දැනුම

මෝහනය මගින් සුවපත් කල හැකි රෝග

– අපගේ සිතෙහි උඩු සිත සහ යටි සිත කියා සිත් දෙවර්ගයක් ඇත

– යටි සිත ක‍්‍රියාශීලී වන්නේ අප හුදකලාවී සිටිනවිටදීය

– එදිනෙදා ජීවිතයේ කටයුතු කිරීමේදී අප මෙහෙයවන්නේ උඩුසිතය

– යටි සිතේ ඉතා දරුණු කෝපයක් දිගුකාලයක සිට පවතින විට සිරුරේ ඇති අහිතකර හෝමෝනවල ක‍්‍රියාකාරීත්වය වේගවත් වෙනවා

– වෛද්‍යවරයා දෙන උපදෙස් නිසි අයුරින් අනුගමනය කළ යුතුයි. එවිට යටිසිතේ ක‍්‍රියාකාරිත්වය අපට හඳුනා ගත හැකියි

– මෝහනය යනු කුමක්දැයි කියා විමසුවහොත් බොහෝ දෙනා විවිධ අර්ථකථන දෙනු ඇත. එනිසා මෝහනය යනු කුමක්දැයි කියා නිවැරදිව හඳුනාගනිමු

වෛද්‍යතුමියනි, මෝහනය යනු කුමන ආකාරයේ ප‍්‍රතිකාර ක‍්‍රමයක්ද?

අපගේ සිතෙහි උඩු සිත සහ යටි සිත කියා සිත් දෙවර්ගයක් ඇත. එදිනෙදා ජීවිතයේ කටයුතු කිරීමේදී අප මෙහෙයවන්නේ උඩුසිතයි. යටි සිත ක‍්‍රියාශීලී වන්නේ අප හුදකලාවී සිටිනවිටදීය. මෝහන ප‍්‍රතිකාරය මගින් සිදුකරන්නේ මේ යටි සිත අපට අවශ්‍ය මොහොතක ක‍්‍රියාශීලී කරවීමයි.

අපගේ යටි සිතේ බොහෝවිට පවතින්නේ සෘණාත්මක සිතුවිලිය. එනම් දුක, ශෝකය, වේදනාව, කලකිරීම, අසුබවාදී බව ආදියයි. මේවා යටි සිතේ දිගුකාලයක් පැවතීම නිසා මනස පීඩාවට පත්වේ.

එසේම යටි සිත ස්වයංසාධක ස්නායු පද්ධතිය හා සම්බන්ධයි. මෙම ස්වයංසාධක ස්නායු පද්ධතිය ක‍්‍රියා කරන්නේ අපගේ විධානයන්ගෙන් තොරවයි. එනම් හෘද වස්තුව, පෙනහලූ ආදිය ක‍්‍රියාකරන්නේ මෙම ස්වයං සාධක ස්නායු පද්ධතිය මගිනි. ඒනිසා අපගේ විධානයක් නොමැතිව මෙම ඉන්ද්‍රියයන් ක‍්‍රියා කරනවා. අපගේ යටිසිතේ සෘණාත්මක සිතුවිලි ඇතිවිට මෙම ස්වයංසාධක ස්නායු ක‍්‍රියාකිරීමට ද බලපානවා. එවිට හෘදය වස්තුව, පෙනහලූ ආදී ඉන්ද්‍රියයන්ගේ ක‍්‍රියාකාරිත්වයටත් බලපෑම් ඇතිවෙනවා. උදාහරණයක් ලෙස යටි සිතේ ඉතා දරුණු කෝපයක් දිගුකාලයක සිට පවතින විට සිරුරේ ඇති අහිතකර හෝමෝනවල ක‍්‍රියාකාරීත්වය වේගවත් වෙනවා. එවැනි කෙනෙකුගේ හෘදයේ ක‍්‍රියාකාරිත්වය අසාමාන්‍ය වේ. නිතර හෘදයේ වේදනාව ඇතිවීම, හෘදය සාමාන්‍ය වේගයෙන් ස්පන්දනය වීම වෙනුවට අසාමාන්‍ය අයුරින් ස්පන්දනය වීම, වේගයෙන් හුස්ම ගැනීම, නිතර දහදිය දැමීම ආදී අපහසුතා මතු වේ. මෙම රෝග සඳහා සාමාන්‍ය වෛද්‍ය ක‍්‍රම මගින් ප‍්‍රතිකාර කළාට සුවපත් කරන්න බැහැ. එය සුවපත් කළහැක්කේ මෝහනය මගිනි. මොකද මෙම රෝගවලට බලපා ඇත්තේ යටි සිතේ තැන්පත්ව ඇති සෘණාත්මක සිතුවිලියි. ඒනිසා එම සිතුවිලි යටිසිතින් ඉවත් කරන තුරු මෙම අපහසුතා සුවපත් කරන්න බැහැ.

වෛද්‍යතුමියනි, මෝහනය කරන්නේ කෙසේද?

මෝහනය කිරීමේදී රෝගියා ද ඊට අනුබලය දියයුතුයි.

මන්ද යත් අප යම් රෝගියකු මෝහනය කරන්නේ සාමාන්‍ය පරිසරය තුළයි. එහිදී වෛද්‍යවරයා ලබාදෙන උපදෙස් අනුව

රෝගියා කටයුතු කළයුතුයි.

එනම් රෝගියාගේ ඇස්, කන් සහ ශරීරයේ අනෙකුත් අවයව ක‍්‍රියාකාරිත්වය සාමාන්‍ය මට්ටමට වඩා අඩාල කරනවා.

ඒ සඳහා වෛද්‍යවරයා දෙන උපදෙස් නිසි අයුරින් අනුගමනය කළ යුතුයි. එවිට යටිසිතේ ක‍්‍රියාකාරිත්වය අපට හඳුනා ගත හැකියි. ඒනිසා රෝගියා වෛද්‍යවරයා පවසන උපදෙස් අනුව කටයුතුු නොකළොත් මෝහනය කරන්න බැහැ.

වෛද්‍යතුමියනි, මෝහන ප‍්‍රතිකාරය කළ යුතු අය හඳුනා ගන්නේ කෙසේද?

කිසියම් ගැටලූවක් නිසා දිගුකාලයක් තිස්සේ පීඩාවිඳින අය හෙවත් සිතින් හ`ඩන අයට (repression) මෝහනය මගින් ඔවුන් තුළ හටගෙන ඇති රෝග සුවපත් කළ හැකියි.

ඔවුන්ගේ යටිසිතේ තැන්පත්ව ඇති සෘණාත්මක සිතුවිලි නිසා ශරීරයට අහිතකර හෝමෝනයක් වන කොටිසෝල් නැමැති හෝමෝනය මොළයෙන් නිපදවනවා. එවිට නොයෙකුත් මානසික රෝග හටගන්නවා.

එනම් නිතර කෝපයෙන් පසුවෙනවා. කලබලයි. බියකින් පසුවෙනවා. අතපය නිතර හෝදනවා. සැකයෙන් පසුවෙනවා. නොසන්සුන්. මෙවැනි අය මෝහනය ප‍්‍රතිකාරය සඳහා යොමු කිරීමෙන් ඔවුන් තුළ පවතින රෝග සුවපත් කළ හැකියි. ඊට අමතරව මෙම මානසික පීඩා නිසා දියවැඩියා, අධිරුධිර පීඩනය සහ නොයෙකුත් සමේ රෝග හටගන්නවා. එවැනි රෝගත් මෝහනය මගින් සුවපත් කළ හැකියි.

 

වෛද්‍ය ජීවනී හසන්යා

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top