News

පිරිසක් වැරදි පාරේ යනවා නම් ඔබ හරි පාරේ යන්න

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශන ඒකකයේ වෘත්තීය කුසලතා සංවර්ධන සංගමය විසින් පසුගියදා අපූරු කර්තෘව්‍යයක් ආරම්භ කළේය. එය නම් කරනු ලැබුවේ ෂැඩෝ ඔෆ් සක්සෙස් (Shadow of Success) හෙවත් සාර්ථකත්වයේ සෙවණැලි කියාය. වෘත්තීය කුසලතා සංවර්ධන සංගමයට මෙම වැඩසටහන් පෙළේ අදියර ත්‍රිත්වයක් අති සාර්ථක අන්දමින් දියත් කරලීමට හැකිවිය. එයින් ලැබුණු සාර්ථකත්වය මත ස්වකීය කර්තව්‍යයේ දෙවැනි පරිච්ඡේදය ලියන්නට ඔවුනට හැකිවිය. එහි මුලසුන ගනු ලැබුවේ ජාතික මට්ටම අතික්‍රමණය කර ජාත්‍යන්තරය ඉලක්ක කරගත් ලසිත් මාලිංගය.

“මම ක්‍රිකට් ක්‍රීඩකයකු මිසක් ප්‍රවීණ දේශකයකු නොවෙයි” යැයි කියා කතාංගය ආරම්භ කළ ඔහු සිසු සිසුවියන්ට ස්වකීය ගැටලු ඉදිරිපත් කිරීමටද ඉඩ ප්‍රස්තාව ලබා දුන්නේය.

“සැවොම සමඟින් යන ගමන නොමඟ යයි නම් තනිව යහමඟ යන්න” ඔහුගේ ආදර්ශ පාඨය විය. මොහු වෙත සිසුවකු එහිදී අපූරු ගැටලුවක් ඉදිරිපත් කළේය.

“ඔබට අයි.පී.එල්. සෙල්ලම් කරද්දී තමන්ගේ රටට සෙල්ලම් කරන්නේ නැහැ කියලා චෝදනා ඉදිරිපත් වෙනවා. එහෙම වෙලාවක කොහොමද ඔබ ඒ හැම දේම අහගෙන ගණන් ගන්නෙ නැතිව ඉන්නේ”

ඔහු ඊට දුන් පිළිතුරද අපූරු එකකි. ඔහු පැවැසුවේ ඔහු ජාතික ක්‍රීඩකයකු නොවන බවත්, ඔහු පුහුණු වන්නේ ජාත්‍යන්තර ක්‍රීඩකයකු ලෙස කියාය. එබැවින් ඕනෑම අවස්ථාවක ජාත්‍යන්තරය නියෝජනය කිරීමට තමන් පසුබට නොවන බවද ඔහු අවධාරණය කළේය. ක්‍රිකට් වනාහී ජයග්‍රහණය අවිනිශ්චිත ක්‍රීඩාවකි. අවසන් මොහොත තෙක් ජයග්‍රහණය නමැති සාධකය කවුරු සතු වේදැයි නිශ්චිත නොවේ. මාලිංග ස්වකීය දේශනය තුළ ගොනුකරන්නට තැත් කළේ මේ යථාර්ථයයි.

තමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව හේතුවෙන් වැඩි කලක් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීමට නොහැකි වේයැයි තීන්දු තීරණ දුන් බොහෝ දෙනාට තම දක්‍ෂතාවලින් පිළිතුරු දුන් අන්දම ඔහු සිනහමුසු මුවගින් පැවැසීය.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top