News

අති උතුම් මැල්කම් රංජිත් හිමිපානන්ගෙන් විශේෂ ප්‍රකාශයක්

රට තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඊයේ(05) රාත්‍රීයේ ප්‍රකාශයක් සිදුකළේය.

සියලු දෙනා බුද්ධිමත්ව මෙතෙක් රැක ගත් ඉවසීම දිගටම රැක ගන්න-අගරදගුරු හිමිපාණන්

ඊයේ(05) පස්වරුවේ මීගමුව, කොච්චිකඩේ පෝරුතොට ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වු නොසන්සුන් තත්ත්වයක් හේතුවෙන් මෙලෙස විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට බලාපොරොත්තු වු බව ද අගරදගුරු හිමියන් පැවසීය.

මෙම තත්ත්වය උග්‍ර වීමට ඉඩ නොදී කටයුතු කරන්නැයි තමා සියලු බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බව ද මැල්කම් කාදිනල් හිමිපාණන් වැඩිදුරටත් කියා සිටියේය.

කතෝලික හා ක්‍රිස්තියානි සියලු පාර්ශවයන්ගෙන් මෙන්ම බෞද්ධ හා මුස්ලිම් මෙන්ම හින්දු ජනතාවගෙන් ඉතා ආදරයෙන් එක්ව සියලු දෙනා ඉතා බුද්ධිමත්ව ප්‍රශ්නවලට මුහුණ දුන් බවත්, එය දිගටම පවත්වා ගෙන යන ලෙසත් අගරදගුරු හිමියන් සියලු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

විශේෂයෙන්ම මුස්ලිම් සහෝදරයන් සමඟ සුහදව කටයුතු කරන ලෙසත්, ඉතා ඕනෑකමින් යුතුව ඉල්ලා සිටින බව ද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේය.

මේ මොහොතේ ප්‍රකෝපකාරී අදහස් වපුරමින් බොරු ප්‍රචාර පතුරවමින් ජනතාව කුලප්පු කරන ඇතැම් සමාජ වෙබ් අඩෙවි ක්‍රියාත්මක වීම අවම කරන ලෙස ද උන් වහන්සේ මෙහිදී ඉල්ලා සිටියේය.

මීගමුවේ පමණක් නොව ලංකාව පුරා සිටින සියලු කිතුනු ජනතාව මෙතෙක් රැක ගත් ඉවසීම තව දුරටත් අනෙක් අය කෙරෙහි දක්වන ලෙසත් ප්‍රකෝප කරන අයගෙන් පරිස්සන් වෙන ලෙසත් අගරදගුරු මැල්කම් කාදිනල් හිමියන් පැවසීය.

අනිත් අයටත් බලන්න share කරන්න

උපුටා ගැනීම අද දෙරණ News

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top