සෑම කාන්තාවක්ම කියවිය යුතු ශෝචනීය කතාවක් …

“අද මට මල් පොකුරක් ලැබුණා…”
අද මගේ උපන් දිනයවත් වෙනත් විශේෂ දවසක් වත් නෙවෙයි.ඊයේ මුල් වතාවට අපි අතර බහින් බස් වීමක් සිදු උණා.ඔහු මට බොහෝ නරක නපුරු දේවල් කියමින් සිත ඉතාම වේදනාවට පත් කළා.නමුත් මං දන්නව ඔහු ඒ ගැන අනිවාර්යෙන්ම පසු තැවෙනව ඇති.ඒ කියූ දේවල් ඔහු සිතා මතා කියූ දේ නොවිය හැකියි.
“මොකද ඔහු මට අද මල් පොකුරක් එවා තිබුණා”
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
“අද මට මල් පොකුරක් ලැබුණා…”

අද අපේ විවාහ සංවත්සරය හෝ වෙනත් විශේෂ දවසක් වත් නෙවෙයි.ඊයේ ඔහු මට හොඳටම පහර දුන්නා.කිහිප වතාවක් මාව බිත්තියේ හප්පමින් හා ගෙල සිරකරගෙන සිටියා.ඒක හරියට භයානක නපුරු හීනයක් වගෙයි.පහුවදා උදේ මම ඒ සියල්ල අමතක කළා.ඔහු ඒ සිදුවීම ගැන පසුතැවෙනවා ඇතී.
“මොකද ඔහු මට අද මල් පොකුරක් එවා තිබුණා”
😔😔😔😔😔😔😔😔
“අද මට මල් පොකුරක් ලැබුණා”
අද අම්මාවරුන් ගේ දවස හෝ වෙනත් විශේෂ දවසක් වත් නෙවෙයි.ඊයෙත් නැවත ඔහු මට නරක විදියට පහර දුන්නා.කලින් දවස් වලටත් වඩා තත්ත්වය ගොඩක් නරක අතට හැරිල තිබුණා.”ඔහුව අතහැරියොත් මොකක් වේවිද?මං හිතුවා.මගෙ දරුවන්ට මොනව වේවිද?මිනිස්සු මොනා නොකියාවිද?දෙමාපියන් කොයි තරම් දුක් වේවිද?මට බය හිතුනා ඔහුව අතහැරීමට.මං දන්නව ඔහු පසුතැවෙනවා ඇති ඒ සිදුවීම ගැන.
“මොකද ඔහු මට අද මල් පොකුරක් එවා තිබුණා”
😟😟😟😟😟😟😟😟😟😟😟😟
“අද මට මල් පොකුරක් ලැබුණා…”
අද මට ඉතාම සුව්ශේෂී දවසක්.අද මගේ මළගම.ඊයේ ඔහු මට මැරෙනකම්ම පහර දුන්නා.මට ඔහුව හැර යන්නට තරම් ශක්තියක් තිබුණා නම් අද මට මේ මල් නොලැබෙන්න තිබුණා..
😢😢😢😢😢😢😢😢😢😢
මේක විදේශික මිතුරියක ගේ ගිණුමේ තිබෙණු දැකල මේ සමූහය වෙනුවෙන්මයි පරිවර්තනය කලේ.
මෙවන් ගැටලුවට මුහුණ දෙන බොහෝ දෙනා ඔබ දන්නව ඇති.ඔබටත් මෙවන් ගැටලු ඇති.අපට සම්පූර්ණයෙන් පිරිමින් මතම වරද පටවන්න බැහැ කොහෙත්ම.නමුත් බිරිඳ අත වරදක් නොමැතිවම වෙනත් පටු හේතූන් මත ගැහැණිය තලා පෙළා දමන පිරිමිනුත් ඉන්නව.කියන්න සතුටුයි අද සමාජයේ එවන් අය ගොඩක් අඩුයි.නමුත් නැතුවමත් නෙවේ.මං ඒ හොඳ පිරිසට මගේ ප්රණාමය පිරි නමනව.නමුත් අර තවමත් ඉන්න අතළොස්ස පිළිකුලෙන් හෙලා දකිනව.
ලංකාවේ සමහර කාන්තාවෝ පව්ල,සමාජය,දරුවො කියන සීමා වලින් හිරවෙල ඒ දුක් ගොඩේම ගිලිල ඉන්නව.ස්වාදීනත්වයක් හෝ ශක්තිමත් නොවීම නිසා එයාලට තීරණයක් ගන්න බැහැ.
මං කියන්නේ නැහැ හැම ගැහැණියක් ම රස්සාවක් කළ යුතුයි කියල.නමුත් කුමක් හෝ ස්වාධීනත්වයක් තිබිය යුතුමයි.අපි හැමවිටම යැපෙන්නන් විය යුතු නැහැ.විශේෂයෙන් අපි ශක්තිමත් විය යුතුයි.හරි වෙලාවට හරිම තීරණය ගන්න තරම්.
වැටෙන ඕනීම වෙලාවක නැවත නැවතත් නැටින්න අපිට පුලුවන් වෙන්න ඕනී.මේ ජීවිතේ බොහොම කෙටියි.ඕනීම වෙලාවක ඕනෑම පුද්ගලයෙක් වෙනස් වෙන්න පුලුවන්.ඒ හැමදේම නුවණින් විමසල ගන්න තියෙන හරිම තීරණය ගන්න ඕනී.මං කියන්නේ දාල යන්න කියල නෙවේ.අවස්තාවේ හැටියට හරිම දේයි කරන්න ඕන. අපි ශක්තිමත් හා කල්පනා කාරී නම් තමයි අපිට ඒ දේ කරන්න පුලුවන් වෙන්නේ.
ආදරණීය සැමියන් ව ආදරයෙන් ම තියාගන්න.ජීවීතේ ඕනෑම අභියෝගයකට ශක්තිමත් ව මුහුණ දෙන්න.ජීවිතේ බෝම කෙටියි.දුක් විඳිමින් ජීවත් වෙන්න එපා.ජීවිතේ සතුටින් තියාගැනීම ඔබ අතේමයි තියෙන්නේ.
“අර වගෙ මල් පොකුරක් ලැබෙනකම් නම් බලන් ඉන්න එපා.ඔබට පුලුවන් ඔබේ ඉරණම වෙනස් කර ගන්න …”
උපුටා ගැනීමකි
යාළුවන්ටත් කියවන්න SHARE කරන්න