ලෝකය

ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත.

එය නම් කර ඇත්තේ kitty hawk නමිනි.

වඩාත් සාර්ථක අන්දමින් අත්හදා බලා ඇති මෙම පියාඹන මෝටර් රථය දැනට පර්යේෂණ ගමන් වාර 1500 ක් පමණ කර ඇත.

මෙම පියාඹන මෝටර් රථය ලිතියම් පොලිම්ර් බැටරියකින් පණ ගැන්වෙන අතර එය වරක් ආරෝපණය කළ පසු මිනිත්තු 20 ක කාලයක් පුරා රථය ධාවනය කළ හැකි බව එහි නිෂ්පාදකයෝ පවසති.

බර කිලෝග්‍රෑම් 100 ක් පමණ වන මෙම රථයට පැයට කිලෝමීටර් 40 ක හෙවත් පැයට සැතපුම් 25 ක වේගයකින් පියාසර කළ හැකිය.

මෙම පියාඹන මෝටර් රථය මෙහෙයවීම සඳහා ගුවන්යානා පැදවීමේ බලපත් අවශ්‍ය නොවන අතර පාරිභෝගිකයින්ට විනාඩියක කාලයක් ඇතුළත එය පදවන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකි බවත් නිෂ්පාදන සමාගම සඳහන් කර සිටී.

ඇමරිකාව තුළ මෙම පියාඹන මෝටර් රථය ධාවනය කිරීම සඳහා මේ වන විට අවසර ලැබී ඇති නමුත් එහි මිල මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති බව විදෙස් මාධ්‍ය  වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

 

ඩේලිමේල් ඇසුරෙනි

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top