News

දිවියා මැරූ අයට දඬුවම් කරන්න තෙවරප්පෙරුම පෙරට එයි

දිවියකු මුගුරු වලින් පහර දී අමානුෂික ලෙස ඝාතනය කර එම සිරුරෙන්ද සතුටු වන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලය පුරා ගොස් තිබෙනවා

කිලිනොච්චි-අම්බාල්කුලම් ප්‍රදේශයෙදී දිවියෙකුට පහර දි ඝාතනය කිරිමේ සිද්ධියට සම්බන්ද පුද්ගලයින්ට දඬුවම් ලබා දෙන බව වන ජීවි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (21) රාත්‍රීයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය .

දිවියා ඝාතනය කළ සියලුම පුද්ගලයින්ට උපරිම නිතීමය ක්‍රියාමාර්ග ගැනිම සඳහා වන ජීවී අමාත්‍ය ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ද අවසර දුන් බව නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදි වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එම වීඩියෝව මෙතනින් නරඹන්න

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top