දැනුම

කෙසෙල් ගැන ඔබ නොදන්නා පුදුම හිතෙන කරුණු

ලොව මිල අඩුම පළතුරක් වන කෙසෙල් සිව් වෙනියට ලොව නිපදවන කෘෂි බෝගයයි. වසරකට ලොව මිනිසුන් කෙසෙල් ගෙඩි බිලියන 100ක් පමණ ආහාරයට ගන්නවා.

ලොව වැඩියෙන්ම කෙසෙල් ආහාරයට ගන්නේ උගන්ඩා රාජ්‍යයේයි. උගන්ඩා වැසියෙක් වසරකට කෙසෙල් රාත්තල් 500ක් පමණ ආහාරයට ගන්නවා. උගන්ඩා භාෂාවෙන් කෑම සහ කෙසෙල් යන දෙකටම කියන්නේ matooke කියලා. ඒ කියන්නේ උගන්ඩාවේ ගිහින් ඔයාලට කෑමකට එන්න කීවොත් කන්න වෙන්නේ කෙසෙල් තමයි.

ලෝක කෙසෙල් නිෂ්පාදනය වැඩියෙන්ම සිදු කරන්නේ ඉන්දියාවේ. එය ප්‍රතිශතයක් ලෙස 28% වෙනවා. දෙවන තැන හිමිවන්නේ 10% නිපදවන චීනයටයි.

පළතුරු ගැන ලියවී ඇති ගීත වලින් වැඩිම ප්‍රමාණයක් ලියවී ඇත්තේ කෙසෙල් ගැනයි.

කෙසෙල් භාවිතයෙන් මේ වගේ පුදුම හිතෙන දේවලුත් කරන්න පුළුවන්.
කෙසෙල් ගෙඩියේ පොත්ත සමේ ආලේප කිරීමෙන් එහි ඇති තෙල් ගතිය නිසා මදුරුවන් දෂ්ට කිරීම වලක්වා ගන්න පුළුවන්.
කෙසෙල් පොත්ත පිළිස්සුනු හෝ සීරුණු තැන් වල ආලේපයෙන් වේදනාව අඩු කරන අතර තුවාලය ආසාදනය වීමද වලක්වනවා.

ඉන්නන් සිටින තැන් වල රාත්‍රියේ කෙසෙල් පොත්තේ ඇතුල් පැත්ත ඇතිල්ලීමෙන් හෝ එය ඉන්නා මත බැද තැබිමෙන් සති 2ක් පමණ වන විට ඉන්නා ඉවත් කරගැනීමේ හැකියාව තිබෙනවා.

ශරීරයේ කටුවක් ඇනී ඇති ස්ථානයක් මත කෙසෙල් පොත්තේ ඇතුල් පැත්ත බැද තැබිමෙන් එම කටුව ඉවත් කරගැනීමේ හැකියාව තිබෙනවා.

හිසකෙස් වල වියලි බව නැති කිරීමට කෙසෙල් ගෙඩි පොඩිකර ක්‍රීම් එකක් විදයට සාදාගෙන එයින් මේස හැදි එකකට මී පැණි මේස හැදි එකක් මිශ්‍රකර හිසකෙස් වල ආලේප කර උණුසුම් තුවායකින් ආවරණය කර පැයක් පමණ තබන්න.

හිස කැක්කුම නැති කර ගැනීමට කෙසෙල් පොත්තේ ඇතුල් පැත්ත නළල මත ආලේප කිරීමෙන් හැකිවෙනවා.
මීට අමතරව ලෙදර් සපත්තු පොලිෂ් කරන්නත්, රිදී භාණ්ඩ දිප්තිමත් කරගන්නත් කෙසෙල් පොත්ත භාවිතා කරන්න පුළුවන්.

කෙසෙල් වල රෝග සුවකරන ගුණයන්

දිනකට කෙසෙල් ගෙඩි 3ක් ආහාරයට ගැනීමෙන් මිනිත්තු 90ක් ශරීරය වෙහෙසා ක්‍රියා කිරීමට අවශ්‍ය උද්‍යයෝගය හා ශක්තිය ලබාදේ.

මෙය කෙදි බහුල ආහාරයක් නිසා ආහාර ජීර්ණ ක්‍රියාවලිය විදිමත් කර උදරය ආශ්‍රිත ගැටළු පාලනය කර මලබද්ධය පාලනය කරයි.

දිනකට කෙසෙල් ගෙඩි 3ක් පමණ ගැනීමෙන් ශරීරයට දිනකට අවශ්‍ය පොටෑසියම් ලැබී රුධිරය කැඩි ගැසීම වලක්වා මොලයට රුධිර ගමනය ක්‍රමවත් කරන අතර රුධිර පීඩනය පාලනයට සමත්වේ.

අධික ලුණු ගැනීම නිසා ඇතිවන අස්ථි දිරා යාම කෙසෙල් ආහාරයට ගැනීම තුලින් වලක්වා ගන්න පුළුවන්.

කෙසෙල් ආහාරයට ගැනීමෙන් මනස සැහැල්ලු කරන අතර එයින් මනස ප්‍රීතිමත්ව තබනවා. මේ නිසා මෙය විශාදයට පළියමක් ලෙසත් යොදා ගත හැක.

රාත්‍රියේ නින්ද නොයෑමේ ගැටළුවට පිළියමක් ලෙස කෙසෙල් ආහාරයට ගැනීම සුදුසු බව සොයාගෙන තිබෙනවා.
කෙසෙල් වල අධික යකඩ ප්‍රමාණයක් අඩංගු වෙනවා. එමගින් හිමොග්ලොබින් නිෂ්පාදන ක්‍රියාවලිය උත්තේජනය කරමින් රුධිර ගත යකඩ ප්‍රමාණය වැඩි කරන අතර එය ලේ අඩු වීමේ රෝගයට පිළියමක්.

වෙරි මත ගතිය ඉක්මනින් පහ කිරීමට කෙසෙල් ඉස්ම පානයෙන් හැකි වෙනවා. දුම් පානයට ඇබ්බැහි වීමටත් කෙසෙල් උදව් වෙනවා. කෙසෙල් ආහාරයට ගැනීමෙන් නිකොටින් වලින් ශරීරයට වන හානිය අවම කරනවා.
කෙසෙල් හොද විටමින් බී ප්‍රභවයක් නිසා ස්නායු පද්ධතියේ නිසි ක්‍රියාකාරීත්වයට උපකාරී වෙනවා.

යාළුවන්ටත් බලන්න SHARE කරන්න

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top