News

දිනපතා නොදන්වා විදුලිය කපන බව ලංවිම කියයි

විදුලිබලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම පහත වැටී ඇති හෙයින් දිනපතා නොදන්වා විදුලිය කප්පාදු කිරීමට සිදුව ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.

Image result for විදුලි බලාගාරය

විදුලිබල ජනනය සීමාවී තිබීම හේතුවෙන් විදුලි පද්ධතිය නිසිපරිදි පවත්වා ගෙනයාමට අවශ්‍ය හෙයින් මෙලෙස විදුලිය කප්පාදු කරන බවද පැවසේ.

විටින්විට විදුලි බිඳවැටීම් සිදුවන අතර එවැනි අවස්ථාවක හිතාමතාම පැය කිහිපයක් ඒවා යථා තත්ත්වයට පත්කිරීමෙන් වැළකී සිටින බවද එසේ නොකළහොත් පද්ධතිය පවත්වාගෙන යා නොහැකි බවද ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර අද(22) පස්වරුව වනවිට ජල විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රධාන බලාගාර හයේම ජලමට්ටම 34.3% පමණ දක්වා පහත වැටී තිබිණි.

කාසල්රී 9% ක්, මාවුස්සා කැලේ 26.5% ක්, කොත්මලේ 34.2% ක්, වික්ටෝරියා 36.9% ක්, රන්දෙණිගල 88% ක් සහ සමනලවැව 18%ක් ආදී වශයෙන් ජල මට්ටම පහත ගොස් තිබිණි.

අනිත් අයටත් බලන්න share කරන්න

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top