News

ශ්‍රි දේවි මිය ගොස් ඇත්තේ දියේ ගිලීමෙන්

බොලිවුඩයේ නිළි රැජින ලෙසින් හඳුන්වන ‘ශ්‍රී දේවි’ මියගියේ අහම්බයෙන් ගිලීයෑමෙන් යැයි ඩුබායි පුවත්පත් ඊයේ (25) වාර්තා කළේය.

ශ්‍රී දේවි හදිසියේ හදිසියේ අභාවප්‍රාප්ත වූයේ සෙනසුරාදා (24) රාත්‍රියේදීය. ඇය අභාවප්‍රාප්ත වූයේ හෘදයාබාධයකින් යැයි මුලින් වාර්තා වූවත් ඇය මියගොස් ඇත්තේ අහම්බයකින් දිය ගිලීයෑමෙන් යැයි මරණ පරීක්ෂණ වාර්තාව උපුටා දක්වමින් එම පුවත් සේවා වාර්තා කර තිබිණි.

ශ්‍රී දේවි සිහිසුන්ව වැටී සිටිද්දී සැමියා බොනී කපූර්ට හමුවී ඇත්තේ නාන කාමරේ යැයි මුලින් වාර්තා විය. පවුලේ විවාහ උත්සහයක් සඳහා සැමියා වන බොනී කපූර් සහ එක් දියණියක වන කුෂී සමඟ ශ්‍රී දේවි ඩුබායි වෙත ගොස් සිටියාය.

ශ්‍රීදේවිගේ මරණ පරීක්ෂණය අද (25) උදෑසන කළ අතර එහි වාර්තාව පොලිසියට, පවුලට සහ ඩුබායිහි ඉන්දීය කොන්සියුලර් කාර්යාලය වෙත ලබා දී තිබිණි.

බොනී කපූර් ශ්‍රීදේවි සමඟ රාත්‍රී භෝජනයක් සඳහා හෝටලයෙන් පිටතට යෑමට සූදානම් සිට ඇතැයි පවුලේ ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘කලීජ් ටයිම්ස්’ පුවත්පත වාර්තා කළේය. බොනී කපූර් සහ දියණිය කුෂී ඉන්දියාවට පැමිණ සිට ඇති අතර ශ්‍රී දේවි පුදුමයට පත් කිරීම සඳහා නැවත ඩුබායි වෙත ගිය බවද තවදුරටත් වාර්තා විණි.

එම අවස්ථාවේදී හෝටලයට වෛද්‍ය කණ්ඩායමක් කැඳවූවද ශ්‍රී දේවි බේරාගැනීමට ඔවුන්ට නොහැකි විය. හෘදයාබාධයක් ඇතිවීමට හෝ ඒ ආකාරයේ කිසිදු අසනීප තත්ත්වයක් හෝ ලක්ෂණයක් හෝ ශ්‍රී දේවිට නොතිබුණු බව ද පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේය.

ශ්‍රී දේවිගේ සිරුර අපේක්ෂාවෙන් පවුලේ සාමාජිකයන් මුළු ඉරිදා දිනයම බලා සිටියද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන් මරණ පරීක්ෂණය අවසන් වන තුරු ශ්‍රී දේවිගේ සිරුර පවුලට බාර දී නොතිබිණ.

උපුටා ගැනිම ලංකාදීප

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top