දැනුම

මහළු නොවී ඉන්න කැමතියිද ?

අපි හැමෝම කැමති තරුණකම රැක ගන්න වුනත්, මහළු වෙන එක නවත්තන්න බෑ. දුකෙන් වුනත් අපිට මහළු වෙන්න සිද්ධ වෙනවා. අවුරුද්දෙන් අවුරුද්ද ගෙවෙනකොට ඉලක්කමෙන් වයසට ගියත්, පෙනුමෙන් වයසට නොයා ඉන්න පොඩි උපක්‍රම ටිකක් අනුගමනය කරන්න ඔබට පුළුවන්. අද වෙබ්සයිට් එක හරහා ඉලක්කමේ අනුපාතයට, පෙනුමෙන් වයසට නොයා ඉන්න හැටි ගැන ලිපියක් ඉදිරිපත් කරන්න අපි තීරණය කළා.

‍01. හිරු එලියට නිරාවරණය වීමට පෙර සන් ක්‍රීම් ආලේප කරන්න.
හිරු එලියට නිරාවරණය වුනාම සම කළු වෙනවා. ඒ වගේම සමේ රැලි වැටීම වේගවත් කරවනවා. ඒ නිසා හිරු එලිය ඇති අවස්ථා වලදී ඔබ පිටතට යනවා නම් සන් ක්‍රීම් ආලේප කරන්න.

02. හොඳින් ජලය පානය කරන්න.
දිනකට ජලය ලීටර 2 – 3 අතර ප්‍රමාණයක් පානය කිරීමෙන් සමේ තෙත ගතිය රඳවා තබා ගන්න පුළුවන්. රෑ නින්දට පෙර ජලය වීදුරුවක් පානය කිරීමෙන් ඇස් වටා ඇති වූ රැලි වැටීම් පාලනය කල හැක.

03. මොයිස්චරයිස් ආලෙපනයක් භාවිතා කරන්න.
මොයිස්චරයිස් මඟින් සමේ තෙතමනය රැක දෙනවා. වයස්ගත වීමත් සමඟ සම වේලී, රැලි වැටීමකට ලක් වෙන නිසා මොයිස්චරයිස් භාවිතා කිරීමට හුරු වීම ගොඩක් වැදගත්. සමේ ඇති පැල්ලම්, සලකුණු ඉවත් කරන්න මේවාට පුළුවන්.

04. තමාට ගැලපෙන රුපලාවන්‍ය නිෂ්පාදන පමණක් භාවිතා කරන්න.
නිෂ්පාදන වර්ග රැසක් එක වර භාවිතා කිරීමෙන් සමට හානි වෙන්න පුළුවන්. ඒ නිසා තමාට ගැලපෙන එක් වර්ගයක් පමණක් භාවිතා කරන්න.

05. සම තදින් අතුල්ලන්න එපා.
මුහුණ සේදීමේදී හා පිස දැමීමේදී සෙමින් තෙත මාත්තු කිරීමට පුරුදු වන්න. නිරන්තරයෙන් එසේ කිරීමේදී වයස්ගත වීමත් සමඟ, සම එල්ලලා වැටීමකට ලක් විය හැක.

06. අව් කණ්නාඩි භාවිතා කරන්න.
අව් කණ්නාඩි භාවිතා කිරීමේදී නිවැරදිම අව් කණ්නාඩි භාවිතා කරන්න. UV කිරණ වළක්වන බව සහතික කළ අව් කණ්නාඩි මිලදී ගන්න. ප්ලාස්ටික් රාමුවක් සහිත අව් කණ්නාඩි මිලදී ගන්න. ලෝහ රාමුවකින් හිරු එලිය පරාවර්තනය කරන නිසා ඔබේ මුහුණේ සමට හානි විය හැක.

07. ක්‍රියාශීලි වන්න.
“දැන් අපි වයසයි, මහන්සියි” කියලා නිකන් ඉන්න එපා. ඇවිදින්න යන්න. ව්‍යායාම් කරන්න. වෙනදා වගේම බයිසිකල් පැදීම, පිහිනීම, ක්‍රීඩා කිරීම සිදු කරන්න. ශරීරයේ අනවශ්‍ය මේදය ඉවත් වෙලා, ඔබව නිරෝගීව තියන්න මේ ක්‍රියාශීලි බව ඔබට උදව් වේවි.

08. දුම් බීමෙන් වලකින්න.
දුම් බීම ඔබේ හදවතට, පෙනහලු වලට, රුධිර පීඩනයට අහිතකර ලෙස බලපානවා. දුම්වැටි වල ඇති රසායනික මඟින් ඔබේ මුව වටා රැලි වැටීම් ඇති කර, දත් කහ පැහැ ගන්වනවා. ඔබේ සම අලු පැහැ ගැන්වීමට මෙය හේතුවක් වෙනවා.

09. වැඩිපුර එළවලු සහ පලතුරු ආහාරයට ගන්න.
ඒවායේ ඇති පෝෂණ ගුණ වලින් ඔබේ පෙනුම නැවුම් කරවනවා. විටමින් C මඟින් සමේ රැලි වැටීම කල් දමනවා.

10. ප්‍රමාණවත් නින්දක් ලබාගන්න.
දිනකට පැය 7/8ක නින්දක් ලබා ගන්න. නිදා ගැනීමේදී ශරීරය තමන් විසින්ම නැවත සැකසෙනවා. එය ඔබේ හදවත නිරෝගී කර, රුධිර සංසරණය ක්‍රමවත් කරවනවා.

11. පෝෂණීය ආහාර ලබාගන්න.
විටමින් D, කැල්සියම් බහුල ආහාර ලබා ගන්න.

12. මහලු වීමෙන් ඇති විය හැකි මානසික ප්‍රතිඵල වලින් මිදෙන්න.
වයසට යාමත් සමඟ නිතරම අමතක වීම සිදු විය හැකියි. එයින් මිදීමට චෙස් ක්‍රීඩා කරන්න. ප්‍රෙහේලිකා විසඳන්න. භාවනා කරන්න.

13. ස්වභාවික ද්‍රව්‍ය යොදා ගනිමින් සමට සාත්තු කරන්න.
රාත්‍රී නින්දට පෙර ඔලිව් ඔයිල් හෝ පොල්තෙල් ස්වල්පයක් යොදා සම සෙමින් සම්බාහනය කරන්න. පසුදින ස්නානය කරන්න. මේ මඟින් සමේ රැලි වැටීම් පාලනය වේ.
යෝගට්, පලතුරු යොදා ගනිමින් මුහුණු ආවරණ සකසා ගන්න.

14. දත් ගැන සැලකිලිමත් වන්න.
දිනකට දෙවරක් දත් මදින්න. මවුත් වොෂ් පාවිච්චි කරන්න. දත් වල සුදු පැහැය රැක ගැනීමට උත්සාහ කරන්න.

15. විටමින් පෙති හෝ කරල් වශයෙන් ලබාගන්න.
ආහාර වලින් ලැබෙන විටමින් වලට අමතරව සුදුසු විටමින් බෙහෙත් ලෙස ලබාගන්න. ඔබට සුදුසු විටමින් වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත ලබා ගැනීම සුදුසුයි.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top