News

ශ්‍රි පාදයේ නම වෙනස් කරයි

අපි හැමෝම ගොඩක් ආදරේ කරන පූජනීය ස්තානයක් තමයි ශ්‍රි පාදස්තානය

Image result for sri padaya

මස්කෙලිය ප‍්‍රාදේශිය සභාව මගින් පසුගියදා සම්මත කර ගත් යෝජනාවක් අනුව ශ‍්‍රී පාදස්ථානයට ඇතුල්වන ස්ථානය ශිව පාදම් ලෙස වෙනස් කිරීමට තිරණය කර තිබේ.

ඒ අනුව මේ වන විටත් එම ස්ථානයේ නාමපූරුවක් ඉදිකරීම ආරම්භකර ඇත.මින් පෙර මෙම ප‍්‍රදේශය අයත්ව තිබුනේ අඹගමුව ප‍්‍රාදේශිය සභා බලප‍්‍රදේශයට වන අතර,සීමා නිර්ණය කිරීමේදී මෙම ප‍්‍රදේශය මස්කෙලිය ප‍්‍රාදේශීය සභාවට හිමි විය.

වසර 2000 කට වැඩි කාලයක් ලෝකවාසී බෞද්ධයන් විසින් බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලේ ස්පර්ශය ලබූ පූජනීය ස්ථානයක් වශයෙන් සැලකුනු ශ‍්‍රී පාදයෙහි ඵෙතිහාසික වටිනාකම නොසලකා මෙම නම වෙනස් කිරීම සිදුකර ඇති බව පෙනේ.

ප‍්‍රාදේශීය සභා බල සීමාවකට අයත් වුවද ජාතික හා ආගමික වශයෙන් වැදගත් බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වැනි පුදබිමක නම එසේ වෙනස් කිරීමට ප‍්‍රාදේශීය සභාවකට හැකිනම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථවේ 9 වන වගන්තියෙන් බුදු දහමට පිරිනමා ඇති ප‍්‍රමුඛතාවයේ ඵලය කුමක්දැයි ප‍්‍රශ්ණයක් පැන නගී.

2018 වසරේ පැවති පලාත් පාලන මැතිවරණයේ දී මස්කෙලිය ප‍්‍රාදේශීය සභාවට ලංකා කම්කරු කොංග‍්‍රසයෙන් මංතී‍්‍රවරු 7 දෙනෙකුත්,එක්සත් ජාතික පක්ෂයෙන් මංතී‍්‍රවරු 7 ක් ද,පොදුජන පෙරමුණෙන් 1 මංත‍්‍රීවරයෙකු ද තේරීපත් විය.

කෙසේ වෙතත් මෙම තිරණය වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා අද උදෑසන නියෝග කර ඇත.

අනිත් යාළුවන්ටත් බලන්න share කරන්න

උපුටා ගැනීම- colombotoday

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top