News

පාකිස්ථානය අත්අඩංගුවට ගත් ඉන්දීය ගුවන් නියමුවාගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය කළඹයි

ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානා දෙකක් අද දිනයේදී කාශ්මීර ප්‍රදේශයේදී වෙඩි තබා බිම හෙලූ බව පාකිස්ථානය ප්‍රකාශ කළා.

පාකිස්ථාන හමුදා ප්‍රකාශක මේජර් ජනරාල් අසීෆ් ගෆූර් සඳහන් කළේ එහිදී ඉන්දීය ගුවන් නියමුවෙකු ගොඩබිම තුලදී අත්අඩංගුවට ගත් බවයි.

කෙසේ වෙතත් පාකිස්ථාන අත්අඩංගුවේ පසුවන ඉන්දීය ගුවන් නියමුවාගේ වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යවල සැරිසනරවා.

එහිදී එක් යානයක් කාශ්මීරයේ පාකිස්ථානය විසින් පාලනය කරන ප්‍රදේශයේදී බිම හෙලා ඇති අතර අනෙක් යානය වෙඩි තබා බිම හෙලනු ලැබුවේ ඉන්දියාව විසින් පාලනය කරනු ලබන ප්‍රදේශයේදීයි.

කෙසේ වෙතත්, ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානාවක් කාශ්මීර ප්‍රදේශයේදී කඩා වැටී ඇති බවයි.

එම අනතුර වෙඩි තැබීමකින් සිදුවූවා ද එසේ නොමැති නම් කාර්මික දෝෂයක් නිසා සිදුවූවා ද යන්න පිළිබඳව නිශ්චිත වශයෙන් තහවුරු වී නොමැති බව එම වාර්තාවල සඳහන්

අනිත් අයටත් බලන්න share කරන්න

උපුටා ගැනීම Hiru News

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top