News

භූත බියකින් යාපනය කැළඹෙයි….එකම පවුල් දාමයක 09ක්‌ හදිසියේ මියගිහින්

යාපනය නගරාසන්න වැසියෝ සියලු දෙනාම මේ දිනවල භූත බලවේගයක්‌ පිළිබඳව පැතිර යන ආරංචියක්‌ නිසා බියට පත්වී සිටිති.මීට ඉතාම ආසන්න හේතුවක්‌ වී ඇත්තේ ඉතාම කෙටි කලක්‌ ඇතුළතදී යාපනයේ එකම පවුල් දාමයකට අයත් පුද්ගලයන් 09 දෙනකු හදිසියේම මිය යැමයි. ඔවුන් යාපනයේ කුඩා පරිමාණයේ වෙළෙඳ කටයුතුවල නිරතව සිටි පවුල් දාමයකි.

එසේ මියගිය පුද්ගලයන් 9 දෙනා අතර කාන්තාවන් 4 දෙනකු හා කුඩා ළමයින් දෙදෙනකු ද සිටින අතර ඔවුන් මිය යැමට හේතුව පැහැදිලි වශයෙන් ප්‍රකාශ කිරීමට යාපනය ශික්‌ෂණ රෝහලේ වෛද්‍යවරුන් ද අසමත් වූ බව යාපනයේ වැසියෝ පවසති.

මේ නිසා ඔවුන් මියගියේ භූත බලවේගයක්‌ නිසා බව යාපනයේ වැසියන් මෙන්ම යාපනයේ මාධ්‍ය ද වාර්තා කොට තිබීමෙන් යාපනයේ වැසියන්ගේ බිය දෙගුණ තෙගුණ වී තිබේ.

යාපනයේ බොහෝ දෙනකු තමන්ට රාත්‍රි කාලයේදී විවිධ අන්දමේ අද්භූත සිද්ධීන්ට මුහුණදීමට සිදු වූ බවත් එම සිද්ධීන් එකිනෙක විස්‌තර කිරීමත් නිසා යාපනයේ වැසියන්ට මෙම භූත බලවේගය කෙරෙහි විශ්වාසය දැඩි වී ඇත.

කෙසේ වෙතත් යාපනයේ වැසියන් සඳහන් කරන්නේ පසුගිය දිනවල යාපනයේ ක්‍රියාත්මක වූ “ආවා ගෲප්” කල්ලියේ බිහිසුණු තත්ත්වයට වඩා බියකින් යාපනයේ වැසියෝ මේ අද්භූත බලවේගය හමුවේ මානසිකව පීඩා විඳීමත් බියට පත්වීමත් දක්‌නට ලැබෙන බවයි.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top