ලෝකය

ගේම් ඔෆ් ත්‍රෝං අවසානය අද සිට

පුංචි තිරයේ ජනප්‍රියතම ටෙලි කතා මාලාව ලෙස සැලකෙන සම්මානයට ද පාත්‍ර වූ ‘ගේම් ඕෆ් ත්‍රෝං’ කතාමාලාවේ 8 වැනි සහ අවසන් කතා පෙළ අද (14) සිට එච්.බී.ඕ. නාලිකාව හරහා විකාශය වෙයි.

අද ඇරැඹෙන අවසන් කතා මාලාව අවසන් වන්නේ ලබන මැයි 19 වැනිදාය. අවසන් කතා මාලාවට කතාංග 8 ඇතුළත් වන අතර ඒ එක් එක් කතාවක් චිත්‍රපටයකට සමාන බවත් එය ප්‍රේක්ෂකයන් අමන්දානන්දටය පත් කරනු ඇති බවත් එච්.බී.ඕ. නාලිකාව පවසා ඇත.

ගේම් ඔෆ් ත්‍රෝං කතා මාලාව ආරම්භ වූයේ 2011 වසරේ සිටය. කතා මාලාවට පාදක වන්නේ වෙස්ටරෝස් නමැති දේශයේ රජ පවුල් 9 කි.

ගේම් ඔෆ් ත්‍රෝං 8 වැනි කතා මාලාව ආරම්භ වන්නේ ‘නයිට් කිංග්’ නමැති සම්බී වයිට් වෝකර් නායකයා වයිට් වෝකර් හමුදාව මෙහෙයවමින් මහා ප්‍රාකාරය හරහා වෙස්ටරෝස් දේශය ආක්‍රමණයට පැමිණිමෙනි.

අනිත් අයටත් බලන්න SHARE කරන්න

(රොයිටර්ස්)

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top