දැනුම

ලස්සන වෙන්න රහස් මෙන්න

දින 10 න් සම රත්තරන්…Golden Skin from 10 days කාන්තාවන් තරුණ වීමට දක්වන්නේ පුදුමාකාර ලොල් බවකි. වයසට යෑම නතරකළ නොහැකි මුත් පාලනය කළ හැකිවීම ඔබට සතුට දනවන කරුණක් වනු නිසැකය. ඔබ කුමන වයසක පසු වූවත් නිසි ආයුර්වේද ප්‍රතිකාර කිරීමෙන් ඔබෙන් ගිලිහී ගිය තාරුණ්‍ය යළි ප්‍රතිනිර්මාණය කළ හැකි වීම ඔබේ සතුට දෙගුණ තෙගුණ කරනු ඇත.

තරුණ බව තරුණියකගෙන් ගිලිහී යද්දී තාරුණ්‍යයට තව තවත් ලොල් බඳිනුයේ සදාකාලිකවම තරුණ බව හා රොද බැඳ සිටින්නට කාන්තාවන් කැමැති නිසාය.

Image result for BEAUTY GIRL

අතීතයේ රජ බිසෝවරු, රජ කුමාරිකාවන් තම තරුණබව රැක ගැනීම සඳහා භාවිත කළ අතිශය දුර්ලභ, රහස්‍ය ඖෂධ සංයෝග අද ද රූපලාවණ්‍ය රහස් වශයෙන් පවතී.

එවන් වූ අතිශය දුර්ලභ රහස්‍ය ඖෂධ වර්ග 5 ක් තරුණී පාඨක ඔබ වෙනුවෙන් කිසිදු ගුරු මුෂ්ටියකින් තොරව ඉදිරිපත් කරනුයේ කාන්තා ඔබගේ සුන්දරත්වය තව තවත් වර්ධනය කරනු පිණිසය.

තරුණ බව නිති රකින නාගබලා රසායනය

* නාගබලා යනු සිරිවැඩි බැබිලය. සිරිවැඩි බැබිල මුල් කුඩු, තේ හැඳි එකක් හෝ දෙකක් එළකිරි වීදුරුවකට දමා උදේ සවස පානය කිරීම හෝ සිරිවැඩි බැබිල මුල්කුඩු, මීපැණි, එළඟි තෙල් සමඟ මිශ්‍රකර තේ හැඳි එකක ප්‍රමාණය උදේ සවස කෑමට ගෙන කිරි වීදුරුවක් පානය කිරීම.

* වළඟසාල් කුඩු, අරළු කුඩු, බුළු කුඩු, නෙල්ලි කුඩු, තිප්පිලි කුඩු සමව ගෙන එයට සීනි හා එළඟි තෙල් දමා යවකර ලුණු ද ඇඟිලි තුඩු දෙකකට හසුවන ප්‍රමාණය දමා අනා මාස තුනක් පමණ උදේ සවස තේ හැඳි එකක හෝ දෙකක ප්‍රමාණය කෑමට ගෙන කිරි වීදුරුවක් පානයෙන් වයස්ගත කාන්තාවන් පවා සොළොස් වියැති තත්ත්වයට පත්වන බව පැවසේ.

* එළකිරි ළිප තබා එයට වැල්මී කුඩු, කිරිබදු අල කුඩු හා උක් හකුරු කුඩු දමා සිඳ උදේ සවස මාස තුනක් පමණ පානයෙන් කාන්තා ඔබගේ ගිලිහී ගිය තාරුණ්‍යය යළි ඔබ අතට පත්කර ගත හැකියි.

* කිරිබදු අල කුඩුවලට කිරිබදු අල යුෂ, මීපැණි හා එළඟි තෙල් දමා මිශ්‍රකර උදේ සවස තේ හැඳි එකක හෝ දෙකක ප්‍රමාණය කෑමට ගෙන කිරි වීදුරුවක් පානය කිරීම.

ලෞහ භෂ්ම

ලෞහ යනු ශෝධනය කරන ලද යකඩය. ලෞහ භෂ්ම වෛද්‍ය උපදෙස් මත භාවිතයෙන් ද තරුණ බව ආරක්ෂා වේ.

සොඳුරු තාරුණ්‍යයට මෙන්ම පැහැපත් බව වර්ධනය සඳහා ද අතීතයේ සිටම භාවිතකළ හස්තසාර ඖෂධ සංයෝග කිහිපයක් ද මෙලෙස සටහන් වන්නේ පාඨක ඔබගේ සුන්දරත්වයේ වර්ධනය සඳහාම ය.

ලොධ්‍රාදී ලේපය

මෙය සමේ පැහැපත්බව රකින දිව්‍යමය ඖෂධයක් බඳුය. එය සකසා ගන්නේ මෙලෙසිනි. ලොත් සුඹුල් කුඩු, කොත්තමල්ලි කුඩු සම

ව ගෙන එයට වදකහ කුඩු ස්වල්පයක් දමා පිරිසුදු ජලය සමඟ මිශ්‍රකර ආලේපනයෙන් සම පැහැපත් වේ. මුහුණේ පවතින කුරුලෑ නැතිවේ.

චන්දනාදී ලේපය

දිදුලන පැහැපත් සමකට මෙය අතිශයින්ම මහෝපකාරී වේ. රත් හඳුන් කුඩු, වැල්මදට කුඩු, ලොත් සුඹුළු පොතු කුඩු, සුවඳ කොට්ටං කුඩු, පරිප්පු කුඩු සමව ගෙන එළකිරි සමඟ මිශ්‍රකර ආලේප කිරීමෙන් සමෙහි පැහැපත් බව වර්ධනය වේ.

ස්ක්‍රබ් කිරීම

ස්වභාවික ලෙස ඉවත් නොවී පවතින මැරුණු සම ඉවත් කිරීමක් ස්ක්‍රබ් කිරීමෙන් බලාපොරොත්තු වේ. ස්වභාවික ඖෂධීය කුඩු වර්ග භාවිත කොට ස්ක්‍රබ් කිරීමෙන් සමට කිසිදු හානියක් සිදු නොවේ. ස්ක්‍රබ් එකක් සාදා ගැනීමේදී මුල් පසුතලය සාදා ගැනීමට ධාන්‍ය පිටි භාවිත කරනු ලබන අතර එය සුවඳවත් කරගැනීමට වියළි මල්පෙති ද භාවිත කළ හැකිය.

සාමාන්‍ය සමට

බාර්ලි කුඩු, සුදු හඳුන් කුඩු, මදුරුතලා කුඩු, රෝස පෙති කුඩු යන මෙම ඖෂධ සම සමව ගෙන පිරිසුදු ජලය

කඩල පිටි, ආමන්ඩ් කුඩු, අමුක්කරා කුඩු, අරළු කුඩු, උළුහාල් කුඩු, මදුරුතලා කුඩු, රෝස පෙති කුඩු, ඉරිඟු පිටි යන ඖෂධ සමව ගෙන පිරිසුදු ජලය සමඟ හෝ එළකිරි සමඟ හෝ කෝමාරිකා යුෂ සමඟ හෝ මිශ්‍රකර ආලේපය.වියළි සමටමිශ්‍රකොට ආලේපය.

තෙල් සහිත සමට

බාර්ලි පිටි, හාල් පිටි, නෙල්ලි කුඩු, කොත්තමල්ලි කුඩු, වැල්මදට කුඩු, කොහොඹ කුඩු, සුදු හඳුන් කුඩු යන මේවා තනුක කරන ලද දෙහි යුෂ සමඟ හෝ යෝගට් සමඟ මිශ්‍රකර ආලේපය.

වැඩුණු සමට

බාර්ලි පිටි, හාල්පිටි, අරළු කුඩු, අමුක්කරා කුඩු, මදුරුතලා කුඩු, වැල්මී කුඩු, දොඩම් ලෙලි කුඩු යන ඖෂධ සමව ගෙන පිරිසුදු ජලය සමඟ හෝ එළකිරි මිශ්‍රකර ආලේපය.

කැළැල් සහිත සමට

බාර්ලි කුඩු, අමුක්කරා කුඩු, කොත්තමල්ලි කුඩු, උළුහාල් කුඩු, කොහොඹ කුඩු, වැල්මදට කුඩු, කහ කුඩු, ඉඟුරු කුඩු යන මේවා යෝගට් සමඟ මිශ්‍රකර ආලේපය.

ස්වභාවිකත්වයට සමීපවීමෙන් ලබාගත හැකි මෙම ගුණය මිල කළ නොහැකි තරම්ය. එසේම ස්වභාවිකත්වය හා සමීප වුණු ඉහත සඳහන් ප්‍රතිකාර කිරීමෙන් සිරුරට යහපතක් මිස අයහපත් නම් නොවේ.

උපදෙස් – ආචාර්ය, වෛද්‍ය භූෂණ මහේෂ් අතුරලිය ගෙනි

යාළුවන්ටත් බලන්න SHARE කරන්න

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top