News

කෘතිම වැසි ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවයි

කාසල්රී සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවල කෘතිම වැසි ඇති කිරිමේ නියමු ව්‍යපෘතිය තාවකාලිකව නතර කළ බව ලංකා විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරියෙකු පැවසිය.

කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට ඉහළ අහසේ වලාකුළු සහ ජල වාෂ්ප නොමැති නිසා කෘතිම වැසි ඇති කිරිමේ ව්‍යපෘතිය තාවකාලිකව නතර කළ බව විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.

කෘතිම වැසි ඇති කිරිමේ ව්‍යපෘතිය කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවල ඉකුත් 22 සහ 23 යන දෙදින තුළ ගුවන් හමුදාව විසින් සාර්ථකව සිදු කරනු ලැබුහ.

මවුස්සාකැලේ ජලාශයේ ජල ධාරිතාව අද වන විට පිටාර මට්ටමේ සිට අඩි 62.6 දක්වා පහල බැස ඇති අතර එහි දැනට තිබෙන ජල ධාරිතාවෙන් අඩි 6 පමණක් විදුලි උත්පාදනයට ජලය ලබා ගත හැකි බවත්, කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 48 දක්වා පහළ බැස ඇති බවත්, එහි දැනට තිබෙන ජල ධාරිතාවෙන් අඩි 10 පමණක් විදුලි උත්පාදනය සදහා ලබා ගත හැකි බව විදුලි බල මණ්ඩලය පවසයි.

මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ට්ම සිඝ්‍රයෙන් පහල බැසිම නිසා එම ජලාශයේ ඉදි කිරිමේදි යට වු ශ්‍රි සම්මුගනාදන් හින්දු ඝන දෙවි කෝවිලේ පුජා කටයුතු ප්‍රදේශවාසින් විසින් දිනපතා සිදු කරන අතර 1917 දි ඉදි කරන ලද එම කෝවිල සම්පුර්ණයෙන්ම කළු ගලෙන් ඉදි කර ඇත.

එම හින්දු කොවිලේ අලංකාරය සදහා කුළුණු වල ගල් කැටයම් සිදු කර ඇති අතර එම ගල් කැටයම් තවදුරටත් ආරක්ෂිතව පවති.

මේ අතර කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහල බැසි නිසා 1979 වර්ෂයේ කොත්මලේ ජලාශය ඉදි කිරිමේ දි ජලාශයට යට වු කඩදොර රජ මහ විහාරය සහ තිස්පනේ විහාරය මේ වන විට මතු වෙමින් පවති. එම ජලාශයේ 34% ජල ධාරිතාවක් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පවසයි.

අනිත් අයටත් බලන්න SHARE කරන්න

උපුටා ගැනීම ලංකාදීප

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top