දැනුම

තව වසර මිලියන තුන්සීයකින් සෙනසුරුට වළලු අහිමි වෙයි

තරු පිරි අහස

සෞරග්‍රහ මණ්ඩලයේ සියලුම ග්‍රහලෝක අතරින් කැපී පෙනෙන පෙනුමක් හිමිව ඇත්තේ සෙනසුරු ග්‍රහයාටයි. ඊට හේතුව ඒ වටා ඇති වළලු කිහිපයයි. සෙනසුරු ග්‍රහයාගේ ඇති විශේෂත්වය කුමක්දැයි ඇසුවහොත් ප්‍රථමයෙන් අපට මතකයට එන්නේත් මේ වළලුයි. එහෙත් තවත් වසර මිලියන 300කට පසුව සෙනසුරුගේ විශේෂත්වයක් ඇසුවහොත් එහි ඇති වළලු ගැන පැවසීමට අවස්ථාවක් නැතැයි විද්‍යාඥයෝ පවසති.

Image result for සෙනසුරු

මෙහි ඇති වළලු ක්‍රමයෙන් ක්ෂය වෙමින් පැවතීම එලෙස පැවසීමට හේතුවයි. සෙනසුරුගේ වළලු අතරට රිංගා ගත් කැසිනි යානාවෙන් ලැබුණු තොරතුරු විශ්ලේෂණය කර බලමින් ඔවුහු මේ බව පැවසූහ.

අලුත්ම පර් යේෂණයට අනුව සෙනසුරුගේ වළලු මත සිදුවෙන ස්වභාවික සංසිද්ධියකින් එහි ඇති ජලය සෙනසුරු ග්‍රහයා තුළට ඇදගනු ලබයි. නාසා ආයතනය මෙම සිදුවීම නම් කර තිබෙන්නේ ‘රින්ග් රේන්’ (වළලු වැස්ස) නමිනි.

මෙම සිදුවීමෙන් අනතුරුව සෙනසුරුගේ වළලු මත ඔලිම්පික් ක්‍රීඩා පිටිය තරම් විශාල ප්‍රදේශයක ජලය එකතු වී තිබී ඇත.

“සෙනසුරු ග්‍රහයා වටේ තියෙන වළලු නිර්මාණය වෙලා තියෙන්නේ ග්‍රහලෝකයේ නිර්මාණයත් එක්ක නෙමෙයි.. අපේ විශ්ලේෂණ අනුව වළලු නිර්මාණය වෙලා තියෙන්නේ මීට අවුරුදු මිලියන 100කට විතර කලින්…”

නාසා ආයතනයේ අභ්‍යාවකාශ භෞතික විද්‍යාඥ ජේම්ස් ඕ. ඩොනොග්යූ ප්‍රකාශ කරයි. “මේ වළලුවල මැදි වයසේ දී අපිට ඒ වළලු දැක ගන්න තරම් වාසනාවක් ලැබුණා.. අනාගතයේ දී මේ සම්පූර්ණ වළලු පද්ධතියම දකින්න පුළුවන්කමක් නෑ..”

ඔහු වැඩිදුරටත් පැවසීය.

වර්තමානයේ වළලු පද්ධතියක එකම හිමිකරු වශයෙන් අප දැන සිටින්නේ සෙනසුරු පමණකි. එහෙත් මීට බොහෝ කාලෙකට පෙර බ්‍රහස්පති, යූරේනස් හා නෙප්චූන් ග්‍රහයන් වටා ද වළලු පද්ධතියක් තිබී ඇත.

“මේ වළලු තාවකාලිකව ඇතිවන ඒවා. ඒ නිසයි අපිට බ්‍රහස්පති වටේට තිබුණු විශාල වළලු පද්ධතිය බලාගන්න බැරි වුණේ. දැන් බ්‍රහස්පති, යුරේනස් හා නෙප්චූන් ග්‍රහයන් වටේට තියෙන්නේ කුඩා සිහින් වළලු විතරයි. ඒවා ඇත්තටම පේන නොපෙනෙන ගාණයි..”

ඕ. ඩොන්ග්යූ පවසයි.

හයිඩ්‍රජන් වායුවෙන් නිර්මාණය වන මේ රින්ග් රේන් සංසිද්ධිය සම්බන්ධයෙන් විද්‍යාඥයෝ දශක කිහිපයක සිටම විශ්ලේෂණය කරමින් සිටියහ.

එම විශ්ලේෂණවලින් පසුව ඔවුන්ට කරුණු කිහිපයක්ම අනාවරණය කර ගත හැකි විය.

පෘථිවිය මත සිදුවෙන කාලගුණ අනාවැකි ප්‍රකාශ කිරීම් මෙන්ම සෙනසුරු සම්බන්ධයෙන් ද අනාවැකි පැවසීම පැය කිහිපයකට පෙර පමණක් කළ හැකි බව විද්‍යාඥයෝ පැවසූහ.
සෙනසුරු මත පැය කිහිපයකට අධික වර්ෂාවක් ඇති වේ.

එම වර්ෂාව අයිස්වලින් නිර්මාණය වුණු වළලුවලින් විශාල කොටසක් ගිලදමයි. එනම් වළලුවලින් කිලෝග්‍රෑම් 420 සිටි 2800 දක්වා ප්‍රමාණයක් විනාශයට ලක් වේ. මෙලෙස වරකට විනාශ වන ප්‍රමාණය අනුව වසර මිලියන 300කින් සෙනසුරුගේ වළලු පද්ධතිය නැති වී යන බවට විද්‍යාඥයින් නිගමනය කර තිබේ.

අනිත් අයටත් බලන්න share කරන්න

පවනි උමයංගනා

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top