News

පරිඝනක ටැබ් ලබාදීමේ වැඩ පිලිවෙල නවතා දමයි

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවංශ මහතා ඉදිරිපත් කර රුපියල් බිලියන 4 ක් වැය කර කැබිනට් අනුමැතිය ලබාගෙන බෙදා දිමට නියමිතව තිබුන ටැබ් පරිඝණක වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා දැමීමට තීරණය කර තිබෙනවා.

2017 අයවැය යෝජනා අනුව ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු එම වැඩපිළිවෙලට අනුව උසස් පෙළ සිසුන් 159,078 කට හා ගුරුවරුන් 36,070කට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අදාළ පරිඝනක ටැබ් සැපයීමට සැලසුම් කර තිබූ අතර ඒ සඳහා පසුගිය සතියේ රැස්වූ කැබිනට් මණ්ඩලයේ දී ඊට අනුමැතිය හිමි වුණා.

කෙසේ වෙතත් අද නැවත කැබිනට් මණ්ඩලය රැස්වූ අවස්ථාවේදී, රුපියල් බිලියන 4ක් වැනි විශාල මුදලක් වැය කර මේ අවස්ථාවේ මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක නොකළ යුතු බවයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කර ඇත්තේ.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top