පලමුවෙන් පන්දුවට පහර දීමට පැමිණි බංගලාදේශ පිතිකරුවන් දිගට හරහට ශ්‍රි ලංකා පන්දු යවන්නන්ට පහර දුන් අතර ඕවර 5 ට පෙර ලකුණු 50 සීමාව ඉක්මවා යාමට බංගලාදේශ පිතිකරුවන් සමත් විය.කෙසේ වෙතත් බංගලාදේශයේ පලමු කඩුල්ල ලබාගත්තේ දනුෂ්ක ගුණතිලකයි.
පලමු කඩුල්ල දැවි යාමත් සමග පිටියට පිවිසි මුෂ්පික් රහිම් සහ සාකර් ශ්‍රි ලංකා පන්දු යවන්නන්ට එලව එලවා පහර දුන් අතර ෂාකර් ලකුණු 51 කට පිටියෙන් ඉවත් වුවත් අනෙක් පිතිකරුවන් සිය කාර්්‍ය බාරය මැනවින් ඉටු කරමින් බංගලාදේශ ඉනිම කඩුළු 5 ක් දැවී ලකුණු 193 ක් ලෙස සටහන් වුණා.එහිදී මුෂ්පික් රහිම් ලකුණු 66 ක් සහ මහමුදුල්ලා ලකුණු 43 ක් ලබාගැනීමට සමත් විය.
ඉන්පසු ඉනිම ආරම්භ කල ශ්‍රි ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස පිටියට එකතු වුණේ කුසල් මෙන්ඩිසි සහ දනුෂ්ක ගුණතිලකයි.මැනවින් පන්දුවට පහර දුන් දනුෂ්ක ලකුණු දනුෂ්ක ගුනතිලක ලකුණු 30 ක් හා කුසල් මෙන්ඩිස් ලකුණු 52 ක් ලබාගැනීමට සමත් වුණා.
ඒ සමගම බංගලාදේශයට වැඩි වාසි ලබා දෙමින් උපුල් තරංග හා නිරෝෂන් දික්වැල්ල දැවි ගියත් දසුන් ශානක සමග එකතු වූ තිසර පෙරේරා හයේ පහරවල් වලින් හා හතරේ පහරවල් පිටිය පුරා එල්ල කරමින් ශ්‍රි ලංකා කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.එහිදී තිසර පෙරේරා 6 පහරවල් තුනක් සමග ලකුණු 39 ක්ද දසුන් ශානක 6 පහරවල් 3 ක් සමග ලකුණු 42 ක්ද ලබාගැනීමට සමත් වුණා.
ඒ අනුව ශ්‍රි ලංකා කණ්ඩායම 1-0 ක් ලෙස ඉදිරියෙන් පසු වෙනවා.ශ්‍රි ලංකා කණ්ඩායම පහසුවෙන් පරාජය කලහැකි බව කියු බංගලාදේශ කණ්ඩායම තුන්කොන් තරගාවලිය හා ටෙස්ට් තරගය ශ්‍රි ලංකාව ඉදිරියේ පරාජයට පත්වුණා.