දැනුම

කිරි දෙන මව් වරුන්ට සුභ ආරංචියක්

මාස 6ක් හෝ ඊට වැඩි මාස ගණනක් නොකඩවා කිරි දෙන කාන්තාවන්ට දියවැඩියාව හටගැනීමේ අවධානම50%කින් අඩුවන බව නවතම අධ්‍යයනයකින් සොයාගෙන ඇති බව ඇමරිකානු වෛද්‍ය සංගමයට අයත් සඟරාවක පළකොට ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

වසර 30කට වැඩි කාලයක් ඇමරිකානු සහ අප්‍රිකානු කාන්තාවන් 1,200ක් යෙදා ගනිමින් අධ්‍යයනය සිදු කර ඇති බව වාර්තා වේ.

“කිරිදෙන කාලසීමාවේදි දියවැඩියාව හටගැනීමේ අවධානම, කිරි නොදෙන කාන්තාවන් සමඟ සංසන්දනය කිරීමේදි 50%කින් අඩුවන බවත් අවධානම් සහිත තත්ත්වයන් සමතුලනය කිරීමට අවශ්‍ය සාධක අපි සොයාගත්තා.’’ යනුවෙන් ජේෂ්ඨ පරියේෂණ විශේෂඥ, කයිසර් පර්මන්ටේන්ටි සහ ඇමරිකානු වෛද්‍ය සඟරාවේ ප්‍රධාන කතුවරිය, එරිකා ගන්ඩර්සන් ප්‍රකාශ කර ඇති බව වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කළේය.

මාස 6ක් හෝ ඊට අඩු මාස ගණනක් කිරිදුන් කාන්තාවන්, කිරි නොදුන් කාන්තාවන් සමඟ සංසන්දනය කිරීමේදි දියවැඩියාව හටගැනීමේ අවධානම 25%කින් අඩු වන බව අධ්‍යනයෙන් සොයාගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top