News

අධිකරණ නියෝගය නොතකමින් නයාරු ගුරුකන්ද නාහිමියන්ගේ දේහය විහාර භූමියේ අදාහනය කරයි

සංඝ සභාවේ තීරණය අනුව මුලතිව් ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාර කිත්ති නා හිමියන්ගේ දේහය විහාර භූමියේම අද (23) සවස අදාහනය කර ඇත.

අධිකරණ නියෝගය නොතකමින් නයාරු ගුරුකන්ද නා හිමිගේ දේහය විහාර භූමියේම ආදාහනය කරයි

අධිකරණ තීන්දු තීරණ අනුව භික්ෂූන් වහන්සේගේ දේහයන් අදාහනය කිරීම සම්බන්ධයෙන් තමන් එකඟ නොවන බැවින් සංඝ සභාවේ තීරණය අනුව නයාරු නාහිමියන්ගේ දේහය එලෙස විහාර භූමියේම අදාහනය කළ බව ඥාන සාර හිමියන් ප්‍රකාශ කර ඇත.

අපවත් වී වදාළ මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාර කිත්තිනාහිමයන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය විහාර භූමිය හා නිරාවිය පිල්ලයාර් ගණදෙවි කෝවිල ඉදිරිපස මාර්ගයන් එපිට

නයාරු වෙරළ සීමා මායිමේ පිහිටි පැරණි යුද හමුදා කඳවුරක් තිබූ ස්ථානයේ සිදුකරන ලෙස මුලතිව් ප්‍රධාන මහෙස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතා අද (23) නියෝග කළේය.

නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති නා හිමයන්ගේ දේහය ආදාහනය කිරීම සම්බන්ධයෙන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගොනු කොට පැවති නඩු විභාගය සම්බන්ධයෙන් තීරණයක් ලබාදෙමින් මහේස්ත්‍රාත්වරයා අදාළ තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබීය.

ආදාහන පූජෝත්සවයෙන් අනතුරුව අදාළ ස්ථානයේ කිසිදු ඉදි කිරීමක් සිදු නොකරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා විහාරයේ දායක පාර්ශවය වෙත උපදෙස් දී ඇත.

ගුරුකන්ද රජමහවිහාරයේ විහාරාධිපති කොළඹ මේධාලංකාර නාහිමිගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය

එම විහාරයේ සිදු නොකිරීම සඳහා කටයුතු කරන ලෙසත් එහි කෝවිලක් තිබෙන බැවින් එයට අගෞරවයක් වන බවට පවසමින් විහාරස්ථානයේ පිහිටි නිරාවිය පිල්ලයාර් කෝවිලේ පාලක සභාව විසින් මුලතිව් පොලීසිය වෙත කළ පැමිණිල්ලකට අනුව මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය නඩු විභාගය කැඳවු අවස්ථාවේ අදාළ තීන්දුව මහෙස්ත්‍රාත්වරයා විසින් ප්‍රකාශයට පත් කළේය.

මහේස්ත්‍රාත්වරයාගේ තීන්දුව ලැබෙන විට සංඝ සභාව විසින් ‍දේහයේ අදාහන කටයුතු සංවිධානය කොට තිබු ආකාරයක්ද දැක ගැනීමට හැකිවු බව අද දෙරණ වාර්තාකරු පවසයි.

අධිකරණ නියෝගයට එපිටින් නා හිමයන්ගේ දේහය අදාහනය කිරීමට විරුද්ධව මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ දමිළ නීතිඥවරුන් උසාවියේ නඩු කටයුතුවලට අද (23) සවස පෙනී නොසිටි බවද වාර්තා වෙයි.

අනිත් අයටත් බලන්න share කරන්න

උපුටා ගැනීම Derana News

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top