දැනුම

සබැවින්ම පැහැපත් සමක් ලබාගන්නා ක්‍රම 14 ක්

ලස්සන සමක් කියන්නේ අපි හැමෝගෙම සිහිනයක්නේ. ලස්සන සමක් කියන්නේ ඇත්තටම සුදු කියන අර්ථයම නෙවෙයි. ලස්සන කියන්නේ ඇත්තටම පැහැපත් බවයි. කැළැල්, අවපැහැ ගැන්වීම් වලින් තොර නිරෝගිමත් සමයි. අද අපි කතා බහ කරන්න යන්නේ පැහැපත් සමක් හිමි කරගන්න පුළුවන් ක්‍රම 14ක් ගැනයි.

01.
ස්නානයේදී ඔබේ ශරීරය හොඳින් අතුල්ලන්න. සමහරු නම් කියන්නේ හැමදාම නානවා කියල. ඒ වුනාට නිකම්ම ගිහින් නාගෙන එනවා මිසක් හොඳට අතුල්ලගෙන නාන්නේ නෑ. රළු නොවන දෙයකින් ස්නානයේදී ඔබේ සම හොඳින් අතුල්ලන්න. ලූෆා එකක් වගේ නම් මෙයට කදිමයි. මෙසේ අතිල්ලිමේදී ඔබේ සම මතුපිට ඇති මැරුණු සම ඉවත් වන අතරම දිනය පුරාම ඔබේ සම මත රැඳුනු කුණු දුහුවිලිද ඉවත් වෙනවා.

02.
සමේ තෙතමනය රඳා පවත්වා ගන්න. මේ සඳහා ඔබට පුළුවන් සමේ තෙතමනය රඳා පවත්වා ගන්නා ක්‍රීම් එකක් භාවිත කරන්න. මෙමඟින් ඔබේ සැම වියලීම අවම කරන නිසා සමේ ඇතිවන ඉරි තැලීම් වලින් ඔබට බේරෙන්න පුළුවන්.

03.
ඔබේ මුහුණේ ඇති බ්ලැක් හෙඩ්ස් ඉවත් කරගන්න. සෑම දින 15කට වතාවක්ම ජෙලටින් ෆේස් මාස්ක් එකක් ඔබේ මුහුණේ බ්ලැක් හෙඩ්ස් ඉවත් කිරීම පිණිස යොදන්න. ජෙලටින් මේස හැන්දකට නැවුම් කිරි මේස හැඳි දෙකක් දමා විනාඩියක් පමණ රත් කරගන්න. එය නිවෙන්නට හැර ඔබ මුහුණේ බ්ලැක් හෙඩ්ස් ඇති ස්ථාන වල ආලේප කොට පැයකින් පමණ ගලවා ඉවත් කරන්න.

04.
ඔබේ මුහුණ ක්ලේන්සර් එකකින් හෝ මද උණුසුම් ජලයෙන් දිනපතා සෝදා හරින්න. මෙමඟින් ලැබෙන වාසිය නම් ඔබේ මුහුණේ ඇති කුණු දුහුවිලි ඉවත් වීම නිසා ඔබේ මුහුණ පැහැපත් වීමයි. මෙය ඔබට රාත්‍රියේ නින්දට යාමට පෙර සිදුකල හැකිය.

05.
සන් ක්‍රීම් එකක් භාවිත කරන්න. අහිතකර හිරු කිරණ මඟින් ඔබේ සම පිළිස්සීමට ලක් කරනවා. එවිට ඔබේ සම අවපැහැ වෙනවා. මේ නිසා ඔබ බැහැරට යන සෑම අවස්ථාවකම සන් ක්‍රීම් එකක් පාවිච්චි කරන්න. ඒ වගේම තමයි ඒ සන් ක්‍රීම් එක SPF අගය 30ට වැඩි එකක් වීමටද වග බලාගන්න.

06.
ප්‍රමාණවත් තරම් ජලය පානය කරන්න. ඔබ දැනටමත් දන්නවා අපේ ශරීරයේ පරිවෘතිය ක්‍රියා නිසි පරිදි සිදු වන්නට නම් ප්‍රමාණවත් තරම් ජලය අවශ්‍ය බව. එහෙම නැති උනොත් ඔබව විජලනයට පවා පත්වෙන්නට පුළුවන්. ඒ නිසා හොඳින් වතුර බොන්න.

07.
ඔබේ මුහුණ රැලි වැටීම් වලින් වලක්වා ගන්න. සතියට දෙතුන් වතාවක් පමණ රාත්‍රියේ නින්දට යාමට ප්‍රථම ඔබේ ඇස යට සහ මුඛ්‍ය වටා කෝමාරිකා ජෙල් ස්වල්පයක් ආලේප කරන්න. මෙම ස්වභාවික ප්‍රතිකාර ඔබව රැලි වැටීම් වලින් ආරක්ෂා කරනවා.

08.
ආතතියෙන් තොරවෙන්න. ඔබ ආතතියෙන් සිටින විට ඔබේ ශරීරයෙන් ශ්‍රාවය වන්නේ සාමාන්‍ය තත්වයේ හෝර්මෝන නොවේ. මෙම හොමොර්න වෙනස් වීම ඔබේ සෞඛ්‍යට බරපතල ලෙස හානි කරනවා. සමට පමණක් නොව ආතතිය විශාදය ඔබේ සමස්ත ශරීරයටම අහිතකර ලෙස බලපානවා.

09.
මේකප් හොඳින් ඉවත් කරන්න. ඔබ ආලේප කරන මේකප් ඔබේ මුහුණේ ඉතිරි වී තිබුණහොත් ඒවා ඔබේ සම සමග ප්‍රතික්‍රියා කොට සමේ විවිධ ආසාදන ඇති කරන්න පුළුවන්. එමඟින් ඔබේ සම දුර්වර්ණ වී රෝගී වෙන්න පුළුවන්. එම නිසා රාත්‍රියේ නින්දට පෙර ඔබේ මේකප් හොඳින් ඉවත් කරන්න.

10.
අඩුම ගන්නේ මාසයකට සැරයක්වත් ගුණදායක බිමක් ගන්න. බිට් අලයක් කැරට් අලයක්, දොඩම් ගෙඩියක්, ඇපල් ගෙඩියක්, සහ පිපිඥඥා භාගයක් ඒකට බ්ලෙන්ඩ් කර පානයට ගන්න. මෙමඟින් ඔබේ සමේ තෙතමය රැකගන්න උදව් කරනවා.

11.
ව්‍යයාම. හොඳට කාල බිලා හිටියට විතරක්ම මදි. ව්‍යායාම කරන්නත් ඕනේ. ව්‍යායාම මඟින් ඔබව ශක්තිමත් කරන අතරම ඔබේ ශරීරයේ අහිතකර මේද දහනය කරමින් ඔබට නිරෝගිමත් හැඩ ඇති සිරුරක් ලබා දෙනවා.

12.
මාසයකට දෙවතාවක් වත් ක්ලිනප් එකක් කරන්න. මෙය ඔබට ඔබේ රුපලාවන්යාගාරයෙන් හෝ නිවසේදීම කරගන්න පුළුවන්. මෙමඟින් ඔබේ මුහුණේ ඇති කුණු දුහුවිලි අපද්‍රවය ඉවත් වෙන නිසා මුහුණ හොඳින් පිරිසිදු වෙනවා.

13.
ප්‍රමාණවත් නින්ද. ඔබ දන්නවාද නින්දේදී ඔබේ සෛල ප්‍රතිසංස්කරණයක් සිද්ධ වෙනවා. එවිට සමේ නම්‍යශීලි බව වැඩිදියුණු වෙනවා. නින්ද ඔබේ ශරිරයට් අත්‍යවශ්‍යයි. දින පුරා වෙහෙසෙන ඔබේ ශරීරයට නිදහසක් ලැබෙන්නේ නින්දෙදිය. නිසි නින්දක් නැති වුනු විට ඇසයට අවපැහැ වීම, කුරුලෑ දැමීම, තෙහෙට්ටු බව ඇතිවෙනවා. මෙමඟින් ඔබේ සමද රෝගී වෙනවා.

14.
ඉහල ප්‍රමිතියකින් යුක්ත මේකප් භාවිත කරන්න. ඔබ දෙස බලන කෙනෙකු මුලින්ම බලන්නේ ඔබේ මුහුණ දෙසය . ඔබේ ලස්සන වැඩි කරගන්න ඔබ මේකප් භාවිත කිරීමේදී ඒවා ඉහල තත්වයේ විය යුතුය. මිල ගැන හිතල අඩු තත්වයෙන් යුතු මේකප් භාවිත කරලා ඔබේ මුහුණ සවුත්තු කරගන්න එපා.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top