News

තෙල් මිල යළි වැඩි කළ යුතු බව තෙල් සංස්ථාව කියයි

සිදුවන පාඩුව අවම කර ගැනීමට තෙල් මිල හෙට (10) අනිවාර්යයෙන්ම වැඩි කළ යුතුව ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව කියා සිටී.

Image result for බොර තෙල්

තෙල් මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමේදී ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති අර්ජුන රණතුංග මහතා ඊට හරස් වුවද ගිය මසට වඩා බොරතෙල් මිල ඉහළ යෑම සහ ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම නිසා ඉන්ධන මිල වැඩි කිරීම අත්‍යවශ්‍ය බව තෙල් සංස්ථා ප්‍රධානීන්ගේ ස්ථාවරය වී තිබේ.

ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ගිය මාසයේදී ඩොලර් 80ක් ව පැවති අතර අද (9) වනවිට එය ඩොලර් 84.41 දක්වා වැඩි වී තිබේ. මේ අතර ඩොලරයට සාපේක්ෂව රුපියල ද 172 දක්වා අවප්‍රමාණය වී ඇත.

මේ නිසා ඉන්ධන මිල සූත්‍රය යටතේ සෑම මසකම 10 වැනිදා මිල සංශෝධන කිරීමට ගත් තීරණයට අනුව හෙට (10) වැනිදා ඉන්ධන මිල ගණන් ඉහළ දැමිය යුතුව ඇතැයි ද සංස්ථා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කියා සිටියේය.

නැති නම් ඉන්ධන මත රජය අයකරන බදු පනත පහත හෙළිය යුතු බවත් එසේත් නොමැති නම් තෙල් සංස්ථාවට සිදුවන පාඩුව මහාභාණ්ඩාගාරය හරහා ප්‍රතිපූර්ණය කළ යුතු බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

යාළුවන්ටත් බලන්න share කරන්න

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top