Aඩොලර් 20 ක නෝට්ටුවක් ඉහළට ඔසවමින් ප්‍රකට දේශකයෙක් එක්තරා සම්මන්ත්‍රණයක සිය දේශනය ආරම්භ කළා. 200 ක් පමණ රැස්ව සිටි පිරිසගෙන් ඔහු ඇහුවා ” කාටද මේ ඩොලර් 20 නෝට්ටුව ඕනෙ?” කියලා.
හැමෝගෙම දෑත් ඉහළට එසවුණා.
![]()
” මේ ඩොලර් 20 නෝට්ටුව ඔයාලගෙන් එක් කෙනෙකුට මම දෙනවා. ඊට කලින් මට කරන්න දෙයක් තියෙනවා,” ඔහු කිව්වා.
එහෙම කියලා ඔහු එක අතකින් අර ඩොලර් 20 නෝට්ටුව හොඳටම පොඩි කරන ගමන් ඇහුවා ” තාමත් මේ නෝට්ටුව ඕනෙ කරන කෙනෙක් ඉන්නවද ? ” කියලා.
ඒත් හැමෝගෙම දෑත් ඉහළටම එසවිලා තිබුණා.
“හොඳයි. මං මෙහෙම දෙයක් කළොත් මොකද වෙන්නෙ,” කියලා දේශකයා නෝට්ටුව බිමට වට්ටවා ඔහුගේ සපත්තුවෙන් එය පෑගුවා. දූවිලි තැවරී පොඩි වුණු නෝට්ටුව අතට ගනිමින් ඔහු නැවත ප්‍රේක්ෂකාගාරයෙන් ඇහුවා,
” දැන් තවදුරටත් මේක අවශ්යා කෙනෙක් ඉන්නවද?”
සභාවේ සිටි සියල්ලන්ගේ දෑත් එවරද ඉහළට එසවී තිබුණා.
” මිත්‍රවරුනි, ඔයාලා හැමෝම මෙතනින් වැදගත් පාඩමක් ඉගෙන ගන්නවා. මම මේ මුදල් නෝට්ටුවට මොනව කළත් ඔයාලාට ඒක අවශ්‍ය වුණා. මොකද මම කළ කිසි දෙයකින් ඒ නෝට්ටුවෙ වටිනාකම අඩු වුණේ නෑ. ඒකෙ වටිනාකම ඩොලර් 20 ක් ම තමයි.
ජීවිතයේ නොයෙක් අවස්ථාවන්වල අපි ගන්න තීන්දු තීරණ වගේම අපිට මුහුණපාන්නට සිදුවන තත්ත්වයන් හමුවේ අපි මානසිකව පහළටම වැටෙනවා, ප්‍රශ්නවලින් පීඩාවට පත්වෙනවා, හෙම්බත් වෙනවා. එහෙම වෙනකොට තමන්ගෙ ජීවිතෙන් ඇති වැඩක් නෑ කියන හැඟීම හිතට එනවා. ඒත් සිද්ධ වෙච්ච දේ, සිද්ධ වෙන්න තියෙන දේ මොකක් වුණත් ඔබේ වටිනාකම කවදාවත් නැති වෙන්නෙ නෑ! ඒක හොඳට මතක තියා ගන්න.”
(Power of Positivity ඇසුරින් පරිවර්තනයකි)
යාළුවන්ටත් කියවන්න SHARE කරන්න
නදීෂානි පණ්ඩිතරත්න
2018 / 07 / 13
උපුටා ගැනීමකි