Zero to Hero. Hero to Zero.

මහේල ෆේල් වෙද්දි මහේලට ගැහුවෙ අපි නෙමෙයි. International pages වලින්. ඒ ගහපුවට මහේල වැටුණ නම් ලෝකෙ අනිත් පැත්තෙන් මතු වෙලා තමයි නවතින්නෙ. මහේල තමන්ට එල්ල වුණ විවේචන වලට උත්තර දුන්නෙ එක පාරයි. ඒ දිනන්න හැකියාවක් තිබ්බ ටෙස්ට් මැච් එකක් ඩ්‍රෝ කරන්න මහේල තීරණය කරපු නිසා එල්ල වුණු චෝදනා වලට. හාන්සිපුටු විචාරකයො කියන වචනය එළීයට ආවෙ එතෙන්දි.
කුසල් මෙන්ඩිස් තරඟයේ වීරයා කතාව
නියමයි කුසලෝ!! දැන්වත් පේජ්කාරයෝ, ජීවිතේට ලෙදර් බෝලයක් අතින් අල්ලලා නැති "*රියෝ" නොදන්න මගුල් කතා නොකලොත් හොඳයි!!
Posted by සුදා – Suda on Saturday, February 23, 2019
මනෝ විශ්ලේෂණයෙන් PhD කරපු උන් Facebook එකේ වැඩි නිසා ප්ලේයර් කෙනෙක් විවේචනය කළොත් උන් දාර්ශනික විග්‍රහයන් උස්සගෙන එනව. එකෙක් ළඟදි කියල තිබ්බ හැටියට අපි කුසල් මෙන්ඩිස්ට බනින්නෙ, දික්වැල්ලට බනින්නෙ උන් ක්ලබ් ගිහින් ආතල් ගන්න හින්ද, ගෑණු වට කරන් ඉන්න හින්ද ඉරිසියාවට.
එතකොට අපි හතුරුසිංහට බනින්නෙ උගෙ තට්ටෙ ලස්සන හින්ද. ලක්මාල්ට බනින්නෙ ඌ T-bag වගේ හින්ද. ඉසුරු උදානට බනින්නෙ උගෙ නමින් bank account එකක් තියෙන හින්ද. ධනංජයට බනින්නෙ උගෙ හිනාව ලස්සන හින්ද. මැතිවුස්ට බනින්නෙ ඌ මයිලො ඇඩ් එකේ ඉන්න හින්ද. . හරි බන් එළ.
තව උන් කියනව හෙල්මට් එකේ සිංහය ඉඹල, දණගහල ග්‍රවුන්ඩ් එක ඉඹින්නැති නිසා අපි ප්ලේයර්ස්ලට බනිනවලු. පහුගිය කාලෙ කැප්ටන්ල තීරණාත්මක අවස්ථාවල ෆීල්ඩින් සෙට් කරපු විදියෙන්, proper batsman ඕවරේ පළවෙනි බෝලෙන්ම එක දාල last manට චාන්ස් දීපු විදියෙන්ම අපි දන්නව උන් සෙල්ලම් කළේ රට වෙනුවෙන්ද නැද්ද කියන එක.
තව දාර්ශනිකයො සෙට් එකක් ඉන්නව, උන් මැච් බලනවද නැද්ද කියන්න දන්නෙ නෑ. උන් උන්ගෙ දාර්ශනික විග්‍රහයන් සඳහා data collect කරන්නෙ facebook posts වලින් සහ espncricinfo එකෙන්. උන් තමයි පහුගිය මැච් වල stats බලල “කුසල්ගෙ ඇවරේජ් මෙච්චරයි, මුගෙ ඇවරේජ් මෙච්චරයි ඇයි මූට බනින්නැතුව කුසල්ට විතරක් බනින්නෙ?” කියාගෙන එන්නෙ. කුසල් ටෙස්ට් ෆේල් නෑ කියල මැච් බලන ඕනි එකෙක් දන්නව. ඒකට රෙද්දෙ stats උස්සන් එන්න ඕනි නෑ. මෙන්ඩිස්ට social media වලින් වදින්න පටන් ගත්තෙ මෙන්ඩිස් ODI fail වෙන්න ගත්තම. ඌ එක දිගට බිංදුවට out වෙන්න ගත්තම. අවුරුද්දකින් වත් පනහක් ගැහුවෙ නැති වුණාම. කොච්චර ෆේල් වුණත් ඌට දිගටම ODI squad එකේ චාන්ස් හම්බවෙනකොට. ODI fail වෙද්දි බලධාරීන් කුසල් ගැන හරි තීරණයක් ගත්ත නම් කුසල් ඔච්චර social media බයිට් එකක් වෙන්නෙ නෑ. කුසල් මෑතක Test fail වෙද්දිත් බැණුම් ඇහුවෙ ඒ ODI ඇරියස් එකට. ඒක ක්‍රිකට් බලපු උන් දන්නව.
අවුරුද්දකින් ODI 50ක් ගහල තිබ්බෙ නැති කුසල් England එක්ක තිබ්බ 4th ODI එකේ 50ක් තලාගෙන රටක් රාජ්ජයක් දිනුව වගේ උඩ පනිද්දි, ඇඟිල්ල දික්කරකර කෝච්ව පෙන්නද්දි අපිත් සතුටු වුණා. හරි කොල්ල ආයෙ ෆෝම් එකට ආව කියල. ඒත් එදායින් පස්සෙ ඌ ආයෙ ෆේල්. ඒත් අපි කිව්වෙ කමක් නෑ, මෙන්ඩව රෙස්ට් කරල වර්ල්ඩ් කප් එකට යවමු කියලයි. මොකද අපි දන්නව මෙන්ඩ කවුද කියල. අපි දන්නව මෙන්ඩගෙ strength එක. අරවින්දලගෙ, මහේලලගෙ, සංගලගෙ තිබ්බ මොකක් හරි අමුතු එක මෙන්ඩගෙ තියෙනව අපි දැකල තිබ්බ. Social media page කරන සාමාන්‍ය බුද්ධියක් තියෙන හැම ඇඩ්මින් කෙනෙක්ම ඉල්ලුවෙ මෙන්ඩව රෙස්ට් කරන්න කියල මිසක් ඌට ක්‍රිකට් ගහන එක තහනම් කරන්න කියල නෙමෙයි.
කුසල්ට බිංදුවත් එක්ක තියෙන්නෙ ආත්මීය බැඳිමක් කියල කුසල් ඊයෙ ආයෙ ඔප්පු කළා. ඒ post match presentation එකේදි කිරි කළේට ගොම “බිංදුවක්” හලාගෙන. New Zealand tour එකේ 1st match එකෙන් පස්සෙ කුසල් හොඳ ඉනිමක් ගැහුවෙ ඊයෙ. කුසල් ක්‍රිකට් ගහන්න විතරක් ඉගෙනගෙන මදි පුතා. ජාත්‍යන්තර ක්‍රීඩයෙක්ට තියෙන්න ඕනි විනය ගැන උඹල ඉගෙනගන්න ඕනි. එක මැච් එකක් දිනෙව්ව කියල, එක හොඳ ඉනිමක් ගැහුව කියල උඹ අපිට දෙයියෙක් වෙන්නෙ නෑ. උඹේ උද්දච්චකම උඹ අපිට පෙන්නන්න එන්න එපා.
මැච් එකෙන් පස්සෙ උඹ පපරෙ ක්‍රිකට් එකට දීපු voice cut එක දැක්කෙ අද. ඒකෙ උඹ කියනව උඹ පහුගිය මැච්වල ගැහුවෙ නැති වුණාට ෆීල්ඩින් හොඳට කළා ඒ නිසා උඹට ටීම් එකේ ඉන්න අයිතියක් තිබ්බ වගේ ලයින් එකක්. හරි බන් අපි මැච් බැලුවෙ නෑ. අපි උඹ බාපු කැච් දැක්කෙත් නෑ. දැන් එතකොට තේරීම් කමිටුවට උඹව ටීම් එකේ තියාගන්න ඕනි හේතු කියන්න තරම් උඹ මෝරලද?
මීට කලින් post match presentation වල mic එක ඉල්ලගෙන සිංහලෙන් කතා කරපු උන් හිටිය. ඒ සංගක්කාර, ඩිල්ශාන් වගේ උන්. උන්ට එහෙම ගටක් ආවෙ උන් කවුද කියල උන් ලෝකෙටම ඔප්පු කළාට පස්සෙ. එහෙම mic එක අරගෙනත් උන් කළේ උන් වෙනුවෙන් මැච් බලපු ප්‍රේක්ෂකයින්ට ස්තූති කරපු එක විතරයි.
ක්‍රිකට් ගැන දන්න උන් විතරක් උඹත් එක්ක ඉන්න ඇති. ඉස්සරහටත් උඹත් එක්ක ඉන්නෙ ක්‍රිකට් ගැන දන්න උන් විතරයි. Social media උඹට ගහන්න ඇති. ඒත් ඉස්සරහට කලින්ටත් වඩා උඹට social media වලින් හම්බවෙයි. උඹල ටීම් එකේ ඉන්නෙ උඹල දක්ෂ නිසා තමයි. ඇත්ත. ඒත් උඹල සෙල්ලම් කරනව බලන්න එන්නෙ, කෙත්තාරාමේ පැවිලියන් පුරවන්නෙ ක්‍රිකට් ගැන මොලෝ දෙයක් දන්නෙ නැති අහිංසක මිනිස්සු. උන්ට ගරු කරන්න පුරුදු වෙයන්. උන් නැත්තන් උඹල නිකන් පාන් කෑලි.
උඹ කියන හැටියට අපි දෙක වසරෙ තුන වසරෙ ඉඳන්ම හොර ලෙඩ අරන් ගෙදර නැවතිලා හිටියෙ ක්‍රිකට් ගැන දන්නෙ නැති හින්ද. මැච් එකක් තියෙන දවසට පයින් යන ගමන වීල් වල ගියෙ ක්‍රිකට් ගැන දන්නෙ නැති හින්ද. වාස් පළවෙනි බෝල් තුනට Hat trick එකක් ගත්ත සතුටට පුටුවෙන් පැනල අත කඩාගත්තෙ ක්‍රිකට් ගැන දන්නෙ නැති හින්ද. Phone වල Dialog my tv දාගෙන ඉන්නෙ ක්‍රිකට් ගැන දන්නෙ නැති හින්ද.
සොයිසපුර ග්‍රවුන්ඩ් එකේ බිම වාඩිවෙලා ෆයිනල් බැලුවෙ ක්‍රිකට් ගැන දන්නෙ නැති හින්ද. රස්සාවකට ගිහින් පඩිය ඉතුරු කරල ලොකු ටීවී එකක් ගෙනාවෙ ක්‍රිකට් ගැන දන්නෙ නැති හින්ද. Peo TV අරන් බිල් ගෙවන්නෙ ක්‍රිකට් ගැන දන්නෙ නැති හින්ද. වර්ල්ඩ් කප් final පැරදුණාම අඩල තියෙන්නෙ ක්‍රිකට් ගැන දන්නෙ නැති හින්ද. International page වල ඉන්දියන් කාරයො සුද්දො උඹලට බනිද්දි අමාරුවෙන් කඩ්ඩ ගැටගහගෙන උන් එක්ක ඇරගන්න ගියෙ ක්‍රිකට් ගැන දන්නෙ නැති හින්ද.
මහේල කියපු හැටියට අපි හාන්සි පුටු විචාරකයො. උඹ කියන හැටියට අපි ක්‍රිකට් ගැන දන්නෙ නැති උන්. Facebook දාර්ශනිකයන්ට අනුව Keyboard වීරයො. ඒ වුණාට පහුගිය ටිකේ උඹල ගූ ගාගෙන කද්දිත් අපි උඹල සෙල්ලම් කරපු හැම බෝලයක්ම බැලුව. සමහර විට ඉස්සරහටත් අතින් වියදම් කරන් ඇවිල්ල උඹල වෙනුවෙන් අප්පුඩි ගහයි. ඒ පුකේ අමාරුව හොඳ කරගන්න සෑහෙන්න අමාරුයි.
අනිත් අයටත් බලන්න SHARE කරන්න
උපුටා ගැනීම Priyalal Koggala