ක්‍රිඩා

සිංහයන් ඉදිරියේ දකුණු අප්‍රිකාව දණ නමයි

දකුණු අප‍‍්‍රිකා කණ්ඩායම සමග පැවැති තරග දෙකකින් යුත් ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය තරග දෙකට බින්දුවක් ලෙස ජය ගැනීමට සංචාරක ශ‍‍්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

Image result for sri lanka test  WIN

ඒ, දෙරට අතර පැවැති දෙවන හා අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයෙන් ශ‍්‍රී ලංකාව කඩුලු 8ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

මෙවැනි දස්කමක් දැක් වූ පලමු ආසියාතික රට ලෙස ලංකාව ඉතිහාස ගතවුණා

තරගයේ තෙවන දිනය වූ අද දිනය ආරම්භ කරන විට සිය දෙවන ඉනිම ක‍්‍රීඩා කරමින් සිටි ශ‍්‍රී ලංකාව කඩුලු 2ක් දැවී ලකුණු 60ක් ලබා සිටියා.

ජයග‍්‍රහනය සදහා ලකුණු 197ක ඉලක්කයක් හඹා යමින් සිටි ශ‍‍්‍රී ලංකාව අද දිනයේ දී දිවා ආහාරයටත් පෙර එම ඉලක්කය පසු කර යාමට සමත් වුණා.

තෙවන කඩුල්ල සදහා ඔෂධ ප‍්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් අතර ගොඩනැගුණු නොබිදුණු සබදතාවය ලකුණු 163ක්.

කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 84යි.

ඔෂධ ප‍්‍රනාන්දු නොදැවී ලකුණු 75ක් රැස් කළා.

පෝර්ට් එලිසබෙත්හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප‍‍්‍රිකාව රැස් කළ ලකුණු සංඛ්‍යාව 222ක්.

අනතුරුව සිය පළමු ඉනිම ක‍්‍රීඩා කළ ශ‍‍්‍රී ලංකාවට සියලූ දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 154ක් පමණයි.

දකුණු අප‍්‍රිකාව සිය දෙවන ඉනිම සදහා සියලූ‍ දෙනා දැවී ලකුණු 128ක් රැස් කළා.

මෙය ශ‍්‍රී ලංකා කණ්ඩායමක් දකුණු අප‍්‍රිකාවේ දී ටෙස්ට් තරගාවලියක් ජය ගත් පළමු අවස්ථාව වීම විශේෂත්වයක්.

එමෙන්ම දකුණු අප‍්‍රිකාවේ දී ටෙස්ට් තරගාවලියක් ජය ගත් තෙවන රට ලෙසයි ඔවුන් ඉතිහාස ගතවුණේ.

මීට පෙර කිසිදු ආසියානු රටක් දකුණු අප‍්‍රිකාවේ දී ටෙස්ට් තරගාවලියක් ජය ගෙන තිබුණේ ද නැහැ.

මෙම තරගයේ තරගයේ වීරයා සම්මානය හිමි වුනේ කුසල් මෙන්ඩිස්ටයි

තරගාවලියේ වීරයා සම්මානය කුසල් පෙරේරාට හිමි වුනා

අනිත් අයටත් බලන්න share කරන්න

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top