19 න් පහල ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රි ලංකා කණ්ඩායම නොසිතු පරාජයන් ලැබුවත් අද පැවති ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම හා කෙන්යානු 19 න් පහළ කණ්ඩායම අතර තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල තම නියමිත පන්දුවාර 50 තුලදී වාර්තාගත ලකුණු 419 ක් රැස් කිරීමට සමත් වුනා.
මෙහිදී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ හසිත බෝයාගොඩ පන්දු 152 ක් තුලදී වාර්තාවක් තබමින් ලකුණු 191 රැස් කලේ හතරේ පහර 28 ක් සහ හයේ පහරවල් දෙකක් සමගිනි. මෙය 19 න් පහල ලෝක කුසලාංයකදී ක්‍රීඩකයකු ලැබූ ඉහලම ලකුණු ප්‍රමාණය ලෙසද වාර්තා පොත් අතරට එක් විය.
පිලිතුරු ඉනිම ක්‍රිඩා කල කෙන්යා 19 න් පහල කණ්ඩායමට පන්දුවාර 35 දී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 135 ක් පමණි.කෙන්යා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ තෝමස් ඔචින්ග් ලකුණු 45 ක් ලබා ගැනීමට සමත් වූ අතර වෙනත් කිසිදු පිතිකරුවෙකට ලකුණු අතරට ඒමට ශ්‍රි ලංකා පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැත.
ඒ අනුව ලකුණු 311 ක වාර්තා ගත ජයග්‍රහනයක් ලබා ගැනීමට ශ්‍රි ලංකා 19 න් පහල කණ්ඩායම සමත් විය.