News

බොලිවුඩ් සිනමාවේ සුපිරි නිළි ශ්‍රී දේවී කපූර් මියයයි

ඉන්දීය බොලිවුඩ් සිනමාවේ සුපිරි නිළි ශ්‍රී දේවී කපූර් මියගිය බවට ඉන්දීය  මාධ්‍ය වාර්තා කරයි. 54 හැවිරිදි ශ්‍රී දේවී ඩුබායිහී පැවති පවුලේ මංගල සාදයක් සඳහා සහභාගීව සිටින අතරතුර මෙසේ මියගොස් ඇත.

වසර 4 සිට සිනමාවට සම්බන්ධ වූ ඇය ඉන්දියාවේ ප්‍රධාන සිනමා චිත්‍රපට වන දෙමළ, තෙලිඟු, කණ්නඩි, මලයාලම් සහ හින්දි යන සියලු චිත්‍රපට වල රගපා ඇත.

පිරිමි සුපිරි තරුවක් නොමැතිව චිත්‍රපටයක් ජනප්‍රියත්වයට ගෙනයා හැකි අල්පයක් වන ඉන්දීය නිලියන්ගෙන් ප්‍රධාන තැනැත්තිය ලෙස ශ්‍රී දේවී සලකනු ලබයි.

මියයන අවස්ථාවේ ඇගේ ස්වාමිපුරුෂයා වූ බොනී කපූර් සහ දියණීය වන කුෂිදි ද ඇය අසල සිට ඇත. නිළියක සේම ඇය චිත්‍රපට අධ්‍යක්ෂවරියකද වේ. ශ්‍රී දේවී උපත ලබා තිබුනේ ශ්‍රී ලංකාවේදීය.

උපුටාගැනීම ලංකාදීප

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top