ඉදිරියේදී ශ්‍රි ලංකා දේශපාලනය උණුසුම් වන බවට ඉගි පලවෙමින් තිබෙනවා
එළඹෙන ඉදිරි ඉදිරි සති කිහිපය ඇතුළත ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමේ සූදානමක් පිළිබඳව ජනාධිපති කාර්යාල ආර්ංචි මාර්ග සඳහන් කරනවා.
පොහොට්ටුවේ දැනට උද්ගත වී ඇති ගෝඨා – බැසිල් උග්‍ර දේශපාලන අර්බුදයත්, එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂ්කයා පිළිබඳව තවමත් නිශ්චිත නොවීමත් සහ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් වන්නේ නම් පමණක් ධූරකාලයට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වීමට හැකිවීමත් යන කරුණ නිසා ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමේ සූදානමක් ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සිරිසේන ජනාධිපති සහ රාජපක්ෂ මහතා අතර රහසිගත සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති බවත් වාර්තා වෙනවා.

සිරිසේන ජනාධිපතිජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් අනතුරුව එක්සත් ජාතික පෙරමුණ විසින් පොදු අපේක්ෂකයා සහ තමන්ගේ මූලිකම ප්‍රතිපත්තිය වන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම යන කාරණය ජනතාව හමුවේ තැබීමට නියමිතව ඇත.
සිරිසේන ජනාධිපතිවරයාට විරුද්ධව ශ්‍රීලනිප සුරැකීමේ සංවිධානයට අයත් වන මැති ඇමැති පිරිස පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස වෙන් වීමට නියමිතය.
මැතිවරණ නීතිය.
මැතිවරණනීතියට අනුව ජනාධිපතිවරයා ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව මැතිවරණ කොමසාරිස් වරයා විසින් දින 16-21 ත් අතර කාලයකදී නාම යෝජනා කැඳවිය යුතු අතර නාම යෝජනා අවසන් දිනයෙන් පසුව සති 4-6 අතර කාලයක් තුල ජනාධිපතිවරණය පැවැත්විය යුතුය.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ලබන සතියේ රැස්වීමට නියමිත අතර එදින පොදු පෙරමුණකින් සහ පොදු ලකුණකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තීන්දු කිරීමට නියමිත බවත් වාර්තා වෙනවා. එජාපයෙන් කථානායක කරු ජයසූරියව පොදු අපේක්ෂකයා ලෙස නම් කිරීමට තීන්දු කරනවාද නැතිද යන්නත් එදිනට විසඳෙනු ඇත. ත්‍රෛ නිකායික මහනායක හිමිවරුන්ද අගරදගුරුතුමන්ද කරු ජයසූරියට කැමැත්ත පළ කර ඇතැයි ද වාර්තා වෙනවා.
ශ්‍රිලනිපයෙන් කැඩී එන කණ්ඩායමට නායකත්වය දෙන හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියද කථානායක කරු ජයසූරිය කථානායකවරයාට ජනාධිපති අපේක්ෂකත්වය ලබා දීමට කැමැත්ත පල කොට ඇති බවයි වාර්තා වන්නේ.

අනිත් අයටත් බලන්න share කරන්න