කතාවේ මුල ඉදලම පෙන්නන්නේ ජෙහාන් කියන්නෙ කැම්පස් එකෙන් අවුට් වෙලා අහිංසක විදියට ගේම් එකක් ගහගෙන කියක් හරි හොයාගෙන ඉන්න කෙනෙක්.ඒත් ඇත්තටම එහෙම නැ කියන එක මේ වෙද්දි ප්රේක්ෂකයෝ දැනගෙන ඉවරයි.ජෙහාන් මුල ඉදලම ඔහුව හදුන්වන්නේ මිනිස්සු මැරෙන්නේ නැති වෙන්න ගේම් ගහන කෙනෙක් විදියට.අපිට තවමත් ජෙහාන්ගේ චරිතෙ ගැන හරියටම පෙන්නනලා නෑ.ඔහු ඔහු ගැන කියන දේ අනුව කතාව ගලාගෙන යනවා.ඒත් සැරින් සැරේ චරිතය මාරු කරනවා.කතාව පුරාවට වුනේ ඒක.
අවුරුදු 3න් 3ට තැන් මාරු කරන ජෙහාන් ගැන ටිකක් හරි දන්නේ ඔස්ටින් විතරයි.ඒත් ඔස්ටිනුත් ජෙහාන් මරලා ඉවරයි මේ වෙද්දි.ඉතින් ජෙහාන් ගැන කවුරුවත් හරියටම දන්නෙ නෑ.ජෙහාන්ව ඔහුව හැම තිස්සෙම හංගනවා.අවුරුදු කිහිපයක් ඔහු මේ සෙල්ලම හොදටම කරනවා.ජෙහාන් කියන්නේ පට්ටම ගේම් කාරයෙක්.දිය යටින් ගින්දර වුනත් අරන් යන්න පුළුවන් කෙනෙක්.
ජෙහාන්ගේ ප්ලැන් එකේ අවුලක් වුනා කියලා 31 වෙනි එපියෙන් පෙන්නනවා.ඒත් ජෙහාන් ඒක ගානට කරකවනවා.ප්රියන්තගෙ පක්ෂයෙන් කරන්නෙ ජෙහාන්ට ගේමක් දෙන්න හදන එක.ඒත් ඒකත් ජෙහාන්ගෙ ප්ලැනෙම කොටසක්.පත්මකුමාරට ජෙහාන් දුන්න ලණුවේ පලිය තමයි උන් ගන්න හදන්නෙ.ටිරාන් නිසා ජෙහාන්ගෙ ප්ලෑන් එක ගොඩක් අවුල් වෙනවා.ඒ ටික මේ වෙද්දි හැමෝටම තේරිලා තියෙන්නෙ.
ඒ වගේම ජෙහාන්ගෙ කෑල්ල හිරුනි කරන්නේ බොරුවක්.ඇත්තටම හිරුණි කවුද?.ජෙහාන්ට වරදින්නෙ එතන.හිරුණි අහම්බෙන් ජෙහාන්ට හම්බවෙන්නෙ බස් එකෙන්.එතනින් කතාව ටික ටික ගලාගෙන යනවා.සම්බන්ධෙ නතර කරන්න ගිය හැම වෙලාවෙම හිරුණි ජෙහාන්ව අතාරින්නේ නැත්තෙ ඒකයි.ඒ හැමදේම වෙන්නෙ හිරුණිගෙ ප්ලැන් එකක් විදියට.හිරුණි CID එකේ කෙල්ලෙක්.
ඔස්ටින් අයියලගේ පාතාල ගේම් අල්ලන්න තමයි හිරුණි ජෙහාන්ට සෙට් වෙන්නෙ.ඒත් අන්තිමට වෙන්නෙ ඊට එහා දේවල් ගොඩක් හිරුණි දැනගන්න එක.ජෙහාන් ඇත්තටම හිරුණිට ආදරේ වෙනවා.ඒත් හිරුණිව ඇත් කරනවා.ඒත් ජෙහාන්ගෙ ප්ලැන් එක ගැන මේ නිසා හිරුණි ටික ටික අල්ලගෙන ඉවරයි.ප්රියන්තගෙ පක්ෂයේ සුදු රුවුලත් වෙනම ගේම් එකක් ගහනවා.ජෙහාන්ට අන්තිමට කට උත්තර නැතිවෛන්න හිර වෙනවා.
ඒත් අවසානෙට හිරුණි ගැන ප්රියන්තට මීටර් වෙනවා ඒත් ජෙහාන්ට ඒ ගැන ගනන් ගන්නෙ නැ.
අන්තිමට දෙන්නටම හිරේ යන්න වෙනවා.ජෙහාන්ට කාත් කවුරුවත් නැ ඒත් ප්රියන්තගෙ මහ ගෙදර අයටත් මේකට වගකියන්න වෙනවා.ඒ අස්සේ පාතාලේ මිනි මරා ගන්නවා.අන්තිමට හිරුණි ජෙහාන් ඉස්සරහට එන්නෙ මේ ගේම් එකේ මහ මොල කාරි විදියට එතකොට තමයි ජෙහාන්ට තරු පේන්නෙ.
ඒත් ටික දවසකින් මහ උල්පතගමට ඇප ලැබෙනවා ඒත් ජෙහාන්ට නෑ.ඒ අතර පක්ෂයේ සුදු රැවුලා ප්රියන්ත කරපු වැඩේට ප්රියන්තට වෙනම ගේමක් දෙනවා.
අවසානෙට හිරුණි ජෙහාන්ට පට්ට ටෝක් එකක් දෙනවා.”සොරි ජෙහාන් ඔයාගෙ හැගීම් එක්ක සෙල්ලම් කරාට ”
ඒත් ජෙහාන් මේ ගේම් එකෙන් පරදින්නෙ නැ.ජෙහාන් කියන්නෙ criminal master mind එකක්.කතාව ඉවර වෙන්නෙ දෙවෙනි කොටසකට ඉඩ තියලා.
කූඹියෝ බලන යාළුවන්ටත් කියවන්න share කරන්න