News

නීතිය හා සාමය අමාත්‍ය ධූරය අගමැති රනිල්ට

නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සාගල රත්නායක මහතායෞවන කටයුතු හා දක්ෂිණ සංවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස පත් කර අැත.

මේ අතර මීට පෙර  නීතිය හා සාමය පිළිබඳ නව කැබිනට් අමාත්‍යවරයා ලෙස අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කර තිබේ.

මීට පෙර උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රාජ්‍ය ව්‍යවසාය හා කඳුරට සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.

උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා ලෙස කබීර් හෂීම් අමාත්‍යවරයා පත් කර තිබේ.

මේ අතර ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන හරීන් ප්‍රනාන්දු මහතාට නව අමාත්‍යංශයක් එක් වී ඇති අතර ඒ අනුව විදේශ රැකියා අමාත්‍යවරයා ලෙසද ඒ මහතා කටයුතු කරනු ඇත.

රවීන්ද්‍ර සමරවික්‍රම මහතා වනජීවී හා තිරසාර සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ. පියසේන ගමගේ මහතා යෞවන කටයුතු හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙසද අග්‍රමාත්‍යවරයා කටයුතු කරනු ඇත.

අජිත් පී. පෙරේරා මහතා බන්ධනාගාර හා පුනුරුත්තාපන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.

ස්වදේශ කටජයුතු අමාත්‍යවරයා ලෙස ජේ.සී අලවතුවල මහතා පත් කර තිබේ.

හර්ෂ ද සිල්වා මහතා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කර අැත.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top