දැනුම

නිවසේදීම රසම රස චොකලට් හදන්නේ මෙහෙමයි

චොකලට් කියන්නේ වයස භේදයකින් තොරව බාල මහලු හැම කෙනෙක්ම වගේ කෑමට ප්‍රිය කරන රස කැවිල්ලක්. කවුරු හරි ඔබේ ප්‍රශ්න කලෝතින් ලොව ජනප්‍රියතම රස කැවිල්ල කුමක්ද කියලා එයට දිය හැකි නිවැරදිම පිළිතුර වෙන්නෙත් චොක්ලට්ම තමයි.

Image result for chocolate

චොකලට් කන්න අපි මොන තරම් ආස උනත්, රසයෙන් වැඩි හොද චොකලට් වර්ග වල වෙළදපොල මිල අපිට දැරීමට අපහසුයි. මේ නිසාම අපි කරන්නේ මිලෙන් අඩු බාල විදියට හදපු චොකලට් එකක් කාල අපේ රස නහර ලාවට හරි පිනව ගන්න එක. එත් ඔබට පුළුවන් නම් ගුණයෙන් වැඩි රසම රස චොකලට් ටිකක් ගෙදරදීම හදා ගන්න මොන තරම් හොදයිද නේද? ඔන්න අද විශ්ම ලෝකයෙන් අපි ඔබට කියා දෙනවා නිවසේදීම චොකලට් හදන හැටි

Image result for chocolate

මේ සදහා අවශ්‍ය අමු ද්‍රව්‍ය වෙන්නේ

1. කොකෝවා පවූඩර් – කෝප්ප 2 (220 g)
2. බටර් කෝප්ප ¾ ( 170 g) -කාමර උෂ්ණත්වයට මොලොක් වූ
3. පවූඩර් කරන ලද සීනි – කෝප්ප ½ (100 g) –

4. කිරි – කෝප්ප 2/3 (150 ml)
5. ලුණු – තේ හැදී ¼
6. ජලය – කෝප්ප 1 ( 235 ml)

අවශ්‍ය උපකරණ : පිරිසිදු ලෝහ භාජනයක් , කුඩා භාජන කිහිපයක් , ලී හැන්දක්, අත් බීටරයක්, ඇඹරුම් යන්ත්‍රයක්, චොකලට් අච්චු…

දැන් අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. හරි මුලින්ම ගන්නකො ටිකක් විතර ලොකු පිරිසිදු භාජනයක්. දැන් ඉතින් ගෙදර තියෙන ලොකුම භාජනේ ගන්න එපා හොදේ. ටිකක් විතර ලොකු එකක් ගන්න. චුටිම එකක් ගන්න එපැයි කියලයි කිව්වේ. දැන් ගැළපෙන භාජනේ හොයා ගත්තා නම් එකට කොකෝවා කුඩු ටික දා ගන්න. බටර් ටිකත් දා ගන්න. හැබැයි බටර් ටික එකතු කර ගන්න කලින් එය කාමර උෂ්ණත්වයට පත් කර ගත යුතුයි. දැන් අත් බීටරයක් අරගෙන මේ ජාති දෙක ක්‍රීම් එකක් බවට පත් වනතුරු හොදින් කලවම් කර පල්පයක් සාදාගන්න.

මෙලෙස සාදාගත් මිශ්‍රණය රත් කර ගත හැකි වෙනත් බදුනකට දමා එය ජාල තාපකයක ආධාරයෙන් මද ගින්නේ රත්කරන්න. ජල තාපක ක්‍රමය කියන්නේ කෙලින්ම ගින්දරේ රත් කරන්නේ නැතුව රත් කර ගත ජල බදුනක ජලය මත තබා රත් කර ගැනීම. ඔය ඩබල් බොයිලර් කියන්නේ මෙන්න මේ ක්‍රමයට තමයි. ඩබල් බොයිලර් ක්‍රමයට රත් කරන අතරවාරයේ දී රබර් හෝ ලී හැන්දක් ආධාරයෙන් කලවම් කරමින් කැටි ගැසීම වලක්වා ගන්නත් ඕන. රත් කරගත් චොකලට් මිශ්‍රණය ( උතුරවා නොගන්න.) නැවත බීටරයෙන් මෘදූ වන ලෙස කලවම් කර ගන්න.

දැන් ගන්නකො තව භාජනයක්. දාන්න එකට සීනියි කිරියි. හොදින් කලවම් කරන්න. මෙම කිරි හා සීනි මිශ්‍රණය කලින් සාදාගත් චොකලට් මිශ්‍රණයට පොඩ්ඩ පොඩ්ඩ එකතු කරමින් අත් බීටරය ආධාරයෙන් හොදින් ක්‍රීම්වන හා මෘදුවන ලෙස කලවම් කර ගන්න. දැන් මිශ්‍රණයේ රස පරික්ෂා කර අවශ්‍ය නම් සීනි හා ලුණු පදමට එකතු කරන්න.

හරි දැන් අපි ගොඩක් දුරට චොකලට් හදලා ඉවරයි. දැන් කරන්න තියෙන්නේ සාදාගත් චොකලට් මිශ්‍රණය චොකලට් අච්චු වලට පුරවලා ඝන වීම සදහා ශීතකරණයක තබන එක. හොදින් ඝන වූ චොකලට් අච්චුවලින් ගලවා රස විදින්න ඔබට පුළුවන්. එහෙනම් යාලුවනේ මේ විදියට ගෙදරදීම චොකලට් හදලා රසවිදින්නකෝ. ඒ ගමන්ම අපේ විශ්ම ලෝකට ෆේස්බුක් පිටුවටත් ලයික් එකක් දාගෙනම යන්න. ඔබට සුබ දවසක්.

යාළුවන්ටත් බලන්න share කරන්න

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top