gossip

රෝහිත රාජපක්ෂගේ හා ට්ට්යානාගේ ආදර කතාව පටන් ගත්ත හැටි

ඊයේ යුග දිවියට පත් මහින්ද රාජපක්ෂ පුත් රෝහිත රාජපක්ෂ වසර 8 ක පමණ දීර්ඝවූ සිය ආදර කතාව මාධ්‍ය ඉදිරියේ හෙළි කර තිබුණේය.

කියවලා බලන්නකො හරිම ලස්සන ආදර කතාවක්

තමන් ව්‍යායාම පුහුණුවීම් අතරතුර රූපවාහිනී තිරයක දුටු ‘සන්ලයිට් ඇඩ් එකේ ගමේ කෑල්ල‘ සමග යාළුවෙන්න සිතක් පහළවූ තැනේ සිට රණ්ඩු සරුවල් කරගෙන තරහා වෙවී යාළු වෙවී අවසානයේ සිය සහකාරිය බවට ටටියානාව පත්කරගැනීම දක්වා කතාව ඔහුගේම වචනවලින් විස්තර කර තිබුනේ පහත පරිදිය.

Image may contain: 3 people, people smiling, people standing and outdoor

‘අපේ ආදර කතාව අවුරුදු 8 කට විතර පස්සට යනවා. මම ජිම් එකේ වර්ක් අවුට් කර කර හිටියේ.අපේ සර් කෙනෙක් හිටියා රංග සර් කියලා. ඇත්තටම ලැප් කූල්ඩවුන් එකක් කර කර හිටියේ. ඉස්සරහ ටීවී එකක් තිබුණා.ටීවී කමර්ෂල් එක ඉස්සරහ යනවා. එවෙලෙ මං දැක්කා ටීවි කමර්ෂල් එකේ තිබ්බෙ ගමක ගැහැනු ළමයෙක් කහපාට ගවුමක් ඇඳගෙන..

ඒක මල් මල් තියන ගවුමක්.. සන්ලයිට් ඇඩ් එක හැමෝම දන්නවා. ගමේ දුවන් එනවා එතකොට මං නිකං සර්ට කිව්වා බලන්න සර් මාර ලස්සණ කෙල්ලෙක් ගමේ කෑල්ලක්ද කොහෙද.. මේ.. කොහෙන් හරි හොයාගන්න ඕන කියලා මුලින්ම අපේ සර්ට කිව්වා.

එතකොට මං දන්නෙත් නෑ කොහෙද කියලවත්…තොරතුරු විස්තර දැනගෙන හිටියෙ නෑ.
එහෙම කිව්වට පස්සෙ සර් ඔන්න ඕව නැතිව වර්ක්අවුට් කරන්න කියල කිව්වා..

එදයින් පස්සේ අවුරුදු 2 ක් 3 ක් විතර මං හෙව්වා. කවුද මේ සන්ලයිට් ඇඩ් එකේ ඉන්න ගෑණු ළමයා කියලා. ඇත්තටම අපේ රංග සර්ටත් මං කිව්වා ‘සර් කමක් නෑ ගමේ වුනාට කමක් නෑ. හොඳ කෙල්ලෙක් නම් කියලා..‘

බොරු කියන්න දෙයක් නෑ මුලින්ම ඇත්තටම මං කැමති වුනේ එයාගෙ පෙනුමට..මං කිව්වා ලස්සණ ගෑණු ළමයෙක් සර් කියල.

ඉතින් මං අවුරුදු 2 කට 3 කට කාලයක් තිස්සෙ හොයනවා. එහෙම හොයලා හොයාගන්න ලැබුණා එයා අඳුරන යාලුවෙක්ව.

ඊට පස්සෙ ඒ යාළුවා හරහා තමයි ඇත්තටම සම්බන්ධ කරේ. යාලුවෙන්න කලින් ඒ කියන්නේ සාමාන්‍ය යාලුවො වගේ ආශ්‍රය කරන්න හරිම කට්ටක් කෑවා. ඒ කාලෙ එයාත් හරිම පොඩියි. වැඩිය කථාබහ කරන් නෑ. ඉතින් එහෙම හොඳ කට්ටක් කාලා අන්තිමට අඳුරගත්තා.

ඊට පස්සෙ යාළුවො වගේ හිටියා අවුරුද්දක් එකහමාරක් විතර. ඉඳලා තමයි මම කැමැත්ත ඇහුවෙ. ඇහුවට පස්සෙ දැන් අවුරුදු 7 ක් වෙනවා.
ඇත්තටම ඒක කිව්වෙ ෆෝන් එකින්..

අපි හොඳ යාළුවො වගේ ඒ කාලේ සම්බන්ධතාව පැවැත්වුවේ. ඒ කාලෙ එයා එයාගෙ ප්‍රශ්න ඔක්කොම මට කියන්න ගත්තා. එයා ඒවා ගැන කියනවා. එක එක කතන්දර ගොඩාක් තිබුනා. ඒවා කිව්වා. හොඳටම තරහ ගිහිල්ල තිබුණ වෙලාවක්.. මං ඒ වෙලාවෙම මේක කියලදාලා අතෑරල දානව කියලා හිතලා.. මුලින්ම ආදරේ එයාට කිව්වා.

නිකං ඔයාට කැමතියි කියලා කිව්වේ..
ඒක කිව්ව හැටියෙම එයා නිකං ෂොක් වෙලා වගේ කථා කරන්න බැරිවෙලා.. එහෙම්මම ෆෝන් එක තිබ්බා. මං හිතුවා අනාථයි තමා.. මේකෙ වැඩේ ඉවරයි. මමත් ඊට පස්සෙ කතා කරන්න ගියේ නෑ.

ඒත් ඊට පස්සෙ එයාම තමයි පස්සෙ කතා කරලා කිව්වේ හරි කියලා..ඉතින් ඒවා අනුව අපි තීරණය කළා ආදරය කරන්න.
අපි හොඳ යාලුවො වගෙනෙ හිටියේ එයාගේ ප්‍රශ්න හැමදේම මට කිව්ව.. ඒත් මං මගේ ඒවා කියන්න ගිහින් තිබුනෙත් නෑ.එයාගෙ ප්‍රශ්න ටික තමා ඔක්කොම මට කිව්වේ. මං එයා ගැන හොඳ අධ්‍යයනයක් කරමින් හිටියේ. එයා කැමති දේවල් සහ අකමැති දේවල් ගැන දැනගෙන හිටියා. මොකද මගේ හිතේ අවුරුදු 3 ක් 4 ක් එයාගැන තිබුණට එයාට මං ගැන එහෙම කිසි දෙයක් තිබුනෙ නෑ.

ඇත්තටම අවුරුදු 7 ක් විතර දිග කථන්දරයක්. මුල කාලෙ ගහගත්තා…ඒත් දැන් අවුරුදු 3 ක් 4 ක් විතර ගහගන්නෙ නෑ දැන් අපි හොඳ අන්ඩර්ස්ටෑන්ඩ් එකේ ඉන්නේ. මුල කාලේ ඕන් නැති බොරු බොරු දේවල් වලට හැමෝම ඉතින් ගහ ගන්නවනේ. එහෙම ප්‍රශ්න ඇතිවුනානං ඇතිවුනේ මම හින්දමයි. හැබැයි ඉතින් යාලුවෙන්නෙත් මංම තමයි. ඒ කියන්නෙ එයා මාව හඳුනගෙන තියන විදිහට මටත් පහසුයි.

මං තරහ ගිය වෙලාවට එයා කතා කරන්නෑ ෆොන් එකට එන් නෑ මොනවත් නෑ. කම්ප්ලීට් කමිනුකේෂන් කට් ඕෆ් කරනවා. පස්සෙ මං කූල් ඩවුන් වෙලා. කේන්තිය නිවුණම මං වැරදියි කියල එයාට කියල ආයෙ යාලු වෙනවා. සමහර වෙලාවට එයා වැරදි වුණත් මං වැරදියි කියල බොරුවට කියල යාලු වෙලා තියනවා. එහෙම ලොකුවට ප්‍රශ්න නං ඇතිවුනේ නෑ ඒ නිසා මෙච්චර දිග කාලයක් සම්බන්ධය පැවතුනේ.

ජීවිතයේ සියලු අවස්ථාවල ඇය අපි සමග ඉඳල තියනවා. ජයග්‍රහණයේ හෝ පරාජයේ ඇය ඉඳල තියනවා. ඒකෙන් පෙන්නෙත් එයාගෙ බුද්ධිමත්කම හා අන්ඩර්ස්ටෑන්ඩ් එක මං හිතන්නේ. එයා ඕන එක්කෙනෙක් එක්ක කතා බහ කරනවා.එයා ආගම් කුලභේද වයස බලන් නෑ. අපේ ගමේ ආච්චි කෙනෙක් එක්ක වුණත් කතා කරනවා. ඒ නිහතමානී කම තමා මං අගය කරන්නේ. දේශපාලන පවුලකට සම්බන්ධ වෙද්දි ඒ නිහතමානී කම තමා වටින්නේ. එයාගේ ඒ ගුණය තමා මං වැඩිය අගය කරන්නේ.‘

"බොරු කියන්න දෙයක් නෑ මම මුලින්ම කැමති වුණේ එයාගේ පෙනුමට."

"මම සර්ට කිව්වා ලස්සන කෙල්ලෙක් ගමේ කෑල්ලක්ද කොහෙද කියලා.. එදායින් පස්සේ අවුරුදු දෙකක් තුනක් විතර හෙව්වා..මම කැමතියි කිව්වම ෆෝන් එක තිබ්බා. මම හිතුවා වැඩේ ඉවරයි කියලා" – අද යුග දිවියට පා තැබූ රෝහිත රාජපක්ෂගේ ආදර කතාව – Exclusive

Posted by Web Gossip – වෙබ් ගොසිප් on Thursday, January 24, 2019

යාළුවන්ටත් බලන්න share කරන්න

උපුටා ගැනීම Ape Rata

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top