ලෝකය

මෙවර නොබෙල් ත්‍යාගය දිනාගත් ඉතියෝපියා අගමැතිගේ කතාව

සියවෙනි නොබෙල් සාම ත්‍යාගය!❤️❤️

ඉන්දියාවත් පාකිස්ථානයත් අතර පවතින දේශසීමා යුද්ධය නිසා ඉන් ගැහැට විඳින්නේ කාශ්මීර ජනතාවයි. එවැනිම දේශසීමා යුද්ධයක් ඉතියෝපියාවත් එරිත්‍රියාවත් අතරද පැවතුණේය.

දෙරට අතර දරුණුම යුධ ගැටුම් පැවතුණේ 1998- 2000 ත් අතර කාල සීමාවේදී වන අතර ඉන් ජීවිතක්ෂයට පත් වූ ජනගහනය දසදහස් ගණනකි. අභ්‍යන්තර වශයෙන් අවතැන් වූ ජනගහනය සියදහස් ගණනකි.

2000 වසරේදී යුද්ධය අවසන් කළ බව නාමිකව ප්‍රකාශ කලත් දෙරටේ ජනයානම් නිවුනු පාටක් දකින්න ලැබුණෙ නැත. වෛරයේ ගිනිදැල්වලින් දිගින් දිගටම ඇවිලෙමින් කල් මැරූහ. එහි තිබුණේ යුධ මුක්ත කලාපවලට පමණක් සීමා වූ සාමයකි.

යුද්ධය විසින් දෙරටටම අත්කර දී තිබුණේ දුප්පත්කමත් බඩගින්නත් ආර්ථික අවපාතයත් පමණි. දෙරටේ නායකයන්ට යුද්ධය සමථයකට පත්කර ගැනීමට කිසිම උවමනාවක් තිබුණේ නැත.

දෙරටේ ජනතාවටද යුධ ජයග්‍රහණය වෙනුවෙන් ඕනෑම සටනකට සූදානම්ව සිටියා මිසක රටේ සංවර්ධනයක් ගැන සිතන්නට උවමනාවක් නැත. ඉතින් නායකයන්ටද රජ මගුල්ය.

නමුත් 2018 අප්‍රේල් මාසයේ වූ අගමැතිවරණයෙන් අබී අහමද් ජයග්‍රහණය කිරීමත් සමඟ සුබ කාලයක පෙරනිමිති පහළ විය. එහි සෙවණැලි එරිත්‍රියාවටද වැටෙන්නට උනේ දෙරටේම ජනතාව සුවපත් කරමිනි.

අබී අහමද් බලයට පත්වීමත් සමඟම වසර විස්සක් පුරා ඇදී ඇදී ආ දේශසීමා යුද්ධය සම්පූර්ණයෙන්ම අවසන් කර සාම ගිවිසුමකට එළඹීමට හැකිවිය.

යුධ කාලසීමාව තුළ ඉතියෝපියාවේදී සිරභාරයට පත් වූ ප්‍රතිවාදී ක්‍රියාකාරීන් දහස් ගණනක් නිදොස් කොට එරිත්‍රියාවට පිටත් කර හැරියේය.

එම කාල සීමාවේදීම ඉතියෝපියාවෙන් පිටුවහල් කර සිටි ස්වදේශික කණ්ඩායම් නැවතත් රට තුළට ගෙන්වා ගත්තේය.

එමෙන්ම දැඩි නීතිරීති වලින් පාලනය වූ ඉතියෝපියාවට ලිබරල් ප්‍රතිපත්ති හඳුන්වාදෙමින් රට නව මානයකට ගත්තේය.

රටේ මිනිසුන් සමඟ ඉතා කුළුපගව කතාබහ කළ අබී අහමද් ආරක්ෂක ප්‍රධානින්ට නිතරම උපදෙස් දුන්නේ සැමවිටම සාමයෙන් ක්‍රියාකරන ලෙසය.

දශක ගානක් පුරාවට සිරකරුවන් සියදහස් ගානකට වධකාගාරයක් වූ ප්‍රකට අඩිස් අබාබා බන්ධනාගාරය ඔහූ එක පයින් වසා දැම්මේය.

රටේ මිනිසුන්ට ආදරයෙත් සාමයෙත් වටිනාකම පහදා දුන් ඔහූ රටට ඉතිරි වන යුධ වියදම් සියල්ල රටේ සංවර්ධනයට යොදවමින් නිවැරදි නායකත්වයක් ලබාදුන්නේය.

අබී අහමද්ගේ පාලන කාලය තුළ කාන්තාවට සම අයිතිය ලබාදුන් අතර කාන්තාවන්ට පාර්ලිමේන්තු නියෝජනය 50% ක් දක්වා වැඩිකළේය.

එනිසා ප්‍රථම වරට කාන්තාවක් පාර්ලිමේන්තුවේ සභාපතිනිය බවට පත්විය. ප්‍රථම වරට කාන්තාවකට ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු ධූරයද හිමි විය.

වසර තිස් ගානකට පසු අඩිස් අබාබා ගුවන් තොටුපළට ලොව නන් දෙසින් ගුවන්යානා පැමිණෙන්නට විය.

වසර දෙකක් තුළ අප්‍රිකානු මහද්වීපයේ වැඩිම වේගයකින් සංවර්ධනය වන රට බවට ඉතියෝපියාව පත් කළේය.

ඔහූගේ ඉදිරි වසර තුන තුළ ඉතියෝපියාව මේ යන ගමන නවතින්නේ අප්‍රිකාවේ සමෘද්ධිමත්ම රට බවට පත්කිරීමෙන් අනතුරුවය.

සියවෙනි නොබෙල් සාම ත්‍යාග ලාභියා ලෙස ඉතියෝපියානු අගමැති අබී අහමද්ට ඊයෙ දිනයේ එම සම්මානය ලැබුණේය. එහි වටිනාකම ඩොලර් ලක්ෂ නවයක් පමණ වේ.

පුද්ගලයන් 223ක් සහ සංවිධාන 78ක් ඇතුළුව 301 දෙනෙකු මෙම ගෞරවාන්විත සම්මානය සඳහා නිර්දේශ වී තිබූ අතර ජයග්‍රාහකයා ලෙස අබී අහමද්ව නම් කරන ලද්දේ පසුගිය ඔක්තෝම්බර් මාසයේදීය.

තම රට ජාතිය ගැන පමණක් නොසිතා අසල්වැසි රටටත් ප්‍රේම කරන මෙවැනි නායකයන්ට ලෝකයේම ආදරය ගෞරවය ලැබිය යුතුය. නොබෙල් සාම ත්‍යාගය විසින් ඔහූට ලබා දී ඇත්තේ එම ආදරයෙන් ගෞරවයෙන් සුළු ප්‍රතිශතයක් පමණි.

අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න

උපුටාගැනීම – |චතුර රුවන් වීරක්කොඩි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top