අද න්‍යෂ්ටික අවි එහෙම නැත්නම් න්‍යෂ්ටික බෝම්බ ගැන කියලා දෙන්නම්.න්‍යෂ්ටික බෝම්බ කියලා කියන්නේ මොකක්ද කියලා අපේ යාලුවෝ දන්නවා ඇතිනේ.එත් ක්‍රියාකාරිත්වය,අන්තර්ගත ද්‍රවය ගැන දන්නේ නැතුව ඇති.මම අද ඒ ගැන කියලා දෙන්නම්.
න්‍යෂ්ටික විඛන්ඩන ප්‍රතික්‍රියා සහ න්‍යෂ්ටික සම්බන්ධන ප්‍රතික්‍රියා උපයෝගී කර ගනිමින් පිලිවෙලින් න්‍යෂ්ටික බෝම්බයේදී සහ හයිඩ්රජන් බෝම්බයේදී විනාශකාරී ශක්තියක් මුදවා ලිය හැකිය.සාමාන්‍යයෙන් න්‍යෂ්ටික බෝම්බයක් පුපුරණ ද්‍රවය ලෙස භාවිතා කරන්නේ යුරේනියම් 235 හෝ ප්ලූටෝනියම් 239 සමස්ථානික වේ.මීට අමතරව යුරේනියම් 233 ද භාවිතා කල හැකිය.නමුත් ස්වාභාවිකව යුරේනියම් 235 ඇත්තේ 0.7% ප්රමාණයකි.අනෙක් සියල්ල යුරේනියම් 238 වන අතර බෝම්බ සෑදීමට අවශ්‍ය සමස්ථානික කෘතීම ලෙස සාදා ගත යුතුය.(සාදා ගන්නා ආකාරය පසු ලිපියකින්)
ඒ අනුව න්‍යෂ්ටික බෝම්බ තැනීම සදහා යුරේනියම් 235,යුරේනියම් 233 හා ප්ලූටෝනියම් 239 යන සමස්ථානික පමණි.නිදසුනක් ලෙස U 235 සමස්ථානික ගනිමින් න්‍යෂ්ටික බෝම්බය පිලිබදව කරුණු කිහිපයක් සලකා බලමු.සාපේක්ෂ වශයෙන් කුඩා සංශුද්ධ U 235 ලෝහ කැබැල්ලක් සලකා බලමු.විකිරණශීලී ද්‍රවය වල ඇති ස්වයසිද්ධ විඛන්ඩනය මගින් මුක්ත වන නියුට්‍රෝන නිසා හා කොස්මික් කිරණ මගින් වායුගෝලයේ ඇති වන නියුට්‍රෝන නිසා යුරේනියම් කැබැල්ල තුල න්‍යෂ්ටික විඛන්ඩන දාම ප්‍රතික්‍රියා සිදු වෙමින් පවතී.
විඛන්ඩනය මගින් අලුතින් ඇති වන නියුට්‍රෝන සියල්ලටම විඛන්ඩන දාමයට ඇතුලත් වීමට අවකාශ නොලැබේ.මීට හේතුව නම් යුරේනියම් කැබැල්ල කුඩා නිසා සැලකිය යුතු නියුට්‍රෝන සංඛ්‍යාවක් පද්ධතියෙන් ඉවත් වීමය.යුරේනියම් කැබැල්ල එක්තරා ප්‍රමාණයකට වඩා විශාල නම් අලුතෙන් සෑදෙන නියුට්‍රෝන වැඩි වශයෙන් අපතේ නොගොස් ඒවාට ස්ඵේටක විඛන්ඩන දාම ප්‍රතික්‍රියාවට සහභාගී වීමට අවස්තාව ලැබේ.මේ විශේෂ යුරේනියම් ප්‍රමාණය අවධි ස්කන්ධය ලෙස හදුන්වයි.යුරේනියම් කැබැල්ලක ස්කන්ධය අවධි ස්කන්ධයට අඩු නම් දාම ප්‍රතික්‍රියාව මගින් ස්ඵේටනයක් ඇති නොවේ.
යුරේනියම් කැබැල්ලේ ස්කන්ධය අවධි ස්කන්ධයට වඩා වැඩි වුවහොත් විනාශකාරී බියකරු පිපිරීමක් ඇති වේ.මේ අනුව න්‍යෂ්ටික බෝම්බයක් පිපිරවීමේදී මුලික වශයෙන් කරන්නේ වෙන් වෙන්ව ගත් විට අවධි ස්කන්ධයට අඩු එහෙත් එක්ව ගත් විට අවධි ස්කන්ධය ඉක්මවා යන යුරේනියම් 235 කැබලි දෙකක් ඉතා සීඝ්රයෙන් එකට එකතු වීමට සැලැස්වීමයි.
මෙහිදී සිලින්ඩරාකාර කුහරයකින් යුත් ගෝලාකාර යුරේනියම් කැබැල්ලක් ඇත.එවැනිම තවත් සිලින්ඩරාකාර යුරේනියම් කැබැල්ලක් ඇත.(උදා-සම්පුර්ණ රොටියකින් කැබැල්ලක් කපා ඉවත් කර ගැනීම සහ එම කැබැල්ල නැවත එකතු කල විට රොටිය සම්පුර්ණ වීම)මෙය වටා ශක්තිමත් යකඩ වැස්මක් පවතී.යකඩ වැස්මේ දික් වූ කොන තුවක්කු බටයකට සමාන වේ.මෙම යකඩ වැස්ම මගින් පිපිරීම බලගතු වන සේ න්‍යෂ්ටික ද්‍රවය හිර කර ගැනීම සහ නියුට්‍රෝන කෙරෙහි පරාවර්තකයක් ලෙස ක්‍රියා කරමින් පිපිරීම වඩාත් කාර්යක්ෂම කිරීම සිදු කරයි.
මෙහිදී පළමු යුරේනියම් කැබැල්ල A ලෙසත් දෙවැනි කැබැල්ල B ලෙසත් සලකමු.A සහ B වෙන් වෙන්ව අවධි ස්කන්ධය නො ඉක්මවන අතර A හා B එක් වූ විට අවධි ස්කන්ධය ඉක්මවයි.මෙහි ප්‍රස් ස්ඵේටක නම් වූ කොටසක් තුවක්කු බටය අග ඇත.එමගින් සාමන්‍ය වෙඩි බෙහෙත් ගිනි ගැන්වූ විට B ඉතාමත් වේගයෙන් ගමන් කර A සමග එකට එකතු වී අවධි ස්කන්ධය ඉකමවා යාමෙන් ප්‍රභල න්‍යෂ්ටික පිපිරීමක් ඇති කරයි.
මෙම ක්‍රමය තුවක්කු බට ක්‍රමය ලෙස හදුන්වයි.මේ සදහා තවත් ක්‍රමයක් පවතී.අවධි ස්කන්ධයට තරමක් කුඩා යුරේනියම් ගෝලයක් වටයට සාමාන්‍ය වෙඩි බෙහෙත් මගින් ප්‍රබල පිපිරවීම් කිහිපයක් එක වරම සිදු කරනු ලැබේ.එවිට යුරේනියම් ගෝලය ක්ෂණිකව සංකෝචනය වීමෙන් එය තුල ඇති නියුට්‍රෝන ඝනත්වය සහ U235 ඝනත්වය ක්ෂණිකව ඉහල යයි.එවිට වීඛන්ඩන දාම ප්‍රතික්‍රියාව සාර්ථක වීමෙන් න්‍යෂ්ටික පිපිරීමක් ඇති වේ.යුරේනියම් ගෝලය ඇතුලත සිදු වන මෙම පිපිරීම අන්තඃස්ෙඵා්ටන ක්‍රමය ලෙස හදුන්වයි.
මෙම ක්‍රම දෙකම භාවිතා කරමින් ඒ සදහා U 235,U 233 සහ Pu 239 සමස්ථානික භාවිතා කරමින් න්‍යෂ්ටික බෝම්බ තැනිය හැකි වේ.න්‍යෂ්ටික බෝම්බ තැනීම සදහා මේ සමස්ථානික සංශුද්ධ තත්ත්වයෙන් ලබා ගත යුතු වේ.මේ සදහා ආසවනය,විසරණ,කෙන්ද්‍රපසාරි,විද්‍යුත් විච්ජේදක,විද්‍යුත් චුම්බක,රසායනික ආදී ක්‍රම භාවිතා වේ.න්‍යෂ්ටික බෝම්බයක් තැනීමේදී ඉතාමත් දුෂ්කර,වියදම් සහිත සහ වැදගත් පියවර වන්නේ සමස්ථානික පිරිසිදුව ලබා ගැනීමය.
දෙවන ලෝක යුධ සමයේදී ජපානයේ හිරෝෂිමා නගරයට හෙලු න්‍යෂ්ටික බෝම්බය U 235 උපයෝගී කර ගත තුවක්කු බට වර්ගයේ බෝම්බයක් වූ අතර නාගසාකි නගරයට හෙලු බෝම්බය Pu 239 උපයෝගී කර ගත් අන්තඃස්ෙඵා්ටන වර්ගයේ බෝම්බයක් විය.
නාගසාකි නගරයට හෙලු බෝම්බය Fat Man හෙවත් මහත මිනිසා ලෙසත් හිරෝෂිමා නගරයට හෙලු බෝම්බය Little Boy හෙවත් පුංචි කොල්ලා ලෙස නම් කර ඇත.Little Boy බෝම්බය කිලෝග්‍රෑම් 4,400 වන අතර දිග අඩි 10ක් පමණ වේ.මෙහි යුරේනියම් 235 ,64 kg අඩංගු විය.එමෙන්ම Fat Man බෝම්බය 4,670 kg පමණ බර වන අතර දිග මීටර් 3.3ක් වේ.මෙහි ප්ලූටෝනියම් 6.2Kg අඩංගු විය.
න්‍යෂ්ටික බෝම්බයක් පුපුරණ විට සෙල්සියස් අංශක කොටියක පමණ උෂ්ණත්වයක් ඇති වී යකඩ වැස්මත් සමග යුරේනියම් වලින් කොටසක් වාෂ්ප වේ.මෙයින් ඇති වන ඉතාමත් ඉහල පීඩනයකින් යුත් වායුව ශීග්‍රයෙන් ප්‍රසාරණය වීමෙන් ඉතා බලගතු කම්පන තරංග නිපදවේ.මෙය සැතපුම් ගණනාවක් දුරට පැතිරෙමින් හසු වන හැම දෙයක්ම විනාශ කරයි.න්‍යෂ්ටික පිපිරීමෙන් ඇති වන අධික තාපය ෂ විකිරණ ඉතාමත් විනාශකාරී වේ.
වීඛන්ඩනයේදී ඇති වන බේරියම් (Ba) 139,ක්‍රිප්ටන් (Kr) 94,ටින් (Sn) 131,මොලිබ්ඩනම් (Mo) 103 ආදී සමස්ථානික බීටා සහ ගැමා කිරණ විමෝචනය කරන නිසා සහ එම සමස්ථානික වල අර්ධ ආයු කාල සීමාව දීර්ඝ නිසා ඉතාමත් බියකරු ආපදා ඇති වේ.ප්‍රබල පිපිරීම නිසා මේ විකිරණශීලී සමස්ථානික ඉතා සියුම් දුවිල්ලක් සේ පරිසරයේ පැතිරේ.මේ විකිරණශීලී දුහුවිල්ල නිසා ඇති වන ආපදා බොහෝ ව්‍යාප්ත හා දීර්ඝ කාලීන ආපදා වේ.
විශේෂයෙන්ම ස්ට්රොන්ටියම් 90 සහ සීසියම් 137 වැනි අර්ධ ආයු කාලය දීර්ඝ සමස්ථානික කැල්සියම් සහ පොටෑසියම් යන මුලද්‍රව්‍ය වලට ඇති සමානකම් නිසා පහසුවෙන් ශාක තුල තැන්පත් වේ.එමගින් සත්වයින් හා මිනිසුන් තුල තැන්පත් වී භයානක විපත් ඇති කරයි.විශේෂයෙන්ම කුඩා ළමයින්ට මේ මගින් ලියුකේමියාව ෂ වෙනත් පිළිකා රෝග සෑදේ.තවද න්‍යෂ්ටික පිපිරීම් මගින් ඇති වන දීර්ඝ හා කෙටි කාලින විකිරණ නිසා සෛලමය හා ජාන විකෘති ඇති වේ.
මේ අනුව න්‍යෂ්ටික බෝම්බ නිසා මිනිස් සංහතිය විනාශ යාමට ඉඩ ඇති බව පැහැදිලි වේ.වර්තමානය වන විට ඉතාමත් දියුණු න්‍යෂ්ටික අවි ආයුධ පළමු ලෝකයේ බොහෝ රටවල්,ඉන්දියාව,ඉරාකය ආදී රටවල් තුල පවතී.න්‍යෂ්ටික බෝම්බ දියුණු කිරීම මගින් හයිඩ්රජන් බෝම්බ,විඛන්ඩන බෝම්බ,කොබෝල්ට් බෝම්බ,නියුට්‍රෝන බෝම්බ ආදී අති කෘර අවි ආයුධ මේ වන විට නිපදවා අවසන් වේ.
ඒ අනුව මුළු පෘතුවියම අසුරු සැනින් විනාශ කල හැකි තරම් දියුණු වී ඇත.මිනිසා මිහිපිට බුද්ධිමත් ජිවියා වන්නේ නම් මේ තාක්ෂනය,මේ ක්රමයන් භාවිතා කර පලදායි ලෙස ශක්තිය අඩු වියදමින් සහ දීර්ඝ කාලයක් ලබා ගැනීමට හැකි වන ලෙස යොදා ගැනීම යහපත් වේ.නමුත් තෙවන ලෝක යුද්ධයක ආරම්භයක් සිදු වුවහොත් නිසැකවම මේ මිහිපිට එකම සොහොනක් වනු නො අනුමානය.
ඔන්න ඉතින් මම පුරුදු විදියටම න්‍යෂ්ටික බෝම්බ ගැන කියලා දුන්නා.මේ ලිපියත් එක්ක තියෙනවා න්‍යෂ්ටික බෝම්බ වල ආකෘති,න්‍යෂ්ටික අවි,ජපානයේ බෝම්බ හෙලීම නිසා ඇති වූ විනාසය ආදී ගොඩක් දේවල් වල ජායාරුප.ඉතින් තවත් මේ වගේම ලිපියකින් හමු වේ.



