දැනුම

ඇඟට නොදැනෙන්න මදුරුවකු පිටව යෑමේ අපූර්ව රහස

මදුරුවකු ඉතා ක්ෂුක්ෂමව සිරුරෙන් ඉවත්ව යන්නේ කේසේද? මෙය ජීව විද්‍යාඥයන් හමුවේ කලක සිට පැවති ආන්දොලාත්මක ගැටළුවකි. මේ පිළිබඳ මෑතකදී කල පරීක්ෂණයක් මගින් කරුණු අනාවරණය කරගෙන ඇත.

Image result for mosquito

මදුරුවකු ඉවත්ව යෑමට සාපේක්ෂව මැස්සන් වැනි අනෙකුත් කෘමීන් ඉහලට එසවීමේ දී පළමුව වසා සිටින පෘෂ්ඨය මතුපිට පීඩනයක් ඇති වන අතර අක්‍රමවත් හා වේගවත් පියාසැරිය මගින් ඉවත්ව යයි. මෙහිදි වසා සිටින ප්‍රදේශය පිළිබඳව මනා වැටහීමක් ලබා ගැනීමෙන් පහර කෑමට ලක්වීමේ සම්භාවිතාවය වැඩි බව පරීක්ෂකයන් පෙන්වා දෙයි.

Image result for mosquito

නමුත් මදුරුවකුගේ පිටව යෑම පියාපත් මගින් සිදුවන විශේෂ චලනයක් මගින් සිදු කරන අතර උගේ පාද වඩාත් සියුම් ලෙස හා ඇතැම් විට නොදැනෙන තරමට තරමට පාෂ්ඨයට නොදැනීම ඉවත් කර ගන්නා බව මේ පිළිබදව පර්යේෂණයේ යෙදෙන කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ජීවවිද්‍යාඥ “සෝෆියා ඩැනග්“ පවසයි.

ඇය තව දුරටත් මැලේරියා වර්ගයේ මදුරුවන් යොදා ගනිමින් සිදු කරනු ලබන මෙම පර්යේෂණයේදී පෙන්වා දෙන්නේ පාද වලින් අවම පීඩනයක් යොදමින් හා පියාපත් මගින් යොදන උපරිම තෙරපුම මගින් ඇඟට නොදැනීම මදුරුවා අපෙන් ගිලිහී යන බවයි.ඇතැම් විට ආහාර නොගෙන පිටත් වීමේදී වඩා සැහැල්ලු සිරුරක් දරණ අතර රුධිරය උරා බී ඇති විට තම ශරීරය මෙන් දෙගුණයක බර දරා ඉගිල්ලීමටද මෙම හැකියාව සූක්ෂමව යොදාගන්නා බව පරයේෂකයන් පවසයි.

මේ සම්බන්ධයෙන් කටයුතු කරන නෙදර්ලන්තයේ “Wageningen” විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් මදුරුවන් 600 කගේ පියාසැරි දර්ශණ තලයන් රූගත කර ඇති අතර මේ සඳහා තත්පරයට දර්ශනයන් 125 000 ක වේගයෙන් යුත් අති ප්‍රභල කැමරා පද්ධතියක් යොදා ගෙන ඇත.මේ සඳහා තම ශරීරය මත මදුරුවන් වැසීමට සලස්වා රුධිරය උරා බීමට දී පසුව පිටව යෑමේදී දර්ශණ වාර ලබාගෙන ඇත. මේ සඳහා ඇනෝපිලීස් කොලුසි (Anopheles coluzzi) නම් මදුරු විශේෂය යොදාගෙන ඇති අතර වඩාත් ජීවායුහරිත තත්වය යටතේදී සිදු කිරීමට වගබලාගෙන ඇත.

මේ පිළිබඳව පර්යේෂණයේ යෙදෙන පර්යේෂකයන් පවසන්නනේ මෙම සොයාගැනීම ඉදිරියේදී වඩාත් සියුම් රෝබෝවන් නිස්පාදනයේදී (Miniaturigation Technology) යොදා ගත හැකි බවයි.

ඩැන්ග් ඇතුලු පර්යේෂකයන් මෙහිදී අති ක්ෂුක්ෂම කැමරා මගින් ලබා ගත් දර්ශණ තල අධ්‍යයනය කිරීමෙන් අනතුරුව, මදුරුවකු ඉවත් විමේදී සිදුවන පියාසැරියේ විශේෂිත වායුගතික සිද්ධාන්තයන් (Aerodynamic ) හදුනාගෙන ඇත. තවදුරටත් පර්යේෂකයන් පවසන්නනේ මදුරුවකු පෘෂ්ඨයෙන් ඉවත්වීමට මිලි තත්පර 30 කට පෙරදී තම අත්තටු කම්පනය ආරම්භ කරන අතර එය අති වේගවත් හා තත්පයකට කම්පන වාර 600 ක් පමණ වන බවත් හදුනාගෙන ඇත.

නමුත් අනෙකුත් කෘමීන්ගේ මෙය තත්පරයට කම්පන වාර 200 ක් බව හදුනාගෙන ඇත. ගණනය කිරීම් වලට අනුව ඉවත් වීම සදහා යොදන බලයෙන් 60% ක ප්‍රමාණයක් හෝ ඇතැම් විට සම්පූර්ණ බලයම මෙම පියාසැරි රටාව මත රදා පවතින බව හෙලිකරගෙන ඇත.

මෙම සිද්ධාන්තය මදුරුවන්ට සුවිශේෂි වනවා මෙන්ම ඇතැම්විට රුධිර පරපෝෂී කෘමීන් බොහොමයකට උරුම වන බව පර්යේෂකයින්ගේ විශ්වාසයයි.

පලතුරු මැස්සන් හා මදුරුවන් සැසඳීමේදී පලතුරු මැස්සාගේ පාද සතු විශේෂිත මාංශ පේෂින් ( Quick kick muscles ) මදුරුවන්ගේ පාද තුල ප්‍රකට නැත. එයට හේතුව පෘෂ්ඨයක් මතින් ඉගිල යාමේදී පලතුරු මැස්සාට තම පාද මගින් අමතර වැඩි බලයක් යෙදීමට සිදු වීමයි.

පර්යේෂකයන්ගේ ඊලග අවධානය මදුරුවකුගේ ගොඩ බෑම හා අනෙකුත් කෘමීන්ගේ ගොඩ බෑමත් අතර වෙනස්කම් හඳුනාගනිමින් රුධිර පරපෝෂි හා එසේ නොවන කෘමීන්ගේ ගොඩබෑමේ විශේෂිත චර්යාවන් හඳුනා ගැනීමය. මෙය අනාගත වෛද්‍ය හා කීට විද්‍යාවන්හීදී මෙන්ම රොබෝ තාක්ෂණයේද නව සොයාගැනීම් සඳහා නව මංපෙත් විවරකර දීමට හේතුවන බව පර්යේෂකයින්ගේ අදහසයි.

යාළුවන්ටත් කියවන්න share කරන්න

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top