‘‘මට මගේ ජීවිතේ වීරයෙක් සොය ගන්න නොහැකි වුනා. ඒ නිසා මම මගේ ජීවිතේ වීරවරිය වුනා’’

– මුනිබා මාසාරි (Iron lady of the Iron lady of the Pakistan)
ඉහත ඇය පැවසූ වදන් පෙළ මාව අතිශය කම්පනයට පත් කළ අතර ඇය මගේ ජීවිතේ වීරවරිය බවට පත් වූයේ නිතැතිනි.
”ඔබ සිතනවා ද ඔබේ ජීවිතය දුෂ්කරයි කියලා අත් හරින්න තරම් , ඔබ සිතනවා ද ජීවිතේ ඔබට අකාරුණිකයි කියලා, ජීවිතේ අපිට ලැබෙන ප්‍රශ්න ලොකු වැඩි කියලා, ප්‍රශ්න ලොකු වැඩි නෑ, අපි ගොඩක් පොඩියි. අපිට ඒවා මෙහෙයවන්න බෑ. ඒකයි හේතුව”
පේ්රක්ෂකයන්ගේ අත්පොළසන් මැද මෙලෙස පවසමින් ඇය වේදිකාවට පැමිණෙන්නේ ඇගේ ජීවන සහයකයා වන රෝදපුටුව මතිනි.

මුනිබා මසාරි, පාකිස්තානයේ යකඩ ගැහැනිය යන අන්වර්ථ නාමයෙන් ලොවක් හ`දුනන ඇය දක්ශ අභිපේ්රරණ ශිල්පිනියක්, චිත්‍ර ශිල්පිනියක්, ගායිකාවක්, ළමා හා කාන්තා අයිතිවාසිකම් පිළිබඳ කටයුතු කරනා සමාජ ක්‍රියාකාරිණියක් මෙන්ම නිරූපණ ශිල්පිනියක් ද ලෙස ඉදිරියට පැමිණ ඇත්තේ ආබාධිතභාව, බලාපොරොත්තු බිඳ වැටීම්, ප්‍රශ්න බාධාවක් නොවන බව මනාව පසක් කරමිනි.
1987 මාර්තු 03 වන දින පාකිස්තානයේ රහීම් යාර් ඛාන් නගරයේ උපත ලද ඇය කලා උපාධිය සම්පූර්ණ කරනවාත් සමගම විවාහ දිවියට එළඹෙන්නේ පියාගේ බලවත් ඉල්ලීම හේතුවෙනි. ඇය පවසන පරිදි එය සතුටුදායක විවාහයක් නොවීය. එයින් අවුරුදු 2කට පසු ඇයගේ ජීවිතය සිහිනෙන්වත් නොසිතූ පරිදි නිමේශයකින් වෙනස් විය. ඒ සැමියාට නින්ද යාම හේතුවෙන් ඇය මාරාන්තික රිය අනතුරකට භාජනය වීමත් සමගය.
සැමියාට එයින් අනතුරක් නොවූ අතර ඒ පිළිබඳ ඇය දෙවියන්ට ස්තූතිවන්ත වූවාය. නමුදු ඇයගේ කශේරුවට, සුෂුම්නාවට මෙන්ම පර්ශු වලට දැඩි සේ හානි විය. එම නිසා අවුරුදු 2ක් පුරා රෝහලේ කාමරයට වී අ`දුරු ජීවිතයක් ගත කරන්නට ඇයට සිදු විය.
”පළවෙනි දවසේ ඩොක්ට මං ළ`ගට ඇවිත් කිව්වා ඔයා චිත්‍ර ශිල්පිනියක් කියලා මට දැනගන්න ලැබුණා. ඒත් කියන්න කණගාටුයි ඔයාට ආයෙ කවදාවත් චිත්‍ර අ`දින්න බෑ කියලා. දෙවෙනි දවසේ ඩොක්ට කිව්වා ඔයාගෙ සුෂුම්නාව සහ කශේරුවට වුණු හානිය නිසා කවදාවත් ඇවිදින්න බෑ කියල. ඒත් ඒ වේදනා මං දරාගත්තා .
තුන්වෙනි දවසේ ඩොක්ට මං ළ`ගට ඇවිත් කිව්වා ඔයාට කවදාවත් අම්මා කෙනෙක් වෙන්න බෑ කියලා ඒත් ඒ දේ මට දරාගන්න බැරි වුනා.”
ඇය මෙසේ පවසද්දී මට ද දරාගත නොහැකි වූයේ ඇය කීවේ මාගේ පපුව තුළ සිර වී තිබූ දේ ම නිසා දැයි මට සිතේ.
මේ සිද්ධියෙන් ඇයගේ විවාහ ජිවිතය සම්පූර්ණයෙන්ම බිඳ වැටුණි. ඇයට සැමියාගේ සහය අවශ්‍යම වූ මොහොතේ සැමියා ඇයව දික්කසාද කලේය. නව විවාහ දිවියකට සුබ පතමින් ඇය ඔහුට සමු දුන්නාය.
නිතර දකින රෝහලේ බිත්ති ඇයව වෙහෙසට පත් කලා. ඇය තීරණය කරනවා ඇයගේ අදුරු ජිවිතය නව පැහැයකින් වර්ණවත් කරන්න. ඇය චිත්‍ර අ`දින්න පටන්ගන්නවා. එය මානසික සුවයට ද මහත් රුකුලක් විය. ඇයගේ පළමු සිතුවම ඇය පවසන පරිදි මරණයේ ඇද මත නිම විය. එතැන් සිට ඇය නිම කළ සිතුවම් ලොව පුරා දහස් ගණනක ගේ නෙත් සිත් පැහැර ගනිමින් අළෙවි විය. ඇය සිතුවම් තුළින් බෙදා ගත්තේ ඇයගේ ජීවිත කතාවයි.
රෝහලින් නික්මී නිවසට පැමිනිය ද ඇයට හිද ගැනීමට නොහැකි විය. තවත් අවුරුදු 2ක් කාමරයේ ඇද මත දිගා වී ජනේලයේ පිටත ලෝකයේ සුන්දරත්වය විදිමින්, කුරුල්ලන්ගේ හඩට සවන් දෙමින් සිටියේ පවුලේ සියලූ දෙනා සමඟ එලියට යාමට කවදා හැකි වේ දැයි සිතමිනි. ඇය ඒ කාලය තුළ අවබෝධ කරගන්නවා මිනිසුන් කොච්චර වාසනාවන්ත ද ඒත් මිනිසුන්ට ඒ ගැන වැටහීමක් නෑ කියලා.
ඇය තීරණය කරනවා ජීවිතේ වටිනාකම, ප්‍රශ්න, වේදනාව මිනිසුන්ට ආශිර්වාදයක් වෙන බව කියල දෙන්න. අවුරුදු 2 යි මාස දෙක හමාරක් ගත වීමෙන් අනතුරුව ඇයට රෝද පුටුව මත ඉදගැනීමේ හැකියාව ලැබීමත් සමග ඇය එම කාර්ය ආරම්භ කළාය. ඒ සදහා ඇයට තමාගේ ජීවිතේ තිබෙන බය සමග සටන් කිරීමට සිදු විය. මක් නිසාද යත් බය යන සාධකය මුදල්, කාලය, ආත්ම විශ්වාසය විනාශ කරන බැවිනි. දික්කසාදය, මවක් වීමේ නොහැකියාව, ආබාධිතභාවය යන ප්‍රධාන කාරණා ඇයගේ බයට හේතු වූ අතර ඒවා එකින් එක ජීවිතයෙන් ඉවත් කලේ ශක්තීන් බවට පරිවර්තනය කර ගනිමිනි.
මව් සෙනෙහස අහිමි දරුවන් හට අම්මා වෙමින් ද එවන් එක් දරුවෙකු හදා වඩා ගනිමින් ”මගේ පුතාට අවුරුදු 6ක් වෙනවා. මං තමා මේ ලෝකේ වාසනාවන්තම අම්මා” යනුවෙන් සතුටින් පවසද්දී තවත් ඒ පිළිබඳ විස්තර කිරීමට වචන අවශ්‍ය වන්නේ නැත.
ඇය ජනතාව අතරට යද්දී මුහුණ පෑමට සිදු වූ ඊළඟ අභියෝගය වූයේ ආබාධිතභාවයයි. මාගේ අත්දැකීම් අනුව විශේෂයෙන් බොහොමයක් මිනිසුන් එවැනි පුද්ගලයන්ගේ දකින්නේ ආබාධිත බව මිසක් හැකියාව නොවේ. මිනිසුන්ගේ පටු ආකල්ප, නොදැනුවත්කම මීට ප්‍රධාන හේතු වේ. ”ගතිගුණ අතරින් අපි තවමත් වනන්තරේ” යනුවෙන් කණගාටුවෙන් වුව ද මට කියන්නට සිදු වන්නේ අපේ රටේ තත්ත්වය මීට නොදෙවෙනි බව මතක් වූ නිසාවෙනි.
මුනිබාගේ නමින් බොහොමයක් සංවිධාන බිහි වූ අතර නිරූපණ කටයුතු, රූපවාහිනී වැඩසටහන් තුළින් සේම අභිපේ්රරණ් ශිල්පිනියක් (Motivational Speaker) ලෙස සමාජය ඉදිරියට පැමිණියේ ආබාධිත බව බාධාවක් කර නොගැනීමෙනි.
‘‘මිනිසුන් දැක්කේ මගේ නොහැකියාව, ඒත් මං දැක්කේ මගේ හැකියාව. මිනිසුන් දැක්කේ මගේ දුර්වලතාවය ඒත් මං දැක්කේ මගේ ශක්තිය විදියට ”
ඉතින් ඔබ තවමත් සිතනවා ද අත්හරින්න තරම් ඔබේ ජීවිතය දුෂ්කරයි කියලා. අත් හරින්න ඔබව පසුගාමී කරන බය. සටන් කරන්න අභියෝග සමඟ ඒ ලැබෙන ශක්තිය ඔබව ජීවත් කරනවා සත්තයි.
යාළුවන්ටත් බලන්න SHARE කරන්න
චාමිනි කුමාරතුංග
උපුටා ගැනීම ලක්බිම