News

රුසියානුවන් 52ක් සංචාරයක් සඳහා අද දිවයිනට

ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම බොහෝ සෙයින් බිඳ වැටී තිබියදීත්, රුසියානු සංචාරකයන් 52 ගෙන් සමන්විත පිරිසක් මොස්කව් නුවර සිට අද(01) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මොවුන් රුසියාවේ මොස්කව් නුවර සිට පැමිණි, රුසියානු ගුවන් සේවයට අයත් එස්.යූ- 6265 දරන ගුවන් යානයෙන් අද උදෑසන 8.20 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

මෙහිදී අදහස් දැක්වූ සංචාරකයන් පිරිස කියා සිටියේ , වර්තමාන ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව රුසියාවට ද ආරංචි වූ බවත් , එහෙත් තමන් නොබියව , සැලසුම් කළ පරිදි මෙම සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණි බවත්ය.

මෙම රුසියානු සංචාරකයන් පිරිස ශ්‍රී ලංකාවේ දින 12 ක් ගත කිරීමට අපේක්ෂා කරන අතර , ඔවුන් වැලිගම , හික්කඩුව , බෙන්තොට ආදී ප්‍රදේශවල නවාතැන් ගැනීමට සැලසුම් කර ඇති අතර , ඊට අමතරව සීගිරිය , නුවරඑළිය සහ ඇල්ල ආදී ප්‍රදේශ නැරඹීමට යාමට ද නියමිතය.

මෙම සංචාරය ශ්‍රී ලංකාවේ පෞද්ගලික සංචාරක ප්‍රවර්ධන ආයතනයක් විසින් සංවිධානය කර තිබුණි.

රුසියානුවන් 52ක් සංචාරයක් සඳහා අද දිවයිනට

අනිත් අයටත් බලන්න share කරන්න

උපුටා ගැනීම අද දෙරණ

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top