ලෝකය

මිනී මරන්නට බාධා නැති මරණයේ කලාපය

ඒ මරණයේ කලාපයයි. මිනීමරුවෙකුට නීතියේ රැහැනට අසු නොවී අංග සම්පූර්ණ අපරාධයක්‌ කළ හැකි ස්‌ථානයයි. මේ බිහිසුණු මරණයේ කලාපය ඇත්තේ මිහිපිට ඇති සුන්දරතම උද්‍යානයකය. ඒ ඇමරිකාවේ යෙලෝස්‌ටෝන් ජාතික වනෝද්‍යානය තුළය.

Image result for Zone of death

මේ සුන්දර වනෝද්‍යානයේ එක්‌ කොටසක්‌ නීතියෙන් කිසිවෙකුට අයත් නොවන, අපරාධකරුවන් හට නිදහසේ තමන් කැමති දෙයක්‌ කරන්නට හැකි බිමකි. මේ අරුම පුදුම අපරාධ නිජබිම හඳුනාගෙන දැනට වසර දහයක්‌ පමණ ගෙවී ගොස්‌ ඇතත් අදද එය එවැනිම බිහිසුණු කලාපයකි.

‘මරණයේ කලාපය’ හෙවත් යෙලෝස්‌ටෝන් ජාතික වනෝද්‍යානයේ කෙළවර වර්ග සැතපුම් පනහක පමණ වපසරිය ඇති පාළු ප්‍රදේශය මුලින්ම හඳුනා ගත්තේ මහාචාර්ය බ්‍රයන් කල්ට්‌ විසිනි. මිචිගන් ප්‍රාන්තයේ නීති මහාචාර්යවරයෙකු වූ බ්‍රයන් කල්ට්‌ 2005 වසරේදී නීති සඟරාවකට ලිපියක්‌ ලීවේය. ඔහුගේ මේ ලිපියට දැවැන්ත මහජන ප්‍රතිචාරයක්‌ ලැබිණ. ‘අංග සම්පූර්ණ අපරාධයක්‌ කොට නීතියෙන් බේරී සිටින්නේ කෙසේද.?’ යන්න ඔහුගේ ලිපියේ මාතෘකාව වීය.

Image result for Zone of death

මහාචාර්ය කල්ට්‌ගේ ලිපියට අනුව ‘පරිපූර්ණ අපරාධයක්‌’ කිරීමට නම් අපරාධකරුවෙකු විසින් තෝරාගත යුතු ස්‌ථානය වනුයේ ඇමරිකාවේ ප්‍රකට ස්‌වභාවික ජාතික උද්‍යානයක්‌ වූ යෙලෝස්‌ටෝන් ජාතික වනෝද්‍යානයයි. එහි ඇති මරණයේ කලාපය කිසිදු නීතියකට අයත් නොවන අපරාධ ක්‌ෂේම භූමියකි. මනුෂ්‍ය ඝාතනයක්‌ පවා සිදු කොට නීතියට අභියෝග කරන්නට හැකි ස්‌ථානයකි.

dead1

යෙලෝස්‌ටෝන් ජාතික වනෝද්‍යානයේ වැඩි කොටස අයත් වෙන්නේ ව්යෝමින්ග් ප්‍රාන්තයටය. උද්‍යානයේ උතුරු හා බටහිර කොටස්‌ පැතිරී පවතින්නේ ව්යෝමින්ග් ප්‍රාන්තයටම යාබද මොන්ටානා සහ අයිඩහෝ ප්‍රාන්තයන්ටය. නිසි ලෙස කෙටුම්පත් නොකරන ලද ඇමරිකානු ව්‍යවස්‌ථාවේ හය වන වගන්තියට ස්‌තුති වන්නට අපරාධකරුවන්ගේ වාසනාව රැඳී ඇත්තේ මේ කොටසේය.

යෙලෝස්‌ටෝන් උද්‍යානයේ වැඩි කොටස අයත් වන්නේ ව්යෝමින්ග් ප්‍රාන්තයට වන බැවින් මේ මුළු උද්‍යානයටම බල පවත්නේ ව්යෝමින්ග් ප්‍රාන්තයට අයත් ෆෙඩරල් අධිකරණයේ පාලනයයි.

Image result for Zone of death

ඇමරිකානු ව්‍යවස්‌ථාවේ හය වන වගන්තියට අනුව යම් සැකකරුවෙකුව අපරාධය සිදු කරන ලද ප්‍රාන්තයේ සහ දිස්‌ත්‍රික්‌කයේ ජූරි සභාවන් වෙත ඉදිරිපත් කළ යුතුය.

එහෙත් යෙලෝස්‌ටෝන් උද්‍යානයට අයත් අයිඩහෝ වන බිම මුළුමනින්ම ජන ශුන්‍ය වෙයි. අයිඩහෝ ප්‍රාන්තයට අයත් වන බිමෙහි යම් අපරාධයක්‌ සිදුවුණු විට ඒ අපරාධකරුව ව්යෝමින්ග් ප්‍රාන්ත අධිකරණයට ඉදිරිපත් කරන්නට නොහැකිය. ඇමරිකානු ව්‍යවස්‌ථාවට අනුව අපරාධ නඩු විභාගය පැවැත්විය යුත්තේ අපරාධය සිදුවුණු ප්‍රාන්තයේ අධිකරණය මගිනි.

එනිසා තමාව අයිඩහෝ අධිකරණය වෙත ඉදිරිපත් කරන්නැයි අපරාධකරුට තර්ක කරන්නට හැකිය. අයිඩහෝ අධිකරණය වෙත ඉදිරිපත් කෙරෙන අපරාධකරුට නැවතත් තම නිදහස වෙනුවෙන් ඇමරිකානු ව්‍යවස්‌ථාවේ හය වැනි වගන්තිය යොදා ගැනීමේ හැකියාව ඇත. සැකකරුවෙකු නඩු විභාගයට ඉදිරිපත් කළ යුත්තේ අපරාධය සිදුවූ ප්‍රාන්තයේ සහ දිස්‌ත්‍රික්‌කයේ ජූරි සභාවන් ඉදිරිපිටදීය යෑයි හය වන වගන්තියේ සදහන්ව ඇති අතර මුලු යෙලෝස්‌ටෝන් උද්‍යානයම අයත් වනුයේ ව්යෝමින්ග් ෆෙඩරල් දිස්‌ත්‍රික්‌කයටය.

Related image

එසේ වූ විට යෙලෝස්‌ටෝන් උද්‍යානයේ අයිඩහෝ ප්‍රාන්තයට අයත් කොටසේදී කරන ලද අපරාධයකට ව්‍යවස්‌ථාවේ හය වන වගන්තියේ ඇති අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන්නට නම් දිස්‌ත්‍රික්‌ ජූරි සභාව තෝරාගත යුත්තේ උද්‍යානයේ අයිඩහෝ කොටසට අයත් ප්‍රදේශයේ සීමාවට ඇතුළතිනි. එහෙත් මෙම උද්‍යානයේ ඒ ප්‍රදේශයට අයත් කොටස මුළුමනින්ම ජන ශුන්‍ය බැවින් එය කරන්නට ද නොහැකිය. එනිසා අපරාධකරුවාට නිදහස ලබන්නට එයම ප්‍රමාණවත්ය.

“මේ ප්‍රශ්නය ඇති වෙන්නට හේතුව පිළිවෙළක්‌ නැති අධිකරණ සීමා මායිම්..” මහාචාර්ය කල්ට්‌ පවසයි. “මේ සීමාවන් පිළිවෙලක්‌ කරන්නට ප්‍රාන්ත කොන්ග්‍රසයට උවමනාවක්‌ නෑ. වොෂින්ටනයේදී මෙවැනි නීතියක්‌ සම්මත කරගැනීම ඉතාම අසීරු කාර්යයක්‌. එනිසා මේ ප්‍රදේශය තුළ අපරාධ සිදුවීමේ දැඩි අවදානමක්‌ තිබෙනවා..” මේ හෙළිදරව්වත් සමගම මහාචාර්ය කල්ට්‌ එක්‌

රැයකින් ජනප්‍රිය වූයේය. මේ කලාපය පිළිබඳව හොලිවුඩ් චිත්‍රපටයක්‌ද, පොත් රැසක්‌ද නිර්මාණය විය.

මේ දැවැන්ත මහජන අවධානය ඒ ගැටලුව විසදීම කෙරේ යම් යම් බලපෑම් සිදු කළද, මේ සියලු උත්සාහයන් ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් යටපත් කරන ලදැයි පැවසෙයි.

Image result for Zone of death

තමාගේ මේ හෙළිදරව්වෙන් අපරාධකරුවන්ට යම් ධෛර්යයක්‌ ලැබේදැයි විටෙක මහාචාර්ය කල්ට්‌ සැක පළ කරයි.

“මා මේ කියන නීතියේ කුරුබිලිය ගැටලුවක්‌ වන බව වගකිව යුතු අංශ වලින් පිළිගත්තත් නැතත්, මගේ මේ ලිපිය අපරාධකරුවන්ට උත්තේජනයක්‌ නොවනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.” මහාචාර්ය කල්ට්‌ තම ලිපියෙහි සදහන් කර ඇත. “¨අපරාධ මෙන්ම ව්‍යවස්‌ථාව උල්ලංඝනය කිරීමත් හොද දෙයක්‌ නෙවෙයි. මගේ ජීවිත කාලය තුළ හෝ එයින් මතු යම් දිනයක මේ නීතියේ කුරුබිලිය වසා දමන්නට වගකිවයුතු අංශ විසින් කටයුතු කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.”

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top