News

උසස් පෙළ ප්‍රතිඵල තව පමාවෙයි

සෑම වසරකම උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිශ්චිත දිනයකදී නිකුත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය 2017 වසරේ දී උපදෙස් දී තිබුණත් මෙවර උසස් පෙළ ප්‍රතිඵල එම දිනයේදී ලබා දීමට නොහැකි වී ඇතැයි විභාග දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියයි.

Image result for a/l exam

උසස් පෙල ප්‍රතිඵල දෙසැම්බර් 28 වැනි දාත්, සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මාර්තු 28 වැනි දාත්, ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඔක්තෝබර 05 වැනි දාත් ලබා දෙන ලෙස මීට පෙර අධ්‍යාපන අමාත්‍යංශය උපදෙස් ලබා දී තිබිණි.

මේ නිසා අද මධ්‍යම රාත්‍රී උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වනු ඇතැයි පසුගිය අගෝස්තු මාසයේ උසස් පෙළ විභාගයට මුහුණ දුන් අපේක්ෂකයෝ බලාපොරොත්තුවෙන් සිටියහ.

කෙසේ වෙතත් අද මධ්‍යම රාත්‍රී (28 අලුයම) උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට නොහැකි වන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ලංකාදීපයට පැවසීය.

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට තවත් දින දෙකතුනක් යනු ඇතැයි ද ඔහු කීවේය.

අනිත් අයටත් කියවන්න share කරන්න

උපුටා ගැනීම ලංකාදීප

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top