ලෝක ක්‍රිකට් පිටිය වර්ණවත් කළ තවත් සුපිරි ක්‍රීඩකයෙකු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට සැරසෙයි.
ඒ දකුණු අප්‍රිකානු වේගපන්දු යවන ක්‍රීඩක මෝනෙ මෝකල්ය.ඔහු සිය හදිසි සමුගැනීම අද ප්‍රකාශයට පත් කළේය.
සිය පවුල සමග සාකච්ඡා කොට මෙම තීරණය ගත් බවත් ඉදිරියේදී සිය ජීවිතයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරන බවත් ඔහු කීවේය.
ඒ අනුව එළැඹෙන ඕස්ට්‍රේලියා – දකුණු අප්‍රිකා තරඟාවලිය මෝකල්ගේ අවසාන තරඟාවලිය වනු ඇතිය.
දකුණු අප්‍රිකාවෙන් බිහිවූ සුපිරි වේග පන්දු යවන්නෙකු ලෙස සැලකෙන මෝකල් මේ වන විට 33 වියේ පසුවෙයි.
මේ වන විට ටෙස්ට් තරඟ 83ක් ක්‍රීඩා කර ඇති මෝකල් එහිදී දවාගෙන ඇති කඩුලු සංඛාව 294කි.ඔහු බිඳහෙලා ඇති එක්දින කඩුලු ගණන 188කි.
කෙසේ වෙතත් ලෝක කුසලානයට වසරක් තිබියදී මෝකල්ගේ මෙම සමුගැන්ම ඇතැම් ක්‍රිකට් ලෝලීන්ගේ මෙන්ම විචාරකයන්ගේද විමතියට හේතුවී තිබේ.