News

අධික වැස්සෙන් 48918කට පීඩා

බොහෝ ප්‍රදේශවල පසුගිය දින කිහිපයෙහි පැවැති අධික වර්ෂාවත් මහත ඇති වූ වැසි ආපදා හේතුවෙන් දිස්ත්‍රික් දොළහක පවුල 12478ට අයත් පුද්ගලයන් 48918 දෙනෙක් පීඩාවට පත්වී ඇති අතර පුද්ගලන් නවදෙනෙක් මියගොස් ඇත. තුවාල ලබා ඇති සංඛ්‍යාව 19 දෙනෙකි.

Image result for ගංවතුර

Image result for ගංවතුර

කුරුණෑගල 424 දෙනෙක්, පුත්තලම 3232 දෙනෙක්, මඩකලපුවේ 4 දෙනෙක්, නුවරඑළියේ 212ක්, මහනුවර 678ක්, හම්බන්තොට 4ක්, ගාල්ලේ 9987ක්, කෑගල්ල 167ක්, රත්නපුර 19 දෙනෙක්, මොනරාගල 26 දෙනෙක්, කළුතර 17645 දෙනෙක් සහ කොළඹ 16520 දෙනෙක් මෙලෙස පීඩාවට පත්වී සිටිති.

ඊට අමතව තවත් පුද්ගලයන් 5834 දෙනෙක් ජල ගැලීම් හා නායයෑම් හේතුවෙන් අවතැන් වී ඇති අතර ඔවුන් තාවකාලික ආරක්ෂිත ස්ථාන 21ක රඳවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පවතින අධික වර්ෂාවත් සමග රාජාංගනය දැදුරුඔය, ලක්ෂපාන සහ ‍පොල්ගොල්ල ජලාශවල වාන්දොරටු විවෘත කර ඇති අතර ඒ ආශ්‍රිත පහත්බිම්වල පදිංචි ජනතාව ඒ පිළිබඳ සැලකිලිමත් වී කටයුතු කරන ලෙසද එම මධ්‍යස්ථානය ඉල්ලීමක් කරයි.

මේ අතර කළු ගඟ මිල්ලතැන්න ප්‍රදේශයෙන් ඊයේ (8) සවස වන විටත් ජල මට්ටම වැඩිවෙමින් පැවැතුණ නමුත්, කැලණි ගඟ, අත්තනගලු ඔය සහ ගිංගඟේ ජල මට්ටම ක්‍රමයෙන් අඩුවෙමින් පැවැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අධ්‍යක්ෂ මාලා අලවතුගොඩ මහත්මිය පැවැසුවාය. එහෙත් යළි වර්ෂාව ඇතිවුවහොත් ජල මට්ටම යළි වැඩිවිය හැකි යැයිද ඇය පෙන්වා දුන්නාය.

කළුතර, ගාල්ල, කෑගල්ල, බදුල්ල යන දිස්ත්‍රික්කවලට නිකුත් කර තිබූ නායයාමේ අවදානම තවදුරටත් එලෙසම පවතින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. හල්දුම්මල කොස්ලන්දවත්ත ප්‍රදේශයේ පවුල් 6ක්ද නාය අවදානම මත එම ස්ථානවලින් ඉවත් කර ඇත.

මේ අතර බෙංගාලබොක්ක ආශ්‍රිතව වර්ධනය වන පීඩන අවපාතයක් හේතුවෙන් පවතින වැසි තත්ත්වය ඉදිරි දිනවලද පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බස්නාහිර, වයඹ, මධ්‍යම, ඌව, සබරලමුව පළාත්වල සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවල මිලිමීටර 150 ඉක්මවූ වැසි ද ඇතිවිය හැකිය.

ඊට අමතරව අරාබි මුහුදේ වර්ධනය වී ඇති සුළිකුණාටු තත්ත්වය හේතුවෙන් ඇතැම් අවස්ථාවල මුහුදු රළු ස්වභාවයක් ගත හැකි බැවින් ධීවර හා නාවික කටයුතුවලදී සැලකිලිමත් වන ලෙසද එම දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

අනිත් අයටත් කියවන්න share කරන්න

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top