News

නයාරු ගුරුකන්ද විහාරාධිපතිගේ දේහය වෙරළ තීරයේ ආදාහනය කරන්න නියෝගයක්

අපවත් වී වදාල මුලතිව් නායාරු ගුරුකන්ද රජමහා විහාරස්ථාන‍යේ විහාරාධිපති හිමියන්ගේ දේහය සම්බන්ධයෙන් ආදාහන පූජෝත්සවය විහාරස්ථානය ඉදිරිපිට වෙරළ තීරයේදී සිදුකිරීමට අවසර ලබාදෙමින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය මීට සුළු මොහොතකට පෙර නියෝග කර තිබේ.

නයාරු ගුරුකන්ද විහාරාධිපතිගේ දේහය වෙරළ තීරයේ ආදාහනය කරන්න නියෝගයක්

ඒ උන්වහන්සේගේ දේහය ආදහනය සම්බන්ධයෙන් වන නඩුව අද මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

අපවත්වී වදාල මුලතිව් නායාරු ගුරුකන්ද රජමහා විහාරස්ථාන‍යේ විහාරාධිපති හිමියන්ගේ දේහය ආදහනය සම්බන්ධයෙන් වන නඩුව අද පෙරවරු 09ට පමණ මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

එහිදී පැමිණිලිකාර මුලතිව් නිරාවිය පිල්ලයාර් කෝවිල නමින් හඳුන්වන පාලක සභාව හා ප්‍රදේශයේ දෙමළ ජනතාව වෙනුවෙන් අධිකරණයේ සිටින දෙමළ නීතීඥයින් 15 දෙනෙකු පමණ පෙනී සිටින බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

විත්තිකාර පාර්ශ්වය වන විහාරස්ථානය වෙනුවෙන් සිංහල නීතීඥයින් සිව්දෙනෙකු පෙනී සිටින බවද අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

මේ අතර ඥාන සාර හිමියන්ද අද පෙරවරුවේ අධිකරණ පරිශ්‍රය වෙත පැමිණියේය.

අනතුරුව උන්වහන්සේ මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථාන‍ය වෙත ගොස් විහාරාධිපති හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්විය.

මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථාන‍යේ විහාරාධිපති හිමියන් සිකුරාදා රාත්‍රියේ අපවත් වූ අතර උන්වහන්සේගේ දේහය විහාරස්ථානයට ගෙන ඒමට විරුද්ධව මුලතිව් නිරාවිය පිල්ලයාර් කෝවිල නමින් හඳුන්වන පාලක සභාවක් හා ප්‍රදේශයේ දෙමළ ජනතාව විසින් මුලතිව් පොලිසිය වෙත පැමිණිල්ලක් සිදු කරනු ලැබීය.

එම පිරිස විසින් මීට පෙර විහාරස්ථාන භූමියේ දෙමළ ජනතාවගේ ඉඩම් පවතින බවටද චෝදනා කරමින් අධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබූ අතර එහි කෝවිලක් පිහිටුවීමට දෙමළ දේශපාලන නියෝජිතයින්ගේ මැදිහත්වීම මත සැලැස්මක්ද දියත්විය.

ඔවුන් කළ පැමිණිල්ලට අදාලව ගොනු කළ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේ මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ අධිකරණය මගින් සුදුසු නියෝගයක් ලබාදෙන තෙක් විහාරාධිපති හිමියන්ගේ දේහය එම විහාරස්ථ භූමිය අවට අදාහනය නොකල යුතු බවයි.

අනිත් අයටත් කියවන්න share කරන්න

උපුටා ගැනීම Derana News

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top