හෝමාගම රෝහල තුළදී මියගිය බව කියන කාන්තාවක් මෝචරියට (මිනී කාමරයට) රැගෙන යැමේදී නැවත පණ ආ අපූරු පුවතක් පිළිබඳව වාර්තා වේ.

පසුගිය සතියේ 24 වැනි දින හෝ ඊට ආසන්න දිනයක මත්තෙගොඩ කිරිගම්පමුණුව ප්‍රදේශයේ 40 හැවිරිදි දෙදරු මවක් උදරයේ ආබාධයක් හේතුකොට ගෙන හෝමාගම රෝහලට ඇතුළත් කර තිබිණි.
එහිදී වෛද්‍යවරු විසින් එම රෝගී කාන්තාව පරීක්‍ෂා කර බලා අනතුරුව හෙදියක් විසින් රෝගියාට එන්නතක් ලබාදී තිබිණි. ඉන් පසු රෝගී කාන්තාව සිහිසුන්වී ඇති අතර නිමේෂයකින් වෛද්‍යවරු පවසා තිබුණේ එම රෝගී කාන්තාව මියගොස් ඇති බවයි.
ඉන් අනතුරුව එම කාන්තාව මියගිය පුවත රෝහලේ සිටි ඥතීන් ඔවුන්ගේ සෙසු ඥතීන්ටද සැලකර තිබිණි. මෙසේ සියල්ල සිදුවූ අතර සාමාන්‍යයෙන් මියගිය රෝගියකු මෝචරියට දැමීමට පෙර පැයක් හෝ ඊට වැඩි වේලාවක් රෝගී ඇඳමත තබන අතර මෙම කාන්තාවද එලෙස තබා අනතුරුව මෝචරිය වෙත ට්‍රොලියක ආධාරයෙන් රැගෙන යැමේදී මියගියා යෑයි වෛද්‍යවරු පැවසූ කාන්තාවගේ පාදයක් සෙලවෙනු දැක ඇයගේ ඥති සහෝදරියක් කෑගසා මෝචරියට දමන එක වළක්‌වා ඇත.
අනතුරුව එම රෝගියා ඥතීන්ගේ භාරයට ගෙන නිවසට කැටුව ගොස් පෞද්ගලික ප්‍රතිකාර සඳහා මේ වන විට යොමුකර ඇති බවත් ඇයගේ තත්ත්වය එතරම් සතුටුදායක නොවන බවත් ඥතීහු පවසති.
හෝමාගම රෝහලේ ඇතැම් වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්‌ඩලයන්හි වගකීමකින් තොර ක්‍රියාකලාපය ගැන ප්‍රදේශයේ ජනතාව දැඩි නොසතුට පළකරති.
ඔරුවල – සරත් ද සිල්වා
උපුටා ගැනීම දිවයින