gossip

තාත්තා ගැන ලියපු එකම රචනාව

තාත්තා ගැන ලියපු එකම රචනාව.

Image may contain: one or more people, people standing, outdoor and nature

මගේ තාත්තා මහ අපිළිවෙල මනුස්සයෙක්. එයා හැමදාම ඇන්ඳෙ පරණ ඇඳුම්. අපේ ගෙදර හිටපු කැතම කෙනා එයා. ගමනක් යන්න ගියත්, මගුල් ගෙදරකට ගියත්, එයා අපිට අලුත් ඇඳුම් අරන් දුන්නා. හැබැයි එයා ඇන්දෙ පරණ ඇදුම්. අළුත් අවුරුද්දටත් එහෙමයි.

මට මතකයි එක අලුත් අවුරුද්දකට අපේ තාත්තා මල්ලිටයි නංගිලා දෙන්නටයි මටයි ඇදුම් අරන් ආවා. අම්මටත් ගෙනාවා.. හැබැයි එයා සරමක්වත් අරන් තිබුණේ නෑ.

ආහ් මේ පාරත් පරණ ඇඳුම් ඇඳලා වගේ නැකතට ඉන්න හදන්නෙ…

Image result for FATHER

අම්මා එහෙම කියද්දි තාත්තා හිනා වෙලා නිකං හිටියා. තාත්තා ලස්සනට ඉන්න කැමතිම නැද්ද අප්පා. මට එහෙමත් හිතුණා. අපේ ස්කෝලෙට එන සමහර තාත්තලා ආවේ ප්‍රින්සිපල්ටත් වඩා ලස්සනට. ළමයි මට එයාලගේ තාත්තලාව පෙන්නුවා. අර ඉන්නෙ අපේ තාත්තා. මගේ තාත්තා හැමදාම ආවේ පරණ විදිහට. අර ඉන්නේ මගේ තාත්තා කියලා මාත් යාලුවන්ට පෙන්නුවා. හැබැයි එයාලා මගේ තාත්තා දිහා එහෙම ගෞරවයකින් බැලුවේ නෑ.

Image result for FATHER POOR

මගේ තාත්තා කන්න කැමති කිසිම කෑමක් තිබුණෙ නෑ. ඒක හරිම පුදුම දෙයක්. එයා අපිට හැම දේම කන්න අරන් එනවා. පාන්, කේක්, චීස්, රයිස්, පළතුරු… වගේ ලෝකේ තියෙන හැම රසවත් කෑමක්ම එයා අපිට ගෙනැල්ලා දීලා තියෙනවා.

ඒවා අම්මා බෙදද්දි මේ ටික තාත්තට කියලා කොටසක් අරන් තියනවා. කිසිම දවසක තාත්තා ඒ ටික ඉවර වෙනකං කෑවේ නෑ කියලා මට මතකයි. මං පොඩි එකා. තාත්තා මිදි ගෙඩි පහෙන් එකක් කාලා හතරක් මට දෙනවා. චොකලට් එහෙම නොකාම මට දෙනවා. බත් කද්දි රසම කෑම ටික මං බොහොම වේගෙන් කාලා ඉවර කරනවා. තාත්තා එයාගේ පිගානේ තියෙන රසම දේවල් මගේ පිගානට දානවා.

ඇයි

මං ආස නෑ පුතේ…

මේ මනුස්සයා මහ පුදුම මනුස්සයෙක්. කන්න කැමති කෑමක් නෑ. අදින්න ආස ඇදුමක් නෑ. යාලුවෝ එක්ක පාටියකට යන්න කැමති නෑ. විනෝද වෙන්නෙ නෑ. එයා හැමදාම ජීවත් වුනේ ගහක් ගලක් වගේ. නිහඩයි. ගුප්තයි. තදයි. හිටපු ගමන් යකා වගේ කේන්තිත් ගත්තා. ගහන්න ගත්තාම මැරෙනවා පේන්නෙ නෑ ගහනවා. ඉන් පස්සේ හුරතල් කරන්නත් එනවා.
හැබැයි මං අද දන්නවා. තාත්තා කැමති වුනේ ලෝකේ තියෙන රසම කෑම බීම අපිට කවන්න.

තාත්තා කැමති වුනේ ලෝකේ තියෙන ලස්සනම ඇදුම් අපි අදිනවා බලන්න. තාත්තා කැමති වුනේ අපි මේ ලෝකේ සතුටින් ජීවත් වෙනවා බලන්න. අනෙකාගේ සතුට වෙනුවෙන් තමන්ගේ සතුට අත් හරින්න කියලා තාත්තා නිහඩවම මට කියලා දුන්නා. මගේ තාත්තා තමයි මගේ ආගම. මං තමයි එයාගේ එකව ශ්‍රාවකයා.

ඒ තාත්තා මට ආයේ කවමදාකවක් මුණ නොගැසෙන බව ඇත්තක්. මොකද මිනිස්සු එහෙම අත් හැරියාම, අනුන් වෙනුවෙන් ඒ තරං කැප වුණාම, සංසාරෙන් එතෙර වෙනවා. අන්න ඒ නිසයි මං මෙහෙම ලියන්නෙ. තාත්තලා කියන්නේ තවමත් සසරින් එතෙර නොවුණු බුදුවරු. මේ ඔවුන්ගේ අවසන් භවය.

#උපුටාගැනීමකි

යාළුවන්ටත් කියවන්න SHARE කරන්න

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top