News

ධම්මික පෙරේරා කෝටි 16 ක් වටිනා කාරයක් මිලට ගනියි

ශ්‍රී ලංකාවේ ධනවත්ම ව්‍යාපාරිකයා ලෙසින් හැඳින්වෙන ධම්මික පෙරේරා මහතා රුපියල් මිලියන 160ක වටිනාකමකින් යුත් ‘බෙන්ට්ලි මුල්සාන් හෝල්මාර්ක්’ මාදිලියේ මෝටර් රථයක් ආනයනය කර ඇතැයි වාර්තා වේ. 

ආනයන බදු ද ඇතුළත්ව මෙම මෝටර් රථයේ මිල ආසන්න වශයෙන් රුපියල් මිලියන 160ක් වන අතර දකුණු ආසියාවේ පුද්ගලයකු මෙම මෝටර් රථයක් ආනයන කළ පළමු අවස්ථාව මෙය බව ද පැවසේ.

අග්නිදිග ආසියාවේ හෝ මැද පෙරදිග කලාපයේ පුද්ගලයකු ‘බෙන්ට්ලි මුල්සාන් හෝල්මාර්ක්’ මාදිලියේ මෝටර් රථයක් ආනයනය කළ පළමු අවස්ථාව මෙය විය හැකි බව ද පැවසේ.

‘බෙන්ට්ලි මුල්සාන් හෝල්මාර්ක්’ මෝටර් රථය එච්.ජේ. මුලිනර් සමාගම සහ බෙන්ට්ලි මෝටර් රථ සමාගම නිෂ්පාදනය කෙරූ සීමිත මෝටර් රථ වර්ගයකි. මුලිනර් සමාගම ‘බෙන්ට්ලි මුල්සාන් හෝල්මාර්ක්’ මාදිලියේ මෝටර් රථ 50ක් නිෂ්පාදනය කර ඇති අතර එම මෝටර් රථ 50ම එකිනෙකට වෙනස් බව වාර්තා වේ.

ධම්මික පෙරේරා මහතා මිලදී ගෙන ඇත්තේ එම මෝටර් රථ මාදිලියේ අවසන් මෝටර් රථයයි.

ලොව මිල අධිකම තනි මෝටර් රථ මාදිලිය වන ‘බෙන්ට්ලි මුල්සාන් හෝල්මාර්ක්’ මාදිලියේ මෝටර් රථ 50ම හස්ත නිර්මාණය. මෝටර් රථ සියල්ලම එකිනෙකට ආවේණික ලක්ෂණවලින් සමන්විත වන අතර නිර්මාණය සඳහා ලොව මිල අධිකම ලෝහ වර්ග භාවිත කරමින් නිෂ්පාදනය කර තිබේ.

එපමණක් නොව ලොව ප්‍රකට ස්වර්ණාභරණ නිර්මාණකරුවන් යොදාගන්නා ලොව මිල අධිකම  අමුද්‍රව්‍ය යොදාගෙන ඇති අතර මෝටර් රථවල බාහිර ආලේපන ලෙස රත්තරං සහ රිදී යොදාගෙන තිබේ.

ධම්මික පෙරේරා මහතා විසින් මිලදී ගනු ලැබ ඇති මෝටර් රථය නිල් සහ ‘පෝසිලේන් සුදු’ පැහැයෙන් යුතු මෝටර් රථය අද (15 වැනිදා) මෙරටට ගෙන්වා තිබේ.

බටහිර රටවලට අමතරව ආසියාවේ ‘බෙන්ට්ලි මුල්සාන් හෝල්මාර්ක්’ මාදිලියේ මෝටර් රථ තුනක් තිබෙන බවත් ඒවා චීනයේ තිබෙන බවත් වාර්තා වේ.

මෙම මෝටර් රථයේ නාමික අගය ස්ටාර්ලිං පවුම් 390,000ක් (ආසන්න වශයෙන් රුපියල් මිලියන 84 ක්) බවත් මෙම මෝටර් රථයට පැන වී ඇති ආනයන බද්ද රුපියල් මිලියන 76 ක් බවත් ශ්‍රී ලංකා රේගු ආරංචි මාර්ග කියයි.

ඩේලි එෆ්.ටී ඇසුරිනි

055

 

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top