News

ජපානයේ සිටින ශ්‍රි ලංකානුවන්ගේ හැසීරීම බිංදුවයි – ජපාන් රජය

ජපානයේ රැකියා සදහා පිටත්ව යන ශ්‍රී ලාංකිකයන් පිරිස දිනෙන් දිනම වැඩි වෙමින් පවතී. මෙලෙසින් ශ්‍රී ලාංකිකයන් ඇතුලු විදේශිකයන් ජපානයට පැමිණ රැකියා කිරීම එරටටද සමාජ ගැටලුවක් වී තිබෙන බව පසුගිය කාලයේම මාධ්‍ය විසින් වාර්තා කොට තිබුනා.

Image result for JAPAN

ජපානනයේ සිටින ශ්‍රී ලාංකිකයන් ජපානයේ සාම්ප්‍රදායික ජන ජීවිතයට සහ සංස්කෘතියට බාධා වන අයුරින් හැසිරෙන බවායි එහිදී චෝදනා නග ඇත්තේ.

මේ හේතුව නිසාම ජපානයේ ප්‍රකට ස්ථානයන්හී බහුතර ශ්‍රී ලාංකිකයන්ගේ භාෂාව වන සිංහල භාෂාවෙන්ද දැන්වීම් දැමීමට ජපාන රජයට සිදුවී ඇති බව මාධ්‍ය වාර්තා සදහන් කරනවා.

පහත දැක්වෙන්නේ ජපානයේ ඉබරකී ප්‍රාන්ත පොලිසිය විසින් සිංහල භාෂාවෙන් පළකර තිබු එවැනි නිවේදනයකි.

2020 ඔලිම්පික් උළෙල පැවැත්වීමට නියමිතව ඇත්තේ ජපානයේ ටෝකියෝ නුවරය. විදේශීය සංක්‍රමණිකයන්ගෙන් එම ඔලිම්පික් උළෙලට සිදු විය හැකි බලපෑම අවම කිරීමේ අරමුණින් ජපන් රජය මෙලෙසින් විදෙස් සංක්‍රමණිකයන් දැඩි ලෙසින් පාලනය කිරීම අරඹා තිබේ.

ඔලිම්පික් උළෙලට සහභාගී වීමට පැමිණෙන ක්‍රීඩකයන් සහ එය නැරඹීමට පැමිණෙන ලොව පුරා රසිකයන් ජපානයේදී අත්දැකිය යුත්තේ ජපන් සංස්කෘතිය විනා විදෙස් සංක්‍රමණිකයන්ගේ සංස්කෘතිය නොවන බව ජපන් බලධාරීන්ගේ මතය වී තිබේ.

මේ අනුව ඔලිම්පික් කාල සීමාවේදි ජපානයේ රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් ඇතුලු විදෙස් ශ්‍රමිකයන් එරට ප්‍රධාන නගර සහ හෝටල ආශ්‍රිතව ගැවසීම සීමා කරමින් විදෙස් ශ්‍රමිකයන් ඔහුන්ගේ පාසල්, රැකියා ස්ථාන වල සහ නවාතැන් ස්ථානයන්ට පමණක් සීමා කරවීමටද ජපන් පොලීසිය කටයුතු කරනු ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

අනිත් අයටත් කියවන්න SHARE කරන්න

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top