලබා දී ඇති ත්‍යාගයක් බව පොලිසිය මේවන විට අනාවරණය කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

සෞම්‍යා සෙකාර් සහ රීමා සාහු ගේ විවාහ මංගල්‍යය මෙසේ අවසන් කිරීමට උත්සාහ කළ තැනැත්තා සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව එම වාර්තාවේ වැඩිදුරටත්  සදහන් වේ.

උපුටා ගැනීම ලංකාදීප

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top